එදාට වඩා අද පරිසර විනාශය වැඩියි.. සොබා දහමේ දඬුවම් අත ළගයි..

September 16, 2020 at 1:20 pm | lanka C news
එදාට වඩා අද පරිසර විනාශය වැඩියි.. සොබා දහමේ දඬුවම් අත ළගයි..

ර්‍මේ ආකාරයට පරිසරය සතා සීපාවා විනාශ කළහොත් සොබාදහම දඬුවම් දෙන දවසක් අත ළඟ බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ සඳහන් කරති.

පරිසරය රකින්න ජනාධිපතිතුමන්ට ලොකු උවමනාවක් බලාපොරොත්තුවක් තිබුණද තවත් අය පරිසරය විනාශ කරන බව ඔහු පවසයි.

අනාගතය ගැන කල්පනා කර මේ විනාශය නතර කරන්නැයි තමන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

අද පරිසරය විනාශ කරන අයට නිසි දඬුවම් නොදෙන බවත් උසාවි ගෙනයන සියලුම දෙනා කුලී වැඩට ආපු මිනිසුන් බවත් ඔහු සඳහන් කළේය.

මේ ආකාරයට පරිසර විනාශය සිදුකළහොත් ලෝකයේම මිනිසුන් එක දවසක මිය යන දවස ඉතා ළඟ බවද ඔහු කීය.

අපේ රටේ පරිසරය වෙනුවෙන් අමාත්‍යාංශයක් පිහිටුවා ඇමතු කෙනෙකු සිටිය ද අපේ රටේ මෙන්ම ලෝකයේද පරිසර විනාශය නතර කරගන්න බැරිව ඇති බවත් එදාට වඩා අද පරිසර විනාශය ඉහළ ගොස් ඇති බවත් ඔහු තව දුරටත් සඳහන් කලේය.

11,786 views

7 Comments to “එදාට වඩා අද පරිසර විනාශය වැඩියි.. සොබා දහමේ දඬුවම් අත ළගයි..”

  1. ගොන් බයියා says:

    පරිසරවේදියෝ තමා රට විනාශ කලේ. අපේ ගෝටා මැතිතුමා තමා රට ගොඩ ගන්නෙ.

  2. Jeewanee Kariyawasam , chilaw says:

    manas gaatha

  3. sinhale le says:

    මෙම පළාත් බාර ආණ්ඩු කාරවරු වගකිව යුතුය මේ අය ඉවත් කර අලුත් අය පත් ක‍රන්න මුස්ලිම්වරු නම් කොහොමටත් එපා ඒ අය කැමති කාන්තාරවලට.

  4. saparamaadu says:

    Sir .. Sinharaajenma Patangaththa bawa Aranch Une Nathai Wannilattho ?

  5. Wijebahu says:

    Dan ithin bayyo rika wadhi nayakayatath pahuru yanna baniy.

  6. Love nature says:

    පරිසරය මිනිසාටත් මිනිසා පරිසරයටත් අන්‍යොන්‍ය වශයෙන් සාපේක්ෂව බලපාන බව බුදු දහමේ සූත්‍ර ධර්ම රාශියකින් විග්‍රහ කැරෙයි. ඉන් එක් සූත්‍රයක් ලෙස දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රය දැක්විය හැකිය. එහි දැක්වෙන පරිදි මුල් යුගයේ මිහිතලයෙහි විසූ මිනිසා උසස් ආයු වර්ණනාදිය ඇතිව පී‍්‍රතිමත්ව සමාජ විසමතාවලින් තොරව විසීය . නමුත් කල් යෑමේ දී විසමතා ඇති විය. පාරිසරික සම්පත් තණ්හාවෙන් පරිභෝග කිරීම හා පසුව එම කෙත්වතු සීමා සම්මත කොට බෙදා ගැනීමද නිසා සමාජය තුළ ප්‍රශ්න ඇතිවිය. මෙසේ පරිසරය අනිසි ලෙස හා කෑදර ලෙස භාවිතා කිරීම නිසා, ඊර්ෂ්‍යාව, වෛරය, ආත්මාර්ථකාමිබව, සොරකම, බොරුව ආදී සමාජ දුබලතා හා අපචාර ඇති වූ බව එම සූත්‍රය විග්‍රහ කරයි.

  7. Love nature says:

    ගෞතම බුදුන් වහන්සේ පරිසරය පිළිබදව හරවත් සංකල්ප ඉදිරිපත් කර ඇත.

    ” වනාන්තරය වු කලී තම පැවැත්ම ඉල්ලුම් කරන්නාවු ද, ජීව ක්‍රියාවලියෙදි තම නිෂ්පාදන පරිත්‍යාග කරන්නාවු ද, අසීමිත දයානුකම්පාවෙන් හා පරිත්‍යාගශිලිත්වයෙන් යුත් අපුරු ජීවියකි” මෙහෙයින් ජිවිතයට උපකාර කරන වනාන්තරයට ප්‍රති උපකාර දැක්විම මිනිසාගේ කෘත ගුණය විය යුතුය. ඒ වෙනුවට අද වනාන්තර සිද දමයි. ඒ නිසාම වනාන්තර වර්තමානයේදි සිදු කරන්නේ මිනිසාට පරිත්‍යාගශිලි වීම නොව ඔවුන්ට දඩුවම් ලබා දිමයි. ස්වාභාවික විපත් ආදිය මිනිසාට කියා දෙන්නේ එම පාඩමය.

    පරිසරයේ සුන්දරත්වය පවත්වා ගැනිම, සුන්දර ජිවිතයකට ද හේතු වේ. බුදුන් වහන්සේ සුන්දර පරිසරය නිතරම වර්ණාවට ලක් කළේය. වස් වාසය කිරිමට පවා නෙත් පිනන සොදුරු තැන් තෝරාගත් සේක. ඒ සිත දවන නොව, සිත නිවන තැන්ය. බුදුන් වහන්සේගේ උපත සිදුවන්නේත්, බුදු බව ලබන්නේත්, පිරිනිවන සිදුවන්නේත් පාරිසරික අතින් මනස්කාන්ත වු ස්ථාන වල ය. උන් වහන්සේ පරිසරයේ ඇති සුන්දර ස්ථාන මහත් අභිරුචියෙන් වර්ණාවට භාජනය කළේ ය.
    ” රමණියං ආනන්ද ජාපාල චේතිං
    රමණියංආනන්ද ගෝතමක චේතිං”
    අදි වශයෙන් අහස උස්ව ඇති චෛත්‍ය වර්ණනා කළේ එහි ඇති සුන්දරත්වය මනාව දකිමිනි,විදිමිනි.

Leave a Comment

Main News