එජාප-සජබ මන්ත්‍රිවරුන් අටක් ආධාරකරුවන් දහසක් සමගින් පොහොට්ටුවට එක්වෙති..

June 30, 2020 at 1:20 pm | lanka C news
එජාප-සජබ මන්ත්‍රිවරුන් අටක් ආධාරකරුවන් දහසක් සමගින් පොහොට්ටුවට එක්වෙති..

නාවලපිටිය ගග ඉහල කෝරලේ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කල විපක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් අට දෙනෙක් ඇතුළු නාවලපිටිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ආධාකරුවන් දහසකට ආසන්න පිරිසක් මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දැක්විම සදහා (30) දින ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග එක්විය.

නාවලපිටිය පෞද්ගලික උත්සව ශාලාවක නාවලපිටිය යු.එන්.පි අපි යනුවෙන් ගග ඉහල කොරලේ ප්‍රාදේශිය සභාවේ විපක්ෂය නියෝජනය කල මන්ත්‍රිවරුන් සහ මන්ත්‍රිවරියන් විසින් කැදවා තිබු රැස්විමකට එම ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ගේ ඉල්ලිමක් මත එම රැස්විමට සහභාගි වු ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග එම පිරිස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග (30) දින එක්විය.

එක්සත් ජාතික පක්ෂයේ හිස්වැසුම් සහිතව රැස්විම් ශාලාවේ රැදි සිටි එක්සත් ජාතික පක්ෂය නියොජනය කල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් සහ ආධාරකරුවන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග එක්විමත් සමග ඔහුන් පැලද සිටි එක්සත් ජාතික පක්ෂයේ හිස් වැසුම් ගලවා ඉවත් කර  ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අංකය සහිතව හිස්වැසුම් පැලද එම රැස්විම පැවැත්වුහ.

මෙම රැස්විමේදි එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට එක් වු පිරිස මාධ්‍යය සාකච්ඡාවක්ද පැවැත්වු අතර එම මාධ්‍යය සාකච්ඡාවේදි මහින්දානන්ද අලුත්ගමගේ මහතාද අදහස් දැක්විය.

ගග ඉහල කෝරලේ ප්‍රාදේශිය සභාව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාලනය යටතේ පවතින අතර විපක්ෂය නියෝජනය කල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් සහ මන්ත්‍රිවරියන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග එක්විමත් සමග එම ප්‍රාදේශිය සභාවේ විපක්ෂය නියෝජනය කිරිමට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයෙකු පමණක් සිටින බව ප්‍රාදේශිය සභාවේ සභාපති ධම්මික නදිර ජයසේකර මහතා පැවසිය.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග මෙසේ එක් වු පිරිස වන්නේ

ආන්නද කුලතිලක , අෂාරා අලුත්ගමගේ, සුමේද අලුත්ගමගේ , චාන්දනි අල්විස් , සුමුදු පෙරේරා , සුබ්‍රමණියම් වාසු දේවන් , අනුරාධ රත්නායක , රමණි අලුත්ගමගේ , යන මහත්ම මහත්මින් මෙසේ එක් වු අතර එම ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියොජනය කරමින් සිටි හිටපු ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රි හර්ෂ කුලතිලක මහතාද ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග  එක්විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

79,845 Viewers

17 Comments to “එජාප-සජබ මන්ත්‍රිවරුන් අටක් ආධාරකරුවන් දහසක් සමගින් පොහොට්ටුවට එක්වෙති..”

  1. ක්‍රිමිනල් says:

    තුනෙන් දෙක මොනාද ආයිබොවන්ඩ ! ඔය හයෙන් පහම අරගෙන තියෙන්නේ. 😂

    • GU-APPASAKKILI SIRA says:

      මම සක්ලි සිරිසේන.

      ඔබ දන්නවාද? විජයකාල මහේෂ්වරන් මගේ සොඳුරිය.
      මම අපිරිසිදු සකිලි බල්ලෙක් වන අතර මට අවශ්‍ය නම් මට ජරාව කන්න පුළුවන්.

      මට සහ මගේ පවුලේ අයට ලැබෙන ප්‍රතිලාභ වෙනුවෙන් මට මේ රට සහ ජාතිය පාවා දිය හැකිය.

      මට බුදුන් ගැන විශ්වාසයක් නැති අතර මම ධර්මය ගැන විශ්වාස නොකරමි. ඒ නිසයි මම ඉන්දියාවට යන්නේ – තිරුපති මිථ්‍යා විශ්වාසවලට නමස්කාර කරන්න

      මෝඩයෙනි, මැතිවරණයෙන් පසු සාජාබා වෙත මගේ ඊගල් පැනීම ඔබට දැක ගත හැකිය

      මම මේ රටේ දේශප්‍රේමී ජනතාවගෙන් පළිගෙන රට විනාශ කර දමමි

      • ක්‍රිමිනල් says:

        මහින්ද මහත්තයට අපහාස කරන්නෙපා යකො !

  2. අබරන් සිංඤෝ says:

    චන්දෙ ළඟ වෙනකොට කවුරුවත් නැති සයිස් එකක් වගේ වෙන්නේ. හුටා. කොහොම නමුත් චන්දෙත් පස්සේ දෑත සක්තිමත් කරන්න යනවට වඩා දැන්ම යන එක හොඳා. නැත්නම් චන්දෙ දීපු උන් තමයි හරක් වෙන්නේ. ඒ අතින් බලනකොට රන්ජන් රාමනායක කියන්නේ ජෙනුඉන් පොරක්. කොච්චර ලොක්කෝ උනත් අන්තිමට මහින්දට රෙද්ද උස්සල උක දුන්නොත් ඔක්කොම චන්ද වතුරේ.

    • MD says:

      ඇත්තටම රන්ජන්ට ජෙනුඉන් පොරක් කියන්න කට ඇරෙන්නෙ ලංකාවේ ඉන්න ජාතියක් ආගමක් නැති අධම අවජාතකයෙකුට පමණයි. සොරි වෙන්න ඕනේ

  3. lotus says:

    CBRN (Chemical Biological Radiology and Nuclear Regiment) established by GON Ranil. Also resisted in WHO in year 2017. hiiiiiiiiiiiiii

  4. ඊරි යකා says:

    අන්තිමට සජියට උගේ පෙකනි වල තමයි ඉතිරිවන්නේ.

  5. Narada says:

    මෙම කුණු වූ දේශපාලන සංස්කෘතිය නැවැත්වීමට කාලයයි, පැරණි හොඳ කියමනක් තිබේ. ගවයින් සිටින තාක් කල් ගෝපාලන් ද සිටිනු ඇත. සංවර්ධිත රටක් බවට පත්වීමට අපේ මව්බිමට සෑම සම්පතක්ම ඇත

  6. Chinthana says:

    Hum….mmm…mm . Going isn’t it ..If the cap suit you put it on. This is the habits of UNP guys.

  7. Mr. Alert says:

    හරක්ට හරක් තමයි එක් වෙන්නේ..

  8. Bad says:

    තොපි රටට ආදරේ නම් ඔකොම එකතු වෙලා මුදල් නාස්ති නොකර කොන්දේසි විරහිතව ජනදිපති තුමාගේ වැඩපිලිවට සහයෝගය දීපල්ලා.

    • Alapaluwa says:

      නියම අදහසකි මුන් එතරම් කිය කියා නොසිට රටට ජාතියට ආදරය ඇතිනම් අපගේ ජනාධිපතිට ඔවුගේ ඉදිරිදැක්මට උදවු වියයුතුය.

  9. දැන් ජනාදිපතිවෙන්න බැලුවා ඒකටත් කෙලඋනා කෝටි 269ක් නයවෙලා ඉන්න වෙලාවේ තොප්පි තෝටන් උනා අගමැටි වෙන්න යනවෙලාවේ ඒකටත් කෙලඋනාම අංගොඩ පැත්තේම නවතින්න පුලුවන් ජොලියට​?????

  10. Saradiel says:

    රනිල්ට සජිත්ට දැන් පස් කන්න වෙන්නේ

  11. ආපු උන් ඔක්කොම අලුත්ගමගේ ලා..හොඳට බලන්න ..බැලුවම පවුලේම උන් ඇවිත් තියෙන්නේ ..

    • නවහිටං says:

      මෝඩ ගොන් හරකා, සාමාන්‍යයෙන් එක ගමක හෝ පලාතක බොහෝ දුරට ඉන්නෙ එකම නම්තියෙන කොටස්. උදාහරණයක් වශයෙන් අපේ ගමේ අයගෙන් 50%කට වැඩිය එදිරිසිංහලා, තවස් වැඩි පිරිසක් ඩයස්ලා. අල්ලපු ගමේ වැඩි පිරිසක් දිසාණායකලා. නමුත් ඒ සියලු දෙනාම එකම පවුලේ අය නෙමේ.

  12. PULATHISI says:

    ජයෙන් ජයම වේවා. පොහොට්ටුවේ ජය නියතයි.
    සෞභාග්ය යේ දැක්ම තුළින් ලක්මවට සුභ අනාගතයක් උදා කරමු.

Leave a Comment

Main News