එජාප-සජබ මහ පාරේ මරාගනිති.. ගුටි අනී… කකුල් උඩින් වාහන පදවයි..

July 19, 2020 at 3:23 am | lanka C news
එජාප-සජබ මහ පාරේ මරාගනිති.. ගුටි අනී… කකුල් උඩින් වාහන පදවයි..

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ගේ ආධාර කරුවන් පිරිසක් සහ සමගි ජන බලවේගය ආධාරකරුවන් පිරිසක් අතර ගැටුමක් තංගල්ලේ දී සිදුවී තිබේ.

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක දිනේෂ් කුමාර මහතාගේ නිවස ඉදිරිපිට දි ඔහුගේ රියදුරුට පහර දී ඇත.

පහර දීමේ චෝදනාව එල්ල වන්නේ සමගි ජන බලවේගය අපේක්ෂක දිලිප් වෙදාරච්චි මහතා ටයි.

පහර කෑමට ලක් වූ පුද්ගලයා පවසන්නේ ප්‍රහාරය දිලිප් වෙදාරච්චි මහතාගේ ආධාරකරුවන් පහර දුන් බවයි.

නමුත් දිලිප් වෙදාරච්චි මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරන්නේ තම ආධාරකරුවන් දෙදෙනාගේ දෙපා උඩින් වාහනයක් ධාවනය කර ඇති බවයි.

284 views
Main News