එතනෝල් ආනයනය තහනම් කලේ දේශීය එතනෝල් නිෂ්පාදන නගා සිටුවන්නයි..

January 3, 2020 at 3:33 am | lanka C news
එතනෝල් ආනයනය තහනම් කලේ දේශීය එතනෝල් නිෂ්පාදන නගා සිටුවන්නයි..

විදේශයන්ගෙන් එතනෝල් ආනයනය තහනම් කරනු ලැබුවේ දේශීය එතනෝල් නිෂ්පාදනයට ඉඩ ලබාදීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.

පැලවත්ත හා සෙවණගල කර්මාන්තශාලාවල එතනෝල් නිෂ්පාදනය දේශීය වෙළඳපොලේ අලෙවි කිරීමේ ප්‍රශ්නය මත කර්මාන්තශාලා පාඩු ලබන තත්ත්වයට පත්ව ඇතැයිද ඔහු පැවසීය.

මෙම ක්‍රියා මාර්ගය මගින් පැලවත්ත හා සෙවනගල කර්මාවන්තශාලා පාඩු ලැබීම් අවසන් කර ලාබ ලබන තත්වනයට ගෙන ඒමට හැකිවෙතැයිද ඔහු සදහන් කලේය.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

377 views

5 Comments to “එතනෝල් ආනයනය තහනම් කලේ දේශීය එතනෝල් නිෂ්පාදන නගා සිටුවන්නයි..”

  1. Aurora says:

    එතනෝල් පිටරටින් ගෙනෙනකොට විනිමය වැයවීමට අමතරව විනිමය අනවශ්‍ය පරිදි පිටට ගලා යැවීමේ අනේක උපක්‍රම ක්‍රියාත්මකයි. බොරු සිල්වත්කම් අතහැරලා දේශීය නිෂ්පාදනයට රුකුල් දිය යුතුයි. අනික තමයි නියම ශ්‍රේණියේ එතනෝල් වෙනුවට කාර්මික ශ්‍රේණියේ එතනෝල් යොදාගෙන මද්‍යසාර නිපදවීම. මේ අක්‍රමිකතාවයත් වැළැක්විය යුතුය. හැකි ඉක්මනින් ආනයන මත රැඳෙන ආර්ථිකයකින් ගැලවී නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමුවිය යුතුය.

  2. බන්ඩා says:

    දයා⁣ ගමගේ ගෙ මල්ල කරේ.

  3. damian says:

    Good move. Bad news for Ethanol importing mafia.

  4. නයා says:

    දේශීයව පහසුවෙන් කල හැකි මෙවැනි නිශ්පාදන ආනයනය කිරීම ජාතික අපරාධයක්. ඉතා හොඳ ප්‍රවනතාවයක් මෙවැනි නිශ්පාදන ආනයනය වලකා දේශීය නිශ්පාදකයන් දිරි ගැන්වීම.
    මාසිකව අප රටට ආනයනය කරනු ලබන එතනෝල් ප්‍රමාණය අති විශාලයි. ඒ ඔස්සේ විනාශ වන විදේශ විනිමය ප්‍රමාණය ඉතිරි කර ගැනීම ලොකු වාසියක්.

Main News