එදා ගෝටාට විරුද්ද වුනා කියා සභාපති පැහැරගත්තා.. අද ලංකාවට ආයෝජකයින් ගලාගෙන එනවා..

January 14, 2017 at 12:00 pm | lanka C news
එදා ගෝටාට විරුද්ද වුනා කියා සභාපති පැහැරගත්තා.. අද ලංකාවට ආයෝජකයින් ගලාගෙන එනවා..

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදසැලේ වෙළෙද ව්‍යාපාරික සංගමය සංවිධානය කළ තෛයිපොංගල් උත්සවය හිටපු ධිීවර හා ජලජ සම්පත් අමාත්‍ය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවෙි පැවැත්විනි.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

“වර්තමාන රජය තුල ශ්‍රී ලාංකිකයින්ගේ ජාතිභේද, ආගම්භේද ප්‍රශ්න දක්නට ලැඛෙන්නේ නැහැ. සෑම කෙනෙකුටම සම අයිතිය ලබාදී තිඛෙනවා ගැටළුවක් ඇති නොවන පිරිදි. ජීවත්වීමෙ නිදහසත්, සාමයත් උදාකර දී තිඛෙනවා. ද්‍රවිඩ ජනතාවගේ දේශපාලන පක්ෂය වන ටි.එන්.ඒ සංවිධානය ප්‍රථම වරට රජයට සහයෝගය ලබාදෙනවා. ඔවුන් සෑම රජයකටම විරුද්ධව තමයි කටයුතු කළේ. දකුණේ දේශපාලන පක්ෂ තුළත් සහජීවනය නිර්මාණය කර තිඛෙනවා. ජනතාව බියක්, සැකක් නැතිව ජීවත් වෙනවා. සුදු වෑන් සංස්කෘතිය අවසන් කර තිඛෙනවා. දෙමටගොඩ පොදු වෙළෙදපොලේ සභාපතිවරයා පසුගිය රජය සමයේ දී පැහැර ගනු ලැබුවා. ඒ හිටපු ආරක්ෂක ලේකම්වරයාට විරුද්ධව අදහස් දැක්වීම හේතුවෙන්. වර්තමානයේ රජය විවෙිචනය කිරිමට ඔිනෑම පුද්ගලයෙකුට අවස්ථාව උදාවී තිඛෙනවා. පෙළපාලි යන්නත් පුළුවන්. ජනතාවට එපාවෙන විදිහට ඇතැමුන් පෙළපාලි යනවා. සුළු දෙයටත් විරෝධතා පැවැත්වීමෙි නිදහස ජනතාවට උදාවී තිඛෙනවා.

උතුරේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය කටයුතු කරනවා. හමුදා වාහන පැමිණ උතුරේ ජනතාව පැහැරගෙන යන්නේ නැහැ. පසුගිය රජය සමයේ ජාත්‍යන්තරය අපේ රට ගැරහුවා. වර්තමානයේ එම තත්ත්වය තුරන් වී තිඛෙනවා. ජී.එස්.පී බදු සහනය හිමිකර ගැනීමට අපේ රජය සමත් වුනා. එමගින් අපනයන ආදායම වැඩි වෙනවා. ලෝකයේ අනෙක් රටවල් සමග තරඟ කිරීමට අපේ ව්‍යාපාරකයින්ට අවස්ථාව උදාවෙනවා. වෙළෙද කර්මාන්තය වාසිදායක තත්ත්වයට පත්වෙනවා. පසුගිය කාලය තුල අපේ රජය වෙළෙද ප්‍රජාවට සහන ලබාදුන්නා. ඉදිරියේ දී රජයේ සහන නොලැබුනත් ව්‍යාපාරිකයින්ට හොද කාල පරිචිඡේදයක් උදාවෙනවා. දේශිය සහ විදේශීය වෙළෙදපොල විවෘත වෙනවා. ප්‍රශ්න නිරාකරණය කිරීමෙන් ආයෝජකයින් ලංකාවට ගලාගෙන එනවා. ව්‍යාපාරික ප්‍රශ්න රජය සමග සාකචිඡා කර විසදගන්න පුළුවන්. වර්තමානයේ ධිීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ හොද දේශපාලනඥයෙක්. මහින්ද අමරවීර අමාත්‍යවරයාට එම ධුරය ලබාගැනීමට මමත් උපකාර කලා. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොලේ ඉදිරි දියුණුව සදහා විනය නිසි පරිදි පවත්වාගෙන යාම ද ඉතා වැදගත්.”

මෙහිදී මෙම මත්ස්‍ය වෙළෙදපොලේ ඉවතලන අපද්‍රව්‍ය වලින් සත්ත්ව ආහාර නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව ද සෞඛ්‍ය අමාත්‍යවරයා නිරික්ෂණය කරන ලදි.

– සමන්ත රණසිංහ

58 views
Main News