එජාප 30ක් ජනාධිපති වැය ශීර්ෂයට විරුද්ද වන බව දන්වයි.. තඹේකට නොතකා ජනාධිපති උගන්ඩා යයි..

March 12, 2019 at 3:00 pm | lanka C news
එජාප 30ක් ජනාධිපති වැය ශීර්ෂයට විරුද්ද වන බව දන්වයි.. තඹේකට නොතකා ජනාධිපති උගන්ඩා යයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැය ශීර්ෂය සඳහා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු 30 දෙනෙකු ස්ථිරවම ඡන්දය ලබා නොදෙන බවත් ඊට විරුද්ධව ඡන්දය ලබාදෙන බවත් එම පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

ජනාධිපති වැය ශීර්ෂය පරාජය කිරීම සඳහා ඡන්දය ලබාදීමට ගත් තීරණය කිසිම වෙනසක් වී නැති බවද පවසන මන්ත්‍රීවරයා එජාපයට හා පක්ෂ නායකත්වයට පහර ගසන පුද්ගලයෙකුගේ වැය ශීර්ෂයට පක්ෂව ඡන්දය දීමට හැකියාවක් නැති බවද පැවසීය.

මේ අතර වාර්තා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උගන්ඩාවේ සංචාරයක් සඳහා  දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි.

එම නිසා ජනාධිපතිවරයා තම වැය ශීර්ෂයේ විවාදයට සහභාගී නොවුණ බව ද දැනගන්නට තිබේ.

මේ අතර ජනාධිපති වැය ශීර්ෂය පක්‍ෂව ඡන්දය දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.

22 views