එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩු ගිවිසුම ලබන සතියෙන් අවසන්.. තවත් දිර්ඝ කරනවා ද නැද්ද එජාපය අද තීරණය කරයි..

August 17, 2017 at 12:40 pm | lanka C news
එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩු ගිවිසුම ලබන සතියෙන් අවසන්.. තවත් දිර්ඝ කරනවා ද නැද්ද එජාපය අද තීරණය කරයි..

අද රැස්වන ඇති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලලෙදි වර්තමාන ජාතික ආණ්ඩුව තුල තවදුරටත් රැදි සිට එය තවත් කාලයකට දීර්ඝ කරනවා ද නැද්ද යන්න තීරණය කරන බව සිරිකොත අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. තව සතියකින් කල් ඉකුත් වීමට නියතමිව ඇති 2017 අගෝස්තු මස 21 වෙනිදාට එජාප+ශ්‍රිලනිප ජාතික ආණ්ඩුව මේ වනවිට වසර දෙකක් එක්ව රට පාලනය කොට ඇත.

2015 අගෝස්තු මස 21 වෙනිදා රටේ විධායක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අගමැතිවරයාගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදි එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එම පක්ෂයේ මහා ලේකම් කබිර් හසීම් සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දුමින්ද දිසානායක යන මහත්වරුන් අත්සන් කරන ලදි.

එසේ වසර දෙකක් සඳහා ජාතික ආණ්ඩුවක් බිහිකිරීමට 2015 අගෝස්තු මස 21 වෙනිදා මෙරටේ ප්‍රධාන පක්ෂ දෙක ගිවිසගත් අතර අවශ්‍ය නම් එය දීර්ඝ කිරීමට එම ගිවිසුම මගින් අවකාශ සලසා ඇත. එසේ නැවත දීර්ඝ කරන්නේ නම් මේ අගෝස්තු 21 වෙනිදාට ( තව සතියකින්) හෝ ඊට පෙර අලුත් ගිවිසුමක් පක්ෂ දෙකේ මහා ලේකම්වරුන් තවත් නිශ්චිත කාලයක් සඳහා අත්සන් කල යුතුය.

23 views

4 Comments to “එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩු ගිවිසුම ලබන සතියෙන් අවසන්.. තවත් දිර්ඝ කරනවා ද නැද්ද එජාපය අද තීරණය කරයි..”

  1. kalawana says:

    Ane thawa deeergakarapalla. thawa tikak thiyanawa.. ekath kaala ratama ewara karapalla.

  2. රාහුල කොලුවා says:

    මේ පක්ෂ දෙකටම දැන් අංශ භාගේ හැදිලා.. පක්ෂ දෙකේම පැත්තක් පණ නෑ… ඉතින් තනියෙන් කෙලින් හිට ගන්න පක්ෂ දෙකටම බෑ.. හිට ගන්න නං කිහිලි කරුවක් ඕනේ.. ඒ කිහිලි කරුව තමයි ගිවිසුම.. ඉතින් ගිවිසුම නොගහ කෙලින් හිට ගන්න අමාරු හින්දා අළුත් ගිවිසුමක් ගහන්න වෙනවා…

  3. Sathya says:

    Thawa kaapan.

  4. කබර හසීම් says:

    අපේ ලොක්කා ගලේ පහරපු කක්කා වහ ගන්න නම් කෝම හරි ගිවිෂුම අලුත් කොරගෙන ජහ පාලානේ ඉදිරියට ගෙන යාන්ඩ ඕනා.

Main News