එජාප සංවිධායකයන් සිටියදී සජිත් පිල වෙනම ආසන සංවිධායකයන් පත් කරයි..
January 5, 2019 at 3:50 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ බෙලිඅත්ත ආසනයේ සංවිධායකවරයෙකු පත් කර තිබියදි නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ගේ උපදේශකයකුද සංවිධායකයෙකු ලෙස කටයුතු කරමින් සිටී.
ඒ අනුව සජිත් පේ‍්‍රමදාස මහතාගේ උපදේශක සහන් කිරින්ද ගේ තමන් බෙලිඅත්ත ආසනයේ සංවිධායකවරයා ලෙස හදුන්වා ගනිමින් ඊයේ (04) දිනයේ ආසන කාර්යාලයක් විවෘත කර ඇත.
මෙම නව කාර්යාලය විවුර්ත කිරිමේ අවස්ථාවට ඇමති සජිත් ප්‍රේමදාස හා රාජ්‍ය ඇමති දිලිප් වෙදාආරච්ච් සහාබාගි වී ඇත.
කෙසේ වෙතත් බෙලිඅත්ත ආසනයට එජාපය විසින් පත් කර ඇති සංවිධායකවරයා වන අතුල සේනාරත්න මහතා තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් තමා තවමත් බෙලිඅත්ත ආසනයේ සංවිධායකවරයා බව පවසා සිටී.
ටික කාලයක් අගමැතිවරු දෙදෙනෙක් හිටිය…..
තව ටික කලක් විපක්ෂ නායකතුමන්ලා දෙදෙනෙක් හිටිය…
දැන් එකම ආසනයකට ආසන සංවිධායක වරුත් දෙදෙනෙක් ඉන්නවා….
හා..හා..හා…..!
Does Kirinda belong to Beliatta or Tissamaharama electorate (seat)? Can someone clarify pls. Thanks
කිරින්ද මන්ද මලයො මේ යන විදියට මුංගෙ කිරිපල්ල නම් බෙලිඅත්තෙ රැදෙන්න ඉඩ තියෙනවා!.