එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව හරියන්නේ නෑ.. ඔය ගමන යන්න බෑ..- අගරදගුරු

May 12, 2018 at 6:30 am | lanka C news
එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව හරියන්නේ නෑ.. ඔය ගමන යන්න බෑ..- අගරදගුරු

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්සත් ජාතික පක්‍ෂයතක් සමග එක්ව කටයුතු කල නොහැකි බව අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් තුමන් පවසයි.

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 දෙනාගෙන් පිරිසක් මුණ ගැසුනු අවස්ථාවේදී එතුමන් මේ බව පැවසීය.

‘එක්සත් ජාතික පක්ෂයේ චින්තනය ධනය පැත්තට බරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක මහත්තයා පටන් ගත්ත කාලේ ඉස්සරහට ගෙනාවේ ජාතියට ආගමට සංස්කෘතියට ඉදිරිය ගන්න පක්ෂයක් විදිහට.

ඒ නිසා මං හිතන්නේ නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ චින්තනයත් එක්ක ඉදිරියට යන්න පුළුවන් කියලා. මේ චින්තන දෙක එකට එක් කරන්න පහසු වෙන්නෙ නෑ. එකතුවීම තුළ ඔය ගමන යන්න බෑ ඔය පක්ෂ දෙකටම’

47 views
Main News