එදා මං අතේ සතේ නැතිව පාරේ පොල් විකිණුවා..- රෙජිනෝල්ඩ්

August 3, 2017 at 2:10 pm | lanka C news
එදා මං අතේ සතේ නැතිව පාරේ පොල් විකිණුවා..- රෙජිනෝල්ඩ්

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය මගින් හත්වන වරටත් සංවිධානය කරනු ලැබූ නිලලත් ගුරුවරුන්ගේ ජාතික සම්මේලනය බණ්ඩාරනායක සම්මන්ත‍්‍රන ශාලාවෙදි පසුගියදා පැවැත්විනි. එ

හිදී ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායක කරු ජයසූරිය මහතා සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතායි.

දිවයිනේ තෝරාගත් ප‍්‍රවීන දේශකවරුන් දොලොස්දෙනෙකුට ගෞරව සම්මාන පුදකිරීමක් එහිදී සිදුවිණි.

වර්තමාන උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට ප‍්‍රථමයෙන් ගෞරව සම්මාන පුදකරනු ලැබීය.

එහිදී එතුමන්ගේ ගමන්මග ගැන අදහස් දැක්වූ රෙජිනෝල්ඩ් කුරේ මහතා,

‘මුලදීම මට ඉදිරිපස අසුන් ගන්න ආරාධනා කල අවස්ථාවේ මම එය ප‍්‍රතික්ෂේප කලා. මොකද මම ගුරුවරයෙක් හැටියට මිස ආණ්ඩුකාරවරයෙක් හැටියටවත් දේශපාලඥයෙකු හැටියටවත් මෙතනට ආවේ නෑ. මන්ද, මහන්තත්වයකින් නොව නිහනමානීව ඔබේ එක පුරුකක් හැටියට සිටිය යුතු නිසා. මේ වෘත්තිය ආරම්භ කරපු අවධියේම ප‍්‍රවේශ වුනු අය හැටියට මට අද ආඩම්බරයි. ඒ දවස්වල මේ වගේ ප‍්‍රචලිත, පැතිරුණු, පුළුල් ව්‍යාපාරයක් බවට පත්වෙලා තිබුනේ නෑ. ඒ අවස්ථාවේදී අපට පහන් ටැඹක් සේ නායකත්වය දුන්නේ විද්‍යාමාමකේ ආරියසිංහ, සිසිර කුමාර යන ආචාර්යවරු යටතේයි පුහුණුව, ශික්ෂණය ලැබුවේ.

මම ගුරුවරයෙක් වුනේ අහම්බයෙන්. මහා සුදුසුකම් ලබලා මහා අභිමානයකින් යුතුව, විධිමත් ආයතනයක ස්ථිර වැටුපකට අනාගතය ගැන තහවුරුකමක් ඇති තැනකට ආය කෙනෙක් නොවෙයි. 71 කැරුල්ලේදී සියලූ දේ අහිමි වෙලා රස්සාවෙනුත් එළියට විසික්කරලා යනඑන මන් නැතිව පාරේ පොල් විකුණලා හැන්දෑවට විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ජීවත් වෙන්න මාවතක් හොයන වෙලාවේ තමයි මේ වෘත්තිය මට මුණගැසුනේ.

මරදාන වජිරඥාන පිරිවනේ රුපියල් සීයයට මාසයක් උගන්නලා රුපියල් හැටක් අම්මගේ අතට ගිහින් දීලා තමයි අපි මේ ව්‍යාපාරය පවත්වාගෙන ඉස්සරහට පවත්වාගෙන ගියේ. ඒ වෙලාවේදී මේ වගේ ඩිජිටල් තාක්ෂණයක් තිබුනේ නෑ. ස්ක‍්‍රීන්, ප‍්‍රින්ට් තිබුනේ නෑ. ලස්සන ප‍්‍රචාර කටයුතු කරන්න තිබුනේ නෑ. අපි ආරම්භ කලේ ලේක්හවුස් එකේ ඉවත දමන පුවත්පත් කොල එකතුකරගෙන ඇවිත් තීන්ත කර්මාන්ත ශාලාවලින් ගල්ගැහුනු තීන්ත අරගෙන ඇවිත් ඒකට භූමිතෙල් දාලා පින්සලක් හොයගන්න බැරිනිසා කෝටු කෑල්ලට සිගරට් බට් එක බැඳලා එකෙන් තමයි අපි අකුරු ලියලා ඉංග‍්‍රීසි උගන්නන්න පටන් ගද්දී ප‍්‍රචාරක කටයුතු කලේ. තාප්පවල පාප්ප ගැවේත් මම. දියකෙරුවෙත් මම ඒවායේ අකුරු ලිව්වෙත් මම. ? එළිවෙනකම් ඒවා අලවලා, නිදිමරලා, උදේට උගන්නලා තමයි අපි පන්ති පටන් ගත්තේ. මම බොහොම ජනප‍්‍රිය වෙලා හිටියේ මේ වෘත්තීය දේශකයින්ගේ සූරාකෑමට එරෙහිව අරගල කරන නායකයෙකු හැටියට.

මම මේ ක්ෂේත‍්‍රයට ආවේ මගේ බිඳවැටුණු ජීවිතය නැවත ගොඩගන්න. ඒ වෙලාවේ අල්ලක් විතර බංකුවේ වාඩිවෙලා මකුණෝ කකා පොල්අතු මඩුවල හිරවෙලා දුක්විඳපු කෙල්ලන්ගේ කොල්ලන්ගේ සත පහෙන් දහයෙන් තමයි මගේ ජීවිතය මම ඉස්සරහට ගෙනාවේ. මම කවදාවත් ඒක අමතක කරන්නනේ නෑ. මේ ගමන ආරම්භ කලේ එහෙමයි මම. එදා ප‍්‍රාග්ධනයක් තිබුනේ නෑ. ප‍්‍රාග්ධනයක් නොතිබුනු අපට තිබුණු එකම ප‍්‍රාග්ධනය හුණු කෑල්ල අරගෙන දැනුමත් අරගෙන පන්තියට යන එක විතරයි. ඒ නිසා මේ වෘත්තීය දේශකයන් බොහෝ දෙනෙකුට තමාගේ දැනුම ධනය කරගෙන ඒක ශක්තියක් කරගෙන ඉස්සරහට ගමන් කරන්න පුළුවන් පුද්ගලයෙකු හැටියට මම මේ ගමන ආවේ. මට වැරදුනේ නෑ.

ඒ වගේම මම මැතිවරණයට ඉල්ලපු පලමු අවස්ථාවේදීම ප‍්‍රචලිතම දේශපාලඥයා ගාවට කරමුලටම ආවා ඉහළම වැඩි මනාප ඡුන්දයත් අරගෙන. ඒකට හේතුව, පින්සිද්ධ වෙනවා මගෙන් ඉගෙන ගත්තු දරුවන්ට. ඒ දරුවන්ට පින්සිද්ධ වෙන්න තමයි මම ඒ ජයග‍්‍රහණය දිගින් දිගටම ලැබුවේ. දැනුත් මගේ ආශාව තිබෙන්නේ කවදාක හරි මේක බැරිවුන දවසක ඉංග‍්‍රීසි උගන්වන්නයි. මොකද සියලූ වෘත්තීන්ගේ මාතෘ වෘත්තිය ගුරු වෘත්තියයි. ඊට එහා වෘත්තියක් නෑ. ගුරුදේව කියන පශ්චාත් වර්ණාත්මක පදය කිසිඑකකට එකතු කරන්නෙ නෑ. වෛද්‍ය දේව, ඉංජිනේරු දේව, නීති දේව කියලා කාටවත් කියන්නේ නෑ. ගුරුවරායාට පමණයි ගුරුදේව කියලා කියන්නේ. ඒක ඔබේ ඇගට, ඇස්, ඉස්, මස්, ලේ අතරට කි\ා බහිනවා. ඒ නිසා ගුරු දේවයා සල්ලි වලට පමණක් වැඩ කරන කෙනෙක් නොවේ. වාසියට, කාසියට, පනම් වලට පමණක් වැඩ කරන්න නොවෙයි. දරුවන්ට කරුණාව, දයාව, සෙනෙහස බැඳුනු උත්තරීතර මනුෂයෙකු බවට පත්වෙනවා. ඒක නිසාම අපේ පංතිවල කිසිම මුදලක් ගන්නේ නැතුව ඉගෙන ගත්තු දරුවෝ අනන්තවත් හිටියා. මම හිතනවා ඔබ ගාවත් අනන්තවත් ඇති. ඒක දිගටම කරගෙන යන්න කියලා මම ඉල්ලා සිටිනවා. කාඞ් එකක් ගන්න විදියක් නෑ. මුදලක් ගෙවා ගන්න විදියක් නෑ. ඒ අයට ඔබ ඒ දක්වන දේ ඔබට කවදාකහරි ලැබෙයි.

මට මගේ දරුවෝ ගැන හොයන්න බලන්න වේලාවක් තිබුනේ නෑ. ඔබටත් එසේමයි මම දන්නවා. ඔබ මේ ආ ගමනට මම සුභ පතනවා. මම මේක උත්සාහ කලා කාලයක් කරන්න. මට අවශ්‍ය වුනා නිල තත්වයක් ලබා ගන්න. ප‍්‍රමිතියක් දෙන්න ගුරුවරුන්ට. පුහුණුවක් දෙන්න. ආයතනගත කරන්න. ඒක දැන් ක‍්‍රමානුකූලව ඔබතුමාලා ගොඩනගාගෙන තියෙනවා. ඒ දවස්වල උත්සාහය හරියාකාරව ප‍්‍රයෝජනයක් ගන්න බැරි වුනේ ඔබව ඒකරාශි කරගන්න බැරිවුන නිසයි. මොකද පන්තියක් එක දවසක් නැවතුනොත් ඒකට වෙන දේත් ඔබතුමන්ලා දන්නවා. මම ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා ඔබ නැවත නැවතත් මේ ආයතනවල ඔබගෙන් ඉගෙනගන්න දරුවන්ගෙන් ඔබට යම්කිසි මුදලක් ලබා ගත්තාට කමක් නෑ. නමුත් හැමවිටම ඔබේ හදවතේ කොනක ඉඩක් තබාගන්න බැරිවෙච්ච හැම කෙනෙකුටමත් අවස්ථාවක් ලබාදෙන්න’

– වජිර කොඩිතුවක්කු

76 views
Main News