එජාප-ශ‍්‍රීලනිප මධුසමය අවසන්.. ඇතුලේ අවුල එලියට පනී.. ජනපතිගෙන් දැඩි ප‍්‍රහාරයක්.. [Video]

October 13, 2016 at 12:01 am | lanka C news
එජාප-ශ‍්‍රීලනිප මධුසමය අවසන්.. ඇතුලේ අවුල එලියට පනී.. ජනපතිගෙන් දැඩි ප‍්‍රහාරයක්.. [Video]

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙක් උසාවියට දක්කාගෙන යාම ගැන තමන් දැඩි විරෝධය පල කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මසහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ කොළඹ පදනම් ආයතනයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

උත්සවය අමතමින් ජනාධිපතිවරයා තව දුරටත් කියා සිටියේ FCID, CID හා අල්ලස් කොමිසම දේශපාලන න්‍යාය පත්‍ර මත කටයුතු කරන්නේ නම් තමන් ඊට එරෙහිව දැඩි තීන්දු ගන්නා බවයි.

මේ ආයතනයන් තුනම ක‍්‍රියාත්මන වන්නේ එක්සත් ජාතින පක්‍ෂ ඇමතිවරුන් යටතේ වන අතර ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශයක් සමග එජාප-ශ‍්‍රීලනිප දේශපාලන අවුල පුපුරා යාම ආසන්න තත්වයක පවතී.

160 views