එතනෝල් ලීටර් 7400ක් අත්අඩංගුවේ.. එය උතුරින් ඇල්ලු විශාලම තොගයයි..
January 24, 2019 at 6:47 pm | lanka C news
උතුරු පලාතෙන් සොයාගත් විශලාතම එතනොල් තොගය වාර්ථාවෙමින් යාපනය චුන්නාගම් අලවෙඩ්ඩි ප්රදේශයේදී රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් එතනෝල් ලීටර් 7400 කට අධික ප්රමාණයක් ගබඩා කොට තිබියදී සැකකරුවන් දෙදෙනෙකුද සමගින් ඊයේ (23) දින රාත්රියේ යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
යාපනය යුද හමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව ඒ බව පොලිස් විශේෂ කාර්ය බලකායට දැනුම් දීමෙන් පසුව යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් අලවෙඩ්ඩි ප්රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමදී අදාල එතනෝල් තොගය අබලන් ලොරියකට දමා ගබඩා කොට තිබියදී සොයාගෙන ඇත.
එහිදී ලොරිය තුල ගබඩා කොට තිබි එතනෝල් ලීටර් 20 කෑන් 371 ක් හමු වී ඇති අතර අදාල එතනෝල් ගබඩාව පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙකුද ලොරිය සමග අත්අඩංගුවට ගෙන ඇති අතර එම ස්ථානයේ සිට එතනොල් කලක සිට බෙදාහැර ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට තොරතුරු අනාවරනය වී ඇත.
අද (24) දින සවස අත්අඩංගුවට ගත් එතනෝල් තොගය යාපනයේ සිට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් විසින් කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර වෙතට රැගෙන වීත් භාර දීමේ කටයුතු සිදු කෙරෙන අතර අදාල එතනොල් ගබඩාව පවත්වාගෙන ගිය සෙසු සැකකරුවන් පිළිබඳවද පරික්ෂණයක් අරඹා ඇත.
උතුරු පලාතෙන් එතනොල් මෙතරම් ප්රමාණයක් හසු වූ පළමු අවස්ථාව මෙය වන අතර මුහුදු මාරගයෙන් මෙලෙස ගෙනවිත් වෙනත් ප්රදේශ වෙතරට ප්රවාහනය කිරීමට සැලසුමක් ඇති බවට සැකකරන බවටද පරික්ෂණ සිදු කරන පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් වැඩි දුරටත් කියා සිටියහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
UNP TAN haulee samaja sathkaara…
aran ganja tika wage suma oka beragani ponna raniya denatama call karala ethi
suma:rana ape etanoll allala rana: mama danneth neha ara ganja tika wage shape karannam suma: dannawane ape heti hodin ho naralin rana: ane mata samawenna mama oya petta ogollanta dennane inne kohomath Anika’s suma oya mage pana wagene
හා හා ජාතිවාදය අවුස්සන කතා හදන්න එපා