එතනෝල් ලීටරයකට තිබූ 190 බද්ද රුපියල් දහයක් (10) තෙක් අඩු කරයි..

October 29, 2016 at 7:06 am | lanka C news
එතනෝල් ලීටරයකට තිබූ 190 බද්ද රුපියල් දහයක් (10) තෙක් අඩු කරයි..

පසුගිය රාජපක්‍ෂ රජය විසින් එතනෝල් ලීටරයක් සදහා ආනයන බදු ලෙස රුපියල් 190ක් ගැසුවද නව රජය විසින් එය එක් එතනෝල් ලීටරයක් සදහා රුපියල් දහයක් (10) දක්වා අඩු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ පැවති බලය දේශපාලන වැඩසටහනට එක්වෙමිනි.

අහිංසක මිනිසුන් මත වැට් බදු නොපනවා එතනෝල් බද්ද පැවති ලෙසම තිබුනේ නම් රුපියල් කෝටි 1800ක් උපයා ගත හැකිව තිබූ බවද ඔහු එහිදී කියා සිටියේය.

4 views

3 Comments to “එතනෝල් ලීටරයකට තිබූ 190 බද්ද රුපියල් දහයක් (10) තෙක් අඩු කරයි..”

  1. ග්‍රාම සේවක says:

    පසුගියදා යාපනයේ පැවති මත්ද්‍රව්‍ය විරෝධී සම්මන්ත්‍රණයක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේ රටේ කාන්තාවෝ විශාල වශයෙන් බියර් බීමට පුරුදුවී ඇති බවත් ලංකාවේ වැඩිපුරම මත්පැන් අලෙවිය නිසා රජයට ආදායම් ගෙනදෙන්නේ උතුරු පලාතෙන් බවයි,
    එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මත්පැන් පානය කරන පිරිස් කන්ණාඩිය ඉස්සරහට ගොස් තමන් කොතරම් මෝඩ ගොන් හරකෙක්ද කියා අසන ලෙසයි,
    ජනාධිපතිවරයා බියර් කාන්තාවෝ පරිභෝජන කිරීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලෙන් සිටින අවස්ථාවක මුදල් අමාත්‍යාංශය මෙරට බියර් අලෙවි කරන මහාපරිමාන සමාගමකට මැලේසියාව සහ වියට්නාමයෙන් බියර් ආනයනය කොට අලෙවි කිරීමට එම සමාගමට පමණක් සීමා වන සේ විශාල බදු සහනයක් ලබාදීමට කටයුතු කොට ඇත,

  2. පොලොන්නරුවේ සිඩ්නි says:

    අනේ ඇත්තද මම දැක්කේ පත්තරෙන් නේ, ඕක ඔය රාජපක්ෂවරුන්ගේ වැඩක් වෙන්න ඇති. මින් පස්සේ මම ඔවා රේගුවෙන් නිදහස් කරනකොට කාගේ අනුමැතියක් තිබ්බත්, මගේ අනුමැතිය නැතිව නිදහස් කරන්න එපා කියල අදම චක්‍රලේඛයක් නිකුත් කරනවා, නැත්නම් මිනිස්සු මට බනියි.

  3. kamani says:

    ජනාධිපතිගෙ මත්පැන් මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන් තුට්ටුවකටවත් ගණන් නොගෙන සුප්‍රසිද්ධ බියර් අලෙවි කරන සමාගමකට පසුගිය මාස තුන තුල පමණක් රුපියල් බිලියන 6 ක වාසියක් රජය ශ්‍රීලංකා රේගුව හරහා ලබාදෙයි,

Main News