එදා කියූ යහපාලන මාධ්‍ය නිදහස මෙයද.. ලංකා ඊ නිවුස් අවහිර කලාට දැඩි විරෝධය..
November 10, 2017 at 8:40 am | lanka C news
ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුල අවහිර කිරීමට සිය දැඩි විරෝධය පල කරන බව වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය අවහිර කිරීම සම්බන්ධයෙනි…
ලංකාඊ නිව්ස් වෙබ් අඩවියට ශ්‍රී ලංකා ටෙලිකොම්හි අන්තර් ජාල පහසුකම භාවිතාකරමින් 2017-11-08 දින සිට පිවිසීමට නොහැකි වන සේ වාරණය කර තිබීම අප සංගමයදැඩි ලෙස හෙළා දකිමු. මෙම පියවර යහපාලන ආණ්ඩුව මාධ්‍ය මර්දනය වෙනුවෙන් ගනු ලැබූ පළමු පියවර නොවන අතර මීට පෙර රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ සහදේශපාලනඥයින් මාධ්‍ය නිදහසට කළ බලපෑමට අප විටින් විට විරෝධය පළ කෙළෙමු.
මාධ්‍ය නිදහස ශපථ කරමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ මෙවැනි පියවර ජනතාව සහමාධ්‍ය සමාජය කිසිසේත් බලාපොරොත්තු නොවන්නකි. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය වාරණයට ලක් කර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසමේ උපදෙස් පරිදි බව අපට විශ්වාසවන්ත ආරංචි මාර්ග හෙළිකර සිටියි.
මෙමවාරණ නියෝගය නිකුත් කළ විදුලි සංදේශ නියාමන කොමිසම පවතින්නේ ජනාධිපතිවරයා යටතේ වීමත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පවතින්නේ ජනාධිපතිවරයාගේ සහෝදරයාගේ යටතේ වීමත් මෙම හදිසි වාරණයේ සුවිශේෂී කාරණයකි. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය වාරණයට ලක් කිරීම පිළිබඳ ආණ්ඩුව වහා ප්‍රකාශයක් සිදුකළ යුතු බව අප අවධාරණය කරමු. පසුගිය මහින්ද රාජපක්ෂ රජය යටතේ ද ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය වාරණයටලක් වූ අතර එකී ආයතනයට ගිනි තැබීම ද එහි මාධ්‍යවේදියෙකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම ද සිදුවිය.
ආණ්ඩුවක් විවේචනයට බිය විය යුත්තේ තමන් අත වැරදි ඇතිනම් පමණි. එසේ නොවන්නේ නම් එකී විවේචන වලට පිළිතුරු දීමට ඕනෑම මාධ්‍ය ආයතනයක් සහතික කර තිබේ. විවේචන වලටපිළිතුරු දීම වෙනුවට මර්දනයකට කැස කැවීම යහපාලන රජයකට නොවටිනා දෙයකි.
ලංකාඊ නිව්ස් වෙත සිදුකර ඇති වාරණය වහා ඉවත් කරන ලෙසත් මේ සම්බන්ධයෙන් සිය මතයප්රකාශ කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන්, ජනමාධ්‍ය ඇමැතිවරයාගෙන් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය බාර ඇමැතිවරයාගෙන් අපි වැඩිදුරටත් ඉල්ලා සිටිමු.
අත්සන් කෙළේ
ලසන්ත රුහුණගේ – සභාපති
දුමින්ද සම්පත් – ලේකම්
Thopita ohoma wela madi
This the only appreciable work done by this government.
Dear E news.
You bloody gang deserves this , for putting our country in a mess.
Thopita monawaath thearannea umbalaa koheada innea?lankaaweada?metharam pattarakaarayo aandwata erahiwa ?mahajanaya nopita yawanda epaa!
Anyone can access it through proxies. Blocking websites is a superfluous thing.