එදා මා පැරදූ ප‍්‍රතිඵල ජනතාව අද භුක්ති විදිනවා.. රට බේරන ක‍්‍රමවේදය මා සතුයි…

January 17, 2022 at 12:00 pm | lanka C news
එදා මා පැරදූ ප‍්‍රතිඵල ජනතාව අද භුක්ති විදිනවා.. රට බේරන ක‍්‍රමවේදය මා සතුයි…

වසර 2 කට පෙර අවස්ථා දෙකකදී ජනතා තීන්දුව අභියස තමන් පසුබෑමට ලක්වූ බවත්,එහි ප්‍රතිඵල අවාසනාවන්ත ලෙස අද භුක්ති විඳින්නට සිදුව ඇත්තේ මේ රටේ අහිංසක ජනතාවට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රත්නපුරයේ පැවති සමගි විහිදුම් බලගණයේ දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් පැවසීය.

ජනතාව ලබාදුන් වෙනසෙන් පාලකයින්ට පාඩුවක් වී නැති බව පැවසූ විපක්ෂ නායකතුමා ඔවුන් සුර සැප විඳින බවත් ජනතාව මහ පාරේ ලතවෙමින් පෝලිම්වල දුක් විඳිමින් පීඩා විඳින බවත් පැවසීය.

මේ ආණ්ඩුව ගෙනයන ආර්ථික ගමන වැරදි බව ලෝකයේම ආර්ථික විශේෂඥයින් කියන විට ආණ්ඩුව ඒ කිසිවක් මායිම් නොකළ බවත්,සුපුරුදු වැරදි ගමනේම ආණ්ඩුව යන විට ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල පහලට ඇද දැමූ බවත් අද ලෝකයේ කිසිදු රටකින් හරිහමන් ණයක් ගැනීමටවත් බැරි තැනට රට පත්ව ඇති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

අද වෙනකොට තවදුරටත් ශ්‍රේණිගත කිරීම්වල පහල අඩියටම වැටෙමින් සිටින තත්වයක් තුළ මේ රටට ආයෝජකයින් කිසිවකු නොපැමිණෙන බවත්,අඩු පොලියට ණයක් හෝ ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවත් ඒ මහතා පැවසීය.එපමණක් නොව අත්‍යවශ්‍ය ඖෂධ ටික,අත්‍යාවශ්‍ය ආහාර හෝ,කර්මාන්තවලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ,තෙල් ටික හෝ ගෙන්වා ගැනීමටත් නොහැකිවන බව ද ඒ මහතා පැවැසීය.

විපක්ෂ නායකතුමා මෙසේද පැවසීය.

“බොහෝ තැන් වල කියවුනා ගතානුගතික සම්ප්‍රදායානුකූල යල්පැන ගිය රාමුවට කොටු වුණු දේශපාලනයෙන් ඔබ්බට ගිය අලුත් විදිහට වැඩ කිරීම . අපි අලුත් පක්ෂයක් පමණක් නොවේ. අපි අලුත් විදියට ඉදිරියට යන පක්ෂයක් . මේ රටේ නිදහසින් පස්සේ විපක්ෂය සක්‍රීයව රට ගොඩනගන වැඩසටහන් කරනවා අහල තියෙනවද? ආණ්ඩුව කෙරේ බදු ගෙවන්නන්ගේ සල්ලි වලින් විවිධ සංවර්ධන වැඩසටහන් කිරීමයි. හැමදාම විපක්ෂය කරේ කොහොමහරි සැලසුම් හදනවා ආණ්ඩුව පරාජය කරලා බලයට එන්න. විපක්ෂය කිසිම දවසක කරේ නෑ සංවර්ධනය. covid ආරම්භ වුණු දවසේ ඉදල සමගි ජන බලවේගය අදහස ඉදිරිපත් කරා. ආණ්ඩුවේ වැරදි විවේචනය කරයි. හොඳ දේවල් අල්පයි. ඒවට හොඳයි කිව්වා. මේ ව්‍යසන මොහොතේ ප්‍රථම වතාවට විපක්ෂය රටට අගයක් එකතු කරන්න පටන් ගත්තා හුස්ම වැඩසටහන හරහා . අද වන විට අපි රටේ රෝහල් හතලිහකට ලක්ෂ 1150 ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කරා. මන්ත්‍රීවරුන්ගේ, සංවිධායකවරුන්ගේ, අපේ සාමාජිකයන්ගේ පෞද්ගලික උදව් පදව් වලින්. දෙස් විදෙස් අපේ ශාඛාවල දානපතීන් ගේ ව්‍යාපාරිකයින්ගේ ආධාර වලින්. සම්ප්‍රදායෙන් වෙනස් වන බව අපි ක්‍රියාවෙන් ඔප්පු කරා.

අපි එළි දැක්වූවා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ සමගි ජන බලවේගය දැක්ම. ගරා වැටුණු ආර්ථිකය ගොඩනගන්න එක පිළිවෙතක් තමයි ඩිජිටල් ආර්ථිකය ක්‍රියාත්මක කිරීම. covid සමයේ මේ රටේ ඔන්ලයින් අධ්‍යාපනය හරියට කරන්න වුණේ නැහැ . පාසල් ළමුන්ගෙන් සියයකට හැත්තෑවකට ඩිජිටල් යුගය උදා වෙලා නෑ. අපි ආරම්භ කළා සක්වල වැඩසටහන. මේ සම්පත් ඌනතාවයෙන් පෙළෙන ලංකාවේ තෝරාගත් පාසල් වලට පරිගණක, ප්‍රින්ටර්, smartboard පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් .

පාර්ලිමේන්තුවේ එකක් කියලා, වැඩ වරදිනකොට තව එකක් කියන්න ඒ අයට හැකියාවක් නෑ. මේ මෝඩ පෝර ප්‍රතිපත්තිය තුළ තමන්ගේ සුපුරුදු නිෂ්පාදන ධාරිතාවය අඩු කරන්නට යෙදුණු ඒ ගොවියාගේ අස්වැන්නට වන්දි ලැබෙන තෙක් අපි අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් ගොවි ජනතාව වෙනුවෙන් සටන් වදිනවා .

වසර 2 කට පෙර අවස්ථා දෙකකදී ජනතා තීන්දුව අභියස තමන් පසුබෑමට ලක්වූ බවත්,එහි ප්‍රතිඵල අවාසනාවන්ත ලෙස අද භුක්ති විඳින්නට සිදු වෙලා.

ජනතාව ලබාදුන් වෙනසෙන් පාලකයින්ට පාඩුවක් වෙලා නෑ. පාලකයින් සුර සැප විඳිනවා. ජනතාව මහ පාරේ ලතවෙමින් පෝලිම්වල දුක් විඳිමින් පීඩා විඳිනවා.

මේ ආණ්ඩුව ගෙනයන ආර්ථික ගමන වැරදියි. ඒ බව ලෝකයේම ආර්ථික විශේෂඥයින් කියන විට ආණ්ඩුව ඒ කිසිවක් මායිම් නොකර, සුපුරුදු වැරදි ගමනේම ආණ්ඩුව යන විට ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල පහලට ඇද වැටිලා. අද ලෝකයේ කිසිදු රටකින් හරිහමන් ණයක් ගැනීමටවත් බැරි තැනට රට පත්ව වෙලා.

අද වෙනකොට තවදුරටත් ශ්‍රේණිගත කිරීම්වල පහල අඩියටම වැටෙමින් සිටින තත්වයක් තුළ මේ රටට ආයෝජකයින් කිසිවකු පැමිණෙන්නේ නෑ ,අඩු පොලියට ණයක් හෝ ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා. එපමණක් නොව අත්‍යවශ්‍ය ඖෂධ ටික,අත්‍යාවශ්‍ය ආහාර හෝ කර්මාන්තවලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ,තෙල් ටික හෝ ගෙන්වා ගැනීමටත් බැහැ.

කයිවාරුකාර සූරවීර ආණ්ඩුවේ ඒ ඒ විෂයන් භාර ඇමතිවරු තම තමන් කරන දේ මොකක්ද කියා දන්නෙත් නෑ. ඒ නිසාම අද වන විට රටම අඳුරේ තබන්නට ඒ ඇමතිවරු සමත් වෙලා තියෙනවා.

ක්‍රමවේද තියෙනවා මිත්‍රවරුනේ රට සුරක්ෂිත කරන්න, රට ආරක්ෂා කරන්න. අමනෝඥ ආර්ථික ප්‍රතිපත්තියක් තුළින් ඒක කරන්න බෑ. සමගි ජන බලවේගය සතුව හොඳ දක්ෂ ආර්ථික දැනුමැති පිරිසක් ඉන්නවා. හැම ක්ෂේත්‍රයක් ගැනම දන්න දක්ෂයෝ අපිත් එක්ක ඉන්නවා. සමගි ජන බලවේගය තුළ තැනක් ලැබෙන්නේ වැඩකාරයන්ට පමණයි කැපවීම අධිෂ්ඨානය තියෙන අයට පමණයි.

– media unit

20,315 views

33 Comments to “එදා මා පැරදූ ප‍්‍රතිඵල ජනතාව අද භුක්ති විදිනවා.. රට බේරන ක‍්‍රමවේදය මා සතුයි…”

  1. On The Spot says:

    එදා මා පැරදූ ප්‍රථිපල ජනතාව අද භුක්ති විඳිනවා.මෙහෙම කියන්නෙ නොමේරූ ළදරු සජිත්.කුමක් වුවත් කථාව ඇත්ත​. බැරිවීමකින් හෝ ඔහු ජයග්‍රහණය කලා නම් ඒ ජයග්‍රහණය මුලින්ම විජයග්‍රහණයක් කර ගන්නේ කොවිඩ් රකුසාය​.බොත්තම් ඔබමින් ආතල් ගන්නා මොහුගෙන් කුමක් බලාපොරොත්තු විය හැකිද​?නුවර එළියට ගොස් කොලයක් බලාගෙන එප්පුඩි සුගම් කියා අසන අලන්තර කයිප අලි මන්ත්‍රාචාරී තව ඉදිරියට මොනවා කියයිද​?රටක් අසීරු අඩියක වැටී ඇති මොහොතක අන්ත කුජීත මෝඩ ලොරි ටෝක් දෙන මොහුගෙන් බුද්ධිමත් ජනයාට අත්වන සෙත කුමක්ද​?පාසල් ලමුන්ට සපත්තු නොමැතිව ඉගෙන ගත නොහැකියි කියනා මොහු ඉපදුනේද සපත්තු දමාගෙනය​.එසේ නම් ඔහු ඉගෙන ගත්තාද​?ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියා පැරැන්නෝ වැහැරුවේ මෙවන් උදවියටය​.දේවාල පසු පස ගොස් උඩුකය නිරුවත් කර යදින්නේ කුමක්ද​?අසීමිත මිත්‍යාවෙන් පිරුණ මෙවැන්නෝ විපක්‍ෂයේ පමණක් නොව ආණ්ඩු පක්‍ෂයෙන්ද ලාබෙට සොයා ගත හැකිය​. මොහුට ඇත්තේ බලය පිළිබඳ උන්මත්තක ආශාවකි.මෙවැන්නෙක් බලය ගත හොත් පැය විසි හතරම පිස්සු කෙලිනු නියතය​.

  2. මමි says:

    ආසියාවේ ලොකුම ගොන් නාම්බා.

  3. Saman kumara says:

    දැන් පත්වී සිටිනා ගොං හරකාට වඩා සීයට දෙසීයක් හොඳය.

  4. Man says:

    මූ පත් උනා නං ඉදල ඉවරයි 😀

  5. පුරවැසියා says:

    අනේ බූරු පුතේ, උඹ ගැන අපිට හරි දුකයි බං. දැන්වත් දවල් හීන දකින එක නවත්තපං. මහජනතාවට බොරු කියන එක, වංචා කරන එක නවත්තපං. රනිලා මහ බැංකුව සුද්ධ කරනකොට, හම්බන්තොට අවු: 200කට චීනෙට ලියනකොට, port cityයෙ වැඩ නවත්වනකොට උඹ හිටියෙ නිදාගෙනද?

Main News