එජාප-ශ‍්‍රීලනිප මධුසමය අවසන්.. ඇතුලේ අවුල එලියට පනී.. ජනපතිගෙන් දැඩි ප‍්‍රහාරයක්.. [Video]

October 13, 2016 at 12:01 am | lanka C news
එජාප-ශ‍්‍රීලනිප මධුසමය අවසන්.. ඇතුලේ අවුල එලියට පනී.. ජනපතිගෙන් දැඩි ප‍්‍රහාරයක්.. [Video]

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙක් උසාවියට දක්කාගෙන යාම ගැන තමන් දැඩි විරෝධය පල කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මසහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ කොළඹ පදනම් ආයතනයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

උත්සවය අමතමින් ජනාධිපතිවරයා තව දුරටත් කියා සිටියේ FCID, CID හා අල්ලස් කොමිසම දේශපාලන න්‍යාය පත්‍ර මත කටයුතු කරන්නේ නම් තමන් ඊට එරෙහිව දැඩි තීන්දු ගන්නා බවයි.

මේ ආයතනයන් තුනම ක‍්‍රියාත්මන වන්නේ එක්සත් ජාතින පක්‍ෂ ඇමතිවරුන් යටතේ වන අතර ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශයක් සමග එජාප-ශ‍්‍රීලනිප දේශපාලන අවුල පුපුරා යාම ආසන්න තත්වයක පවතී.

37 views

37 Comments to “එජාප-ශ‍්‍රීලනිප මධුසමය අවසන්.. ඇතුලේ අවුල එලියට පනී.. ජනපතිගෙන් දැඩි ප‍්‍රහාරයක්.. [Video]”

  1. palle says:

    Wrong timing.. With his son’s thuggery behaviour, Ranil has all the trumps in his hand now.

  2. sidu says:

    ————- වටිනාකම් සහ මිළ—————–
    චීනය ලෝක යුධ ශක්තියේ බලවතෙකි…..
    එය අහසින් පාත්වූ වාසනාවක් නොවේ…
    මාවෝ සේතුංලාගේ සිට බිදෙන් බිද…..
    ලෝකයේ සමහර වටිනා ද්‍රව්‍ය…..
    ලෝකයේ සමහර වටිනා දැණුම…
    ලෝකයේ සමහර වටිනා අත්දැකීම්….
    කල්පනාකාරීව චීන පොළව ගැන සිතා…
    එක් රැස්කරමින් පවත්වාගනිමින් අත්හදා බලමින් …
    ආ අති දුෂ්කර ගමනක ප්‍රතිපළයකි….
    චීන ආරක්ෂක සමුළුවක් යනු …….
    ලෝකයේ හෙට දවසේචීනය අභියෝගයක් වෙතැයි…..
    හිතන අදහන රටක ඇස් යොමුවෙන්නකි….
    ඒ සමුළුවේ ගෝථාභය නම් මිනිසෙක්…..
    සමුළුව ඇමතීමට තෝරා ගෙන තිබෙනවා….
    චීනයට පිස්සුද……. නැත්නම් සල්ලි දීලා ගිහින්ද ???
    අපට තවමත් ජාතියක් ලෙස වටිනා දේ තොරා ගැනීමට..
    නොහැකිවීමේ කාලකන්ණිභාවය තිබුනට….
    චීණයට තමන්ට අවශ්‍ය හොදම දේ තෝරා ගන්න
    දැක්ම චින්තනය තිබෙනවා….
    අපි සෑම දෙයකම මිළ දන්නා ජාතියක්…
    ඒත් කිසිදේක වටිනාකම නොදත් ජාතියක්…
    කොමිනුයුස්ට්වාදයෙන් එලියට ඇවිත්….
    චීනාලෝකය අල්ලගත්තේ වටිනාකම් දන්න නිසාත්…
    අපි සිංගප්පූරු හීන දකින්නේ….
    මිළ විතරක් දන්න ..
    නිසාත්ය..
    ———— නුවන් මොණරවිළ——–
    https://www.facebook.com/SriAvTvNetwork

  3. hiru says:

    Be carefully this “Dog” is again acting on behalf of UNP.

  4. දිසානායක says:

    මේවට අහුවෙන්න එපා.ඡන්දෙ ලන් වෙද්දි මේව කරල පෙන්නන්න හදන්නෙ යූඑන්පී සහ ශ්‍රීලංකා පක්ෂ වෙනම මතයක ඉන්නව කියල.නැවත වතාවක් ජනතාව අන්දවන්න හදන්නෙ.දැන් ජනපති වැඩ කරන්නෙ ස්වාධිනවයි,රනිල්ට ඕන දේවල් කරන්න බෑ,සැබෑ නිදහස් පක්ෂය දැන් ජනපති අතේ කියප හිටං කෑ මොරදෙයි සිරාගෙ සට්ටැඹියොටික දැන් ලගදිම බලාපල්ලකො ඕන්.මමනම් හිතන්නෙ ඔය දහම් කොලුවගෙ නයිට් කලබ් හුටපටෙත් ඔකෙම එක් පරිච්ඡේදයක් විතරයි.රැවටෙන්න එපා මේ වතාවෙනම්

  5. රන්බණ්ඩා says:

    සිරිසේනම කියන විදියට, මිනිහා දන්නෙ නැහැ රටේ ලෝකෙ වෙන්නෙ මොනවද කියලවත්.
    අපේ සිංහල ගොන්තඩියන්ට දැං හොඳටෝම සතුටු ඇති තමුන් කොරගත්තු වෙනස කොච්චර සැපද කියලා බොලං.
    හැබෑට, රටේ ප්‍රධාන නායකයා විදියට, තමන්ට ජනතාව ඉදිරියේ කියන්න පුළුවන්ද බොලං කටක් ඇරලා තමන් මොනම දෙයක් ගැන හරි දන්නෙ නැහැ කියලා?
    මොකද, නීතිය ඉදිරියේදීවත් පිළිගන්නෙ නැහැ තමන්ට ගැලවෙන්නට ඒක නිදහසට කාරණාවක්ය කියලා බොලං.
    ඇත්තම කියනවානම්, රනිල්-චන්ද්‍රිකා-මංගල කියන කැණහිල්ලු ටික එකතු වෙලා, මේ මනුස්සයාව ජනාධිපති පුටුවෙ ඉන්ඳනකම්ම, මේ මනුස්සයාම දන්නෙත් නැහැනේ බොලං එහෙම දෙයක් වුනාය කියලා.
    ඉතිං, මුන් රැළ කියන විදියටම, රාජපක්ෂ රෙජිමයත් එක්ක මුන්ගෙ තියෙන බද්ධ වෛරයත් ක්‍රොධයත් හින්දා, මුන් කියන කොරන කිසිම දෙයක අගක් මුලක් නැහැ කියන එකතමයි දැන් රටේ ජනතාවට ඒත්තු ගිහින් තියෙන්නෙ බොලං.
    තව දෙයක් මේ ගැන කියන්න වෙනවා බොලං.
    සමහරවිට මේ මනුස්සයා කියන දේ එක්තරා ප්‍රමාණයකට සත්‍යය වෙන්නත් පුළුවන්.
    මොකද මෙයා හැම දෙයක් ගැනම දැනගන්නෙ පත්තරෙන්ලුනෙ.
    ඉතිං, ඔය මැදුරෙ රේඩියෝවක්වත්, ටෙලිවිෂනයක්වත් නැතිව ඇති බොලං.
    මෙයා හරිම සරල ගොවියෙක්ලුනෙ, ගමේ ගොවියා වඩාත් ප්‍රිය කොරන්නෙ පත්තරයක් බලන්නනෙ.
    ඉතිං, ප්‍රශ්නෙ තියෙන්නෙ මෙතන තමයි බොලං.
    අද දවසෙ වුණු දේවල් වල විස්තර ගැන පත්තරේ වැටෙන්නෙ හෙටනෙ බොලං.
    ඉතිං ආරක්ෂක ලේකම් හරි මොකා හරි හිරකූඩුවෙ දැම්මත්, ඒ ගැන දැනගන්න වෙන්නෙ මෙයාට හෙටනෙ බොලං.
    ඇත්ත නේන්නම්….තේරුනා බොලං…..අපිට තේරුනා වෙනසෙ රඟ.

  6. rupe says:

    මේ “එට්කා” තල්ලු කරගන්න ජනතා අවධානය ගන්න කරන දෙයක් වගෙයි.

  7. වම එක්වෙමු says:

    මධු සමය අවසන් නම් . යහ පාලන මන්ද බුද්ධික ආබාධිත දරුවා ට මොක්ද කරන්නේ. ජනාධිපති තුමනි, UNP යටම බාර දීල වන්දියක් ගෙවන්න ඉදිරි අවුරුදු 3ට.

  8. Boo says:

    Great analysis !

  9. Dhathusena says:

    වැරදීමකින් වුවද බළලා මල්ලෙන් එලියට පැන ඇත…..එහෙත් නැවත නැවතත් මොහුව විශ්වාස කිරීමට තරම් රටේ ජනතාව මෝඩ නොවනු ඇතැයි සිතමි.මොහු ජනතාවගේ ඇසට වැලි ගැසූ ප්‍රථම වතාව මෙය නෙමෙයි….

Main News