එජාප-ශ්රීලනිප හවුල් ආණ්ඩුවේ කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කෙරේ…
June 4, 2017 at 1:20 pm | lanka C news
ශ්රීලනිපය හා එජාපය අතර හවුල් ආණ්ඩුවේ වසර දෙකක ගිවිසුම් කාලය අගෝස්තු මාසයෙන් අවසන් වීමත් සමග එම කාලය තවත් වසර දෙකකින් දිගු කරමින් නව අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට දෙපාර්ශවය තීරණය කර ඇත.
ඇමති මහින්ද අමරවීර මහතා පවසන්නේ මේ සඳහා මූලික සාකච්ඡා දැන් ආරම්භ කර ඇති බවයි.
වසර දෙකකට අත්සන් කල එකගතා ගිවිසුමේ ඇතැම් කරුණු එම කාලයේදී ඉටු කර ගැනීමට නොහැකි වූ නිසා නව ගිවිසුමක් අත්සන් කරන බවද ඔහු පැවසීය.