එජාප හිටපු ඇමතිවරුන් අමාත්‍යංශ බලෙන් අල්ලා ගැනීමට තීරණය කරයි.. අර්බුදය තවත් ලියලයි.. STF සූදානමින්

November 15, 2018 at 5:30 pm | lanka C news
එජාප හිටපු ඇමතිවරුන් අමාත්‍යංශ බලෙන් අල්ලා ගැනීමට තීරණය කරයි.. අර්බුදය තවත් ලියලයි.. STF සූදානමින්

එක්සත් ජාතික පක්ෂයේ හිටපු සියළු ඇමැතිවරුන් කලින් දරන ලද අමාත්‍යාංශය වලට ගොස් එහි ඇමැතිවරුන් ලෙස කටයුතු ආරම්භ කිරීමට තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.

එත්සත් ජාතික පෙරමුණ විසින් ගන්නා ලද මෙම තීරණය දැනටමත් සියළු හිටපු ඇමතිවරුන්ට දන්වා ඇත.

අද කොළඹ පැවැත්වෙන එජාප විරෝධතා රැළියෙන් පසු ඔවුන් හෙට පෙරවරුවේ මෙම කටයුතු සිදු කරනු ඇත.

මේ අතර ඊයේ දිනයේම සරත් ෆොන්සේකා මහතා ඊයේ දිනයේ කලින් ඇමති ධුරය දැරු අමාතශ්‍යංට ගොස් එහි ඇමති කාර්යාලයේ රැදී සිටියේය.

කෙසේ වෙතත් රාජ්‍ය නිලධාරීන් කටයුතු කරන්නේ ජනාධිපති හා ජනාධිපති ලේකම්වරයාගේ ගැසට් නිවෙදන අනුව නිසා පත්කර ඇති අගමැති මහින්ද රාජපක්‍ෂ හා ඇමති මණ්ඩලය නීත්‍යානුකූල ඇමති මණ්ඩලය ලෙස පිලිගැනේ.

මේ අතර මෙවන් රාජ්‍ය දේපල අවභාවිතයන් හා රාජ්‍ය විරෝධී තත්වයන් මැඩ පැවැත්වීම සදහා අමාත්‍යාංශ කාර්යාල 32කට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා සිටී.

30 views

12 Comments to “එජාප හිටපු ඇමතිවරුන් අමාත්‍යංශ බලෙන් අල්ලා ගැනීමට තීරණය කරයි.. අර්බුදය තවත් ලියලයි.. STF සූදානමින්”

  1. ඔව්...ඔව්..මේවා අවුරුදු පහකට බදු ගෙවලා ගත්තේ..ඇත හරින්න එපා අර රණතුංග වගේ කීප් දෙනෙකුට....... says:

    ඔව්…ඔව්..මේවා අවුරුදු පහකට බදු ගෙවලා ගත්තේ..අත හරින්න නම් එපා අර අර්ජුන රණතුංග වගේ කීප දෙනෙකුට…වෙදිතිය්වපල්ලා. පස්සේ පොලිස් කාරයෝ හිරේ යවාපල්ලා. අර අරාබියේ පත්තර කාරයාට වගේ. මේවා කාගේ අනද?

Main News