එජාප-ශ්‍රීලනිප හවුල් ආණ්ඩුව 2025 දක්වාම.. ප්‍රතිපත්ති ප්රකාශණය සදුදා..
September 2, 2017 at 4:40 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එජාප ශ්‍රීලනිප රජයේ ” 2025 පොහොසත් රටක්” අනිද්දා එනම් සැප්තැම්බර් 4 වෙනි සඳුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදි එලිදක්වන බව එජාපයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කල බව අද ලංකාදීප පුවත්පත වාර්තා කොට ඇත.
එජාපයේ නායකයාගේ එම ප්‍රකාශය අනුව පැහැදිලිවනුයේ වර්තමාන ශ්‍රීලංකා නිදහස් පක්ෂය 2025 දි එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ගමනක් යෑමට පක්ෂ දේකේම නායකත්වය මේ වනවිටත් එකඟතාවයකට පැමිණ ඇති බවයි.