එදා කොමිෂන් පත්කර බණ්ඩාරනායක ආණ්ඩුව ඉල්ලන් කෑවා.. අන්තිමේ තම ඇමතිවරු කල හොරකම් පමණක් නොව බණ්ඩාරනායකත් චූදිතයකු විය..

August 18, 2017 at 6:02 am | lanka C news
එදා කොමිෂන් පත්කර බණ්ඩාරනායක ආණ්ඩුව ඉල්ලන් කෑවා.. අන්තිමේ තම ඇමතිවරු කල හොරකම් පමණක් නොව බණ්ඩාරනායකත් චූදිතයකු විය..

1956 දි බණ්ඩාරනායක මහතා අගමැතිවරයා ලෙස පත්වු පසු තමා බලයට පත්කල පාර්ශවයන් නිතර දෙවේලේ චෝදනා කලා යූඑන්පි එකේ හොරු අල්ලන්නේ නැතිව හොරු රකිනවා කියලා, අවසානයේ අගමැතිවරයාට සිදු වුයේ තමා හොරු රකින්නෙකු නොව බව ප්‍රායෝගිකව ඔප්පු කිරීමට අල්ලස් කොමිසමක් පත්කිරිමයි. එය වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම ලෙස එකල හැදින්විය.

අදාළ කොමිසමට ඒ යුගයේ සිටි කීර්තිමත් විනිසුරුවරයෙකු වූ වෝල්ටර් තල්ගොඩපිටිය මහතා සියල්ලමගේම පොදු එකඟතාවයක් මත පත්කලහ. එම කොමිසම ද පත්කරනු ලැබුවේ අතීතයට බලපාන අයුරුය.එනම් 1949 සිට විවිධ දූෂණ චෝදනා පරික්ෂා කිරීමට හැකිවන අයුරුය. තමන්ට චෝදනා එල්ලකරන එක්සත් ජාතික පක්ෂයේ කදවුරේ අයට එරෙහිව චෝදනා වෙත්නම් එවාද මෙම අධිකරණය බලතල සහිත අල්ලස් දැලට හසුකර ගැනීම බණ්ඩාරනායක අගමැතිවරයාගේ දේශපාලන අභිප්‍රාය වුවා විය හැකිය.

අවසානයේ තල්ගොඩපිටිය කොමිසම සම්පූර්ණයෙන්ම වාගේ වරද්කරුවන් බවට පත් වූයේ බණ්ඩාරනායක හිත්වත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් වීම විශේෂත්වයකි. මෙහිදී එක්සත් ජාතික පක්ෂයෙන් බිලිවුයේ එන් එච් කීර්තිරත්න මන්ත්‍රීවරයා පමණි. බණ්ඩාරනායක අගමැතිවරයාගේ කිට්ටුවත්තයන් වු බද්දේගම හෙන්රි අබේවික්‍රම, කුරුණෑගල ඩි.බි. මොන්නෑකුලම, කඩුගන්නාවේ මරික්කාර්,හා සිංහල මහා සභාවේ ලේකම් ධූරය දැරු ඇම්,පි. ද සොයිසා සහ ඇම්.එස්. කාරියප්පාර් වැන්නෝද ඊට අයත් වුහ. එදා මෙය හැදින්වූයේ බණ්ඩාරනායක රජය ඉල්ලන් කෑමක් ලෙසයි.

එස්.ඩ්බ්.ආර්.ඩි බණ්ඩාරනායක අගමැතිවරයා පවා චූදියකු ලෙස කොමිසම හමුවට ගෙන ඒමට නියමිතව තිබු බවත් එය වැලකුණේ අගමැතිවරයා ඝාතනය වී සිටි නිසා බැව් වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම වාර්තාවේ සඳහන් ඇති බැවත් ඌරාගේ මාලු ඌරාගේ ඇගේ තබා කපන්න ගොස් එ.ජා.ප. මැති ඇමතිවරුන්ගේ අල්ලස් සෙවීමට පත්කල කොමිසම කලේ බණ්ඩාරනායකගේ මිනිස්සුන් වැරදිකරුවන් කිරීම යයි අද ලංකාදීප පුවත්පතේ “ගුරුදා විග්‍රහය” හරහා දේශපාලන විශ්ලේෂකවරයෙකු මෙන්ම ජේෂඨ මාධ්‍යවේදියෙකු වන වර්තමාන යහපාලන ආණ්ඩුවේ මාධ්‍ය උපදේශකයකු වන වසන්තප්‍රිය රාමනායක දේශපාලන විග්‍රහය මගින් ප්‍රකාශ කොට ඇත.

14,553 Viewers

3 Comments to “එදා කොමිෂන් පත්කර බණ්ඩාරනායක ආණ්ඩුව ඉල්ලන් කෑවා.. අන්තිමේ තම ඇමතිවරු කල හොරකම් පමණක් නොව බණ්ඩාරනායකත් චූදිතයකු විය..”

  1. Open mind says:

    ඔහුට අනුව තම පක්ෂයේ අය අසුවන නිසා කොමිෂන් පත් නොකළ යුතු බව ද ?

    • Upul says:

      මේ රට පාලනය කරන්නේ කලු සුද්දන් ය. නීතිපති දෙපාර්තමේන්තුවත්, අධිකරණයත් පුරවා ඇත්තේ කලු සුද්දන්ගෙනි. කලු සුද්දන්ගේ දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය යි. එ් නිසා ලංකාවේ කිසිම නිදහස් අරගලයක් සාර්ථක වීමට මේ කලු සුද්දන් ඉඩ දෙන්නේ නැත. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ බව සිංහලයන් තේරුම් ගන්නේ කවදාද? මනෝහාරලා වගේ සිංහලයින් වෙනුවෙන් කිඹුල් කදුළු හලන අයට පකෂව පොඩි නඩු තීන්දුවක් ලබා දී සිංහලයා රැවටීම කලු සුද්දන්ගේ සැළැස්මේ අංගයකි.
      අධිකරණය තීරණාත්මක අවස්ථාවේ නීතියට අනුව නොව කලු සුද්දන්ගේ කැමැත්ත ඉටු කරයි. 13 වැනි සංශෝධනයෙන් රට ෆෙඩරල් කළේ එහෙමයි

  2. ලංකා ලොජික් says:

    එදා ‘ධර්මිෂ්ට සමාජයක්’ කියලා JR යටතේ UNP ආණ්ඩුවක් හැදුවා.
    සිංගප්පුරුවක් වෙන්න තිබ්බ රට බල්ලට ගියා.

    අද ‘යහපාලනයක්’ කියලා RW යටතේ UNP ආණ්ඩුවක් හැදුවා.
    ආසියාවේ ආශ්චර්යයක් වෙන්න තිබ්බ රට බල්ලට ගියා.

Main News