එදා මහා ගලක් අද හොදම වරාය කියා විකුණලා.. පලයං කියද්දීත් ශ්රීලනිප ඇමතිලා ඉන්නේ රෙදි ඇදගෙනද..
December 17, 2016 at 4:40 pm | lanka C news
ආණ්ඩුවේ සිටින ශ්රිලනිප ඇමතිවරුන්ට එජාපය විසින් කරන නින්දා අපහාස හමුවේ ඔවුන් රෙද්දක් ඇදගෙන සිටින්නේදැයි සැක බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ අම්බලන්ගොඩ පැවති උත්සවයක් අමතමිනි.
එදා මහා ගලක් ඇතැයි කියූ හම්බන්තොට වරයා අද ලෝකයේ හොදම වරාය කියමින් විකුණා දමා ඇතැයිද ඔහු එහිදී කියා සිටියේය.