එජාප-ශ්‍රීලනිප පිපිරීමක් අත ලග.. නායකයන් රහසේ වෙනම කදවුරු බදිති.. අගමැති වහා මෛත්‍රී හිතවතකු සොයා රාත්‍රියේම ඔහුගේ නිල නිවසට..
November 27, 2016 at 7:06 am | lanka C news
මතුවී එන ගැටලු හමුවේ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් වෙන වෙනම තම තනතුරැ රැක ගැනීමේ සීතල යුද්ධයකට අවතීර්න වි ඇති බව ඉතා විශ්වාස කටයුතු මාර්ගයක් සදහන් කරයි.
ශ්‍රීලනිප මෛත්‍රී කණ්ඩායමේ ඉල්ලීම වී ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තනතුරින් පහ කොට ශ්‍රිලනිප හෝ එජාපයෙන් අගමැති කෙනෙක් පත්කල යුතුය යන්නයි. එවිට මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඇතිව තිබෙන අප්‍රසාදය මැඩලීමට ජනාධිපතිවරයාට පියවර ගතහැකි බවත් ඒ හරහා රජයේ අවංකභාවය රැකෙන බවත් ශ්‍රිලනිප මෛත්‍රී පාර්ශවයේ අදහසයි. එසේ වුවහොත් දැනට මහින්ද රාජපක්ෂ සමඟ සිටින පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් විශාල ප්‍රමාණයක් ඒ තීරණය සමඟ ජනාධිපති මෛත්‍රීපාල සමග එකතුකර ගැනීමට ලෙහෙසියෙන් හැකි බව කන්ද උඩරට නියෝජනය කරන ඒකාබද්ද විපපක්ෂ මන්ත්‍රීවරයෙකු හා මෛත්‍රී පාර්ශවය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයකු ඇති පිරිසකගෙන් සමන්විත කණ්ඩායමේ මතය වී ඇත. එමෙන්ම එජාපයේ සිටින මෛත්‍රී හිතවාදීන්ගේද සහයෝගය ඒ සඳහා ලබාගත හැකි බවටත් මෛත්‍රී පාර්ශවය විශ්වාස කරයි.
එහෙත් මෛත්‍රී පාර්ශ්වයේ තවත් කණ්ඩායමක කිහිපදෙනකුගේම අදහස එය හිතන තරම් පහසු කාර්යක් නොවන අතර මොනව හේතුවක් නිසාවත් මහින්ද රාජපක්ෂ අතහැර පොදු විපක්ෂයේ මන්ත්‍රීන් සියලුදෙනා පැමිණීම විශ්වාස කිරීමට අපහසු බවය.
මේ අතර මෙකී රහස් සාකච්චා ගැන ආරංචි වූ අගමැති රනිල් වික්‍රමසිංහ මේ රජය බලයට ගෙන ඒමට විශාල වැඩකොටසක් කල දේශපාලන බලවතකු මෙන්ම අමාත්‍යවරයෙකු හා මෛත්‍රී හිතවතකු මුණගැසීමට ඔහුගේ නිල නිවසට පසුගිය රාත්‍රියක ගොස් ඔහුට ආරාධනා කොට ඇත්තේ වහාම තම පක්ෂයට බැදී නායකයාට අමතරව තිබෙන ඕනම තනතුරක් ලබාගෙන එජාපයත් සහ එහි නායකත්වයත් විනාශ වීමට ගන්නා මෙම තීරණය පරාජය ඛිරීමට සහාය දෙන ලෙසයි.
එහෙත් එකී අමාත්‍යවරයාගේ මතය වී ඇත්තේ මේ අවස්ථාවේ සමහර බලවේග ජනාධිපති මෛත්‍රී නොයෙකුත් තීරණයන් සඳහා පොලොබවන බැවින් තමා අගමැතිගේ ඉල්ලීම ඉටු කිරීමට වඩා මේ අවස්ථාවේ රජය ආරක්ෂා කිරීමට නම් ජනාධිපතිවරයාගේ ලග සිටිය යුතු බවය.
එමෙන්ම ඒකාබද්ද විපක්ෂ පිරිසක් සමග සාකච්චා පවත්වන මෛත්‍රී පාර්ශව කණ්ඩායමේ මතය වී ඇත්තේ දිනෙන් දින කල් ගතවීමෙන් ශ්රීලනි පක්ෂය එකතු කර මෛත්‍රී ජනාධිපතිගේ නායකත්වය යටතේ තබාගැනීමට ගන්නා උත්සහය ඉදිරියේදී ඉතා දුෂ්කර වන බවත් වැඩිකල් මේ ආකාරයෙන් යෑමට බැරි බවත් දැනට තනතුරු ගත් සමහර ඇමතිවරුන් පවා මොනයම් අවස්ථාවක හෝ එය අතහැර මහින්ද පාර්ශවය සමඟ එකතුවීමට ඇති ඉඩ කඩ වැඩි බවත්ය.
මේ සම්බන්ධයෙන් තවත් පාර්ශ්වයක් මෛත්‍රී ජනාධිපතිවරයාට පවසා ඇත්තේ අපේ අය ඇමතිකම් අරන් කොළඹට වී ජොලියේ ඉන්නා බවත් මේ වනවිටත් මහින්ද පාර්ශවය වෙනුවෙන් අවශ්‍ය දේශපාලන වැඩපිළිවෙළ බැසිල් රාජපක්ෂ විසින් ඉතා උපායශීලීව හා සාර්ථකව ගම් මට්ටමේ කරගෙන යන බවත්, මේ විදියට ගියොත් අනාගතයේදි අපේ කණ්ඩායමට මහින්දගේ ලකුණෙන් ඡන්දය ඉල්ලන්න වෙන බවත්ය. එහිදි මෛත්‍රී ජනාධිපතිවරයාට තරමක් කේන්ති ගිය අතර අවසානයේ ඔහුද ‘අපේ කට්ටිය ගමට බැහලා කිසි දෙයක් කරන්නේ නැ’ කියමින් අප්‍රසාදය ඒ සම්බන්ධයෙන් පෙන්වා ඇත.
බැහැපල්ලකො ගමට!
මෙදා තමයි මෛත්‍රීට පාඩම උගන්වන්නෙ!!
රොටිය කරවෙලා..අහෝ ඛේදයකි…
තැටිය රත්වෙලා, රොටිය කරවෙන දිනය ජනවාරියෙ. සොබිත සාදු ඔහු එනතුරු බලාසිටී., සොබිත සාදුත් රැවැටු දෙපත් නයා. ජනවාරියේ කම්බස්
Hope very soon these Yama Palakas would see the stars!
President & Prime Minister please resign and go home
උතුරේ මිනීමරු පිරපාකරන් යක්ෂයාගේ හෝරාව පටන් අරන් ..සිරිසේන මොකද්ද මේ කරන්නේ ? නිදිද ? අපේ රට ජාතියට වින නොකර කරුණාකර ඉල්ලා අස්වන්න උතුරේ TNA කොටි කියන දේවල් ඔබට ඇසෙන්නේ නැද්ද ? උතුරේ දෙමළ සංහිදියාව නැවත දෙමල ත්‍රස්තවාදය පතුරවනවා ඔබට නොපෙනෙන්නේ මන්ද ? අපේ රට නැවත විනාශ නොකර ජනපති ධුරයෙන් ඉවත් වන්න ..පාර්ලිමේන්තුව විසුරුවා හරින්න
කවුරුවත් මෙයාගේ උගුල්වලට අහුවෙන්න එපා මෙවා මෙ ඉරනම වෙනස් කරගන්න කරන ඩබල් ගේමි විතරයි
Don’t spill lies Hounds of Untruth
ජනපති පප්පා මේ කරන්නෙ මහජනතාව ගොනාට ඇන්දවීම සඳහා කරන මාද්‍ය සන්දර්ශන.
මුන් දෙන්නම (Ranila and Sira) දන්නව උන් දෙන්නම බලයෙ ඉන්නෙ එකට ඉන්නකම් විතරයි කියල.
රැවැටෙන්න එපා පුතේ මූගේ ඩබොල් ගේමි වලට ඔය අර අපලෙන් බෙරෙන්න කියන දේවල් නේ!