එදා මෛත්‍රී ඔසවා තැබු සජිත්ගේ සියලු තටු කැපීමේ වැඩපිළිවෙළ ආරම්භ වේ.. පක්ෂ නියෝජ්‍ය නායකත්වය අහිමි වීමේ අවදානමක්..

April 5, 2017 at 3:24 am | lanka C news
එදා මෛත්‍රී ඔසවා තැබු සජිත්ගේ සියලු තටු කැපීමේ වැඩපිළිවෙළ ආරම්භ වේ.. පක්ෂ නියෝජ්‍ය නායකත්වය අහිමි වීමේ අවදානමක්..

පසුගිය ජනාධිපතිවරණයේ මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙස පත්කිරීමට එජාපයේ නායකත්වය ගත් තීරණය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කල එජාපයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝජ්‍ය නායකත්වය අහිමි වීමේ අවදානමක් ඇති වී ඇති බව දේශපාලන තිරයේ පිටුපස කතා බහ වෙමින් තිබේ.

එවකට විපක්ෂ නායකව සිටි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන්නේ නම් ඒ වෙනුවෙන් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරිපත් වීමට හැකියාවක් තිබියදි පවා එම අවස්ථාව ශ්‍රිලනිප ලේකම්ව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට පක්ෂය තීරණය කිරීමේදී ඒ වෙනුවෙන් සියලුම පරිත්‍යාගන් කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී ක්‍රියා කරන ලදි.

එහෙත් අද වනවිට එදා එජාපය තුල තමන්ට හිමිව තිබු නියෝජ්‍ය නායක ධූරය අහිමි වීමේ විශාල තර්ජනයකට සජිත් ප්‍රේමදාස මහතා මුහුණ දෙමින් සිටී. එදා පොදු අපේක්ෂක ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා මුලින්ම එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොතට පැමිණ අවස්ථාවේදි ඔහු පිලිගෙන පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස සජිත් ප්‍රේමදාස කල කතාව නිසා සියලු එක්සත් ජාතික පාක්ෂිකයින් මෛත්‍රීපාල සිරිසේන මහතා කෙරෙහි තිබූ සියලු සැක සංකා දුරු කොට ඔහුව එක්සත් ජාතික පක්ෂයේ ඡන්දයෙන් ජනාධිපතිවරයා වීමට අවශ්‍ය කැපවීම භේදයකින් තොරව කරන ලදි.

එදා සිරිකොතදි සජිත් ප්‍රේමදාස මහතා කල කතාව…

147 views