‘එට්කා’ ඉක්මනින් අත්සන් කරනවා.. – ඉන්දියාව-ශ්‍රී ලංකාව ඒකාබද්ද මාධ්‍ය හමුවක කියති… නමුත් ගිවිසුම නොපෙන්වයි..
September 28, 2016 at 8:02 am | lanka C news
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ‘එට්කා’ ගිවිසුම සම්බන්ධ කටයුතු ඉක්මනින් අවසන් කරන බව අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසීය.
ඔහු මෙසේ කියා සිටියේ එට්කා ගිවිසුම සම්බන්ධයෙන් සාකච්චා කිරීමට මෙරටට පැමිණ සිටින ඉන්දීය වාණිජ කටයුතු ඇමතිනි නිර්මලා සීතාරාමන්ද සමගින් සහභාගී වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවකදීය.
දෙරට අතර අත්සන් කෙරෙන එට්කා ගිවිසුම අගය කරන බව කී ඉන්දීය ඇමතිනිය ඒ සදහා කාලසීමාවන්, බාධාවක්, පීඩාවක් නැතිව සියළු කරුණු ගැන දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණිය යුතු බවයි.