එදා මහින්ද හොරා කියු මහා ලොකු සිල්වතුන්ගේ සරම ගැලවි බිම වැටේ..

November 20, 2017 at 1:20 pm | lanka C news
එදා මහින්ද හොරා කියු මහා ලොකු සිල්වතුන්ගේ සරම ගැලවි බිම වැටේ..

තමන්ගේ බලය රැකගැනීම සඳහා යහපාලන ආණ්ඩුව ජාතිවාදී ගැටුම් භාවිතා කරමින් සිටින ආකාරය ගිංතොට ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධියෙන් පැහැදිලි වූ බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

යහපාලනය නාමයෙන් බලයට ආ වර්තමාන ආණ්ඩුවේ නායකයන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා එදා බේරුවල ජාතිවාදී ගැටුම නිර්මාණය කළේ ද මෙවැනිම ආකාරයට බව පැවසූ රණතුංග මහතා යහපාලන නායකයන්  කවදත් ජාතිවාදය යොදා ගත්තේ තමන්ගේ බඩගෝස්තරය සඳහා බවත් පෙන්වා දුන්නේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ  ගම්පහ දිස්ත්‍රික් කාන්තා සමුළුවට උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේ දි  එක්වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ මේ වන විට කලහකාරී වාතාවරණයක් උද්ගත වෙලා තියෙනවා. මේ ගැටුම හින්දා විශාල හානියක් සිදුවී තිබෙනවා. අපිට දැනගන්නට ලැබෙන ආකාරයට මේ ගැටුමට මුල්වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමැතිවරයකුගේ ගෝලබාලයන් පිරිසක්.

ආණ්ඩුව තමන්ගේ හෙංචයියෝ දාලා මේ වගේ ගැටුම් ඇති කරලා රට පුරාම තමන්ට එරෙහිව නැගෙන ජනරැල්ල මර්දනය කරන්න යන ආකාරයක් තමයි අපිට නම් පේන්න තියෙන්නේ. ආණ්ඩුව දන්නවා දැන් ජනමතය තියෙන්නේ කොතැනද කියලා. ඒක වහගන්න තමයි මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්නේ.

මේ වගේ දේවල් ඇති වුණාම ‍ඒවා මහින්ද මහත්තයා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පිටින් යවලා ජනතා අප්‍රසාදය ඒ පැත්තට හරවන්න ආණ්ඩුව උත්සාහ කරනවා. වෙන එකක් තියා ආණ්ඩුවේ දුර්වලකම නිසාම හටගත් තෙල් අර්බුදය පවා මහින්දගේ කරපිටින් යවන්න තමයි ආණ්ඩුව උත්සාහ කළේ.

අපි පැහැදිලිවම කියනවා මේ ජාතිවාදී ගැටුම ආණ්ඩුව තමන්ගේ බලය රැකගැනීම සඳහා නිර්මාණය කරපු එකක් කියලා. මේ ගැටුම පිටුපස ඉන්න අය, ගැටුම ඉදිරියට ගෙන ගිය හැටි නිරීක්ෂණය කරන ඕනෑම කෙනකුට පේනවා ආණ්ඩුව මේ ගැටුම තමන්ගේ වාසියට යොදාගත්තු හැටි.

මේ ආණ්ඩුවේ ඉන්න නායකයන් සියලුදෙනාම ජාතිවාදය බඩගෝස්තරය කරගෙන බලයට ආපු පිරිසක්. එදා බේරුවල ජාතිවාදී ගැටුමක් ඇති කරලා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති ධූරයෙන් ඉවත් කරන්න කටයුත කළෙත් මේ ආණ්ඩුවේ අද මුල් පුටුවල ඉන්න ඇමැතිවරුන්ම තමයි.

එදා මහින්ද රාජපක්ෂ මහතා බලයෙන් පහකරන්න ජාතිවාදය යොදා ගත්තු අය අද තමන්ගේ ආණ්ඩුවට එල්ල වෙලා තියෙන විරෝධය වහගන්න ජාතිවාදය භාවිතා කරනවා. මේක ඉතාම භයානකයි. යහපාලන ආණ්ඩුව දැන් රට අරගෙන යන්නේ කොතැනටද කියන එක පැහැදිලි වෙලා ඉවරයි.

එක පැත්තකින් ජාතිවාදී ගැටුම් නිර්මාණය කරලා ජනතා අප්‍රසාදය වෙන අතකට හරවන්න යන අතරම අනෙක් පැත්තෙන් අගමැතිවරයා ඇතුළු ඇමැතිවරුන් ඒ ප්‍රදේශවල සංචාරය කරමින් ජනතාවගෙන් ලකුණු දමාගැනීමේ තරගයකත් නිරත වෙනවා අපි දැක්කා.

මිනිස්සුන්ගේ ලේවලින් බලය රැකගන්න හදන එක යහපාලනය ද කියලා අපි අහන්න කැමැතියි. එදා දෙනවයි කිව්ව සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය දැන් දෝරේ ගලා යන්න පටන් අරගෙන. ඡන්ද කල්දාලා, ජාතිවාදය අවුස්සලා, ජනතාව මර්දනය කරලා මේ ආණ්ඩුව යන්නේ සුපිරි ඒකාධිපති ගමනක්.

ලංකාවේ පමණක් නොවෙයි මුළු ආසියාවෙම සිද්ධ වෙච්ච ලොකුම මංකොල්ලය වන බැඳුම්කර ‍මගඩිය දැන් තීරණාත්මක අවස්ථාවක ඇවිත් තිබෙනවා. එදා අර්ජුන් මහේන්ද්‍රන් සහ බෑණා ආරක්ෂා කරන්න කෝප් කමිටුවේම සාමාජිකයන් කටයුතු කළේ කොහොමද කියන එක දැන් හෙළිවෙලා ඉවරයි.

අර්ජුන් මහේන්ද්‍රන්ගේ සල්ලි කුට්ටිවලට තමන්ගේ ආත්ම ගෞරවය පාවා දුන් සුජීවලා, දයාසිරිලා, හර්ෂණලා, අජිත් පෙරේරලා සමාජය ඉස්සරහා නම් පෙනී ඉන්නේ මහා ලොකු සිල්වතුන් වගේ. මහින්ද හොරා හොරා කියපු තක්කඩි හොරුන්ගේ අද සරම ගැලවිලා ඉවරයි.

මේ වගේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවටම ලැජ්ජාවක්. ඒ හින්දා අපි කියන්නේ මොවුන් සියලුදෙනා කෝප් කමිටුවෙන් පමණක් නොවෙයි පාර්ලිමේන්තුවෙන්ම එලවලා දාන්න ඕනේ. මොවුන්ට ජීවිතයේ ඉතිරි කාලය ගෙවන්න හිරගෙයත් සුදුසු වැඩියි කියන එක තමයි මගේ නම් අදහස.

මේ අයට දෙන්න ඕනේ රජකාලේ දඬුවම්. බලයට ඇවිත් මාසෙන් රටම විනාශ කරපු මේ දේශද්‍රෝහී ආණ්ඩුව එලවලා දාන්න දැන් කාලයට ඇවිත් තිබෙනවා. තවදුරටත් මේ රට පාලනය කරන්න මේ ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් නැහැ. මේක කම්බා හොරුන්ගේ ආණ්ඩුවක්.

අගමැතිවරයාගේ ඉඳන් ආණ්ඩුවේ ඇමැතිවරුන් සියලුදෙනාම මේ මහා මංකොල්ලයට වගකිව යුතුයි. මම දන්නේ නැහැ, මම දැක්කේ නැහැ කියලා මේ වගකීමෙන් ‍මිදෙන්න ජනාධිපතිවරයාටත් බැහැ. ඔහු තමයි මේ අගමැතිව නීතියටත් පිටින් පත්කරලා මේ මංකොල්ලයට පසුබිම සැකසුවේ.

නීතියෙන් ගැලවුණත් මේ හොරු රැලට තමන්ගේ හෘදය සාක්ෂියෙන් නම් ගැලවීමක් නැහැ. අද රටේ ආර්ථිකය කඩා වැටීමට හේතු වෙලා තියෙන්නේ බැඳුම්කර වංචාව මිසක් රාජපක්ෂ රජයේ වැරැදි නොවෙයි. අද රටේ දුක්විඳින ජනතාව කරන ශාපය මේ ආණ්ඩුවේ ලොකු ලොක්කන්ගේ කරපිටට ඇද වැටෙන දවස වැඩි ඈතක නොවෙයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

94 views

5 Comments to “එදා මහින්ද හොරා කියු මහා ලොකු සිල්වතුන්ගේ සරම ගැලවි බිම වැටේ..”

  1. nuwan says:

    apita hitapu kamba horu kupaadiyo minimaruwo newatha balayata genna one nehe

    • Horaa says:

      Hariyata hari nuwan. Maha banku bandhumkara maha horakamata gaewuna ekekutawath chandhe dhenda epa! epa!! epa!!!.

  2. කතිරය says:

    බැඳුම් කරය හංගන්නට කියන කතා
    බෙදුම් කරය රඟපාලා ගොතන කතා
    සිඳුම් ඇති සැටි වසඟය අමුන ගොතා
    පිදුම් නොදෙනු රැවටිල චන්දයම සිතා

  3. නරුමයා says:

    දිට්ඨ ධම්ම වේදනි කර්මය කියන එක
    නැවතිය නොහැක මොන ජගතා තක
    කර්මය පටිසංවේදි සිතෙහි දැනුන එක
    උරුමය කාගෙන ඒ පව විඳ ගෙවන එක

  4. ww says:

    ethakota prassanna horakan kerema nedda……….

Main News