එදා යුද්දෙදී දැක්ක ගුවන් යානා අද වන්නි ජනතාවට ප්‍රදර්ශනයකින් දකින්න අවස්ථාව…
September 3, 2017 at 2:02 am | lanka C news
වන්නි ජනතාවට නව අත්දැකීමක් එක්කරමින් යුද සමයේදී දකින ගුවන් යානා වලට වඩා වෙනත් අත්දැකීමක් එක්කරමින් ශ්‍රීලංකා ගුවන් හමුදාවේ සුරකිමු ලකඹර යන තේමාව යටතේ ගුවන් ප්‍රදර්ශනය හා සැනකෙලිය සාමාන්‍ය ජනතාවට දැක බලා ගැනීමට වව්නියාව ගුවන් හමුදා කඳවුරේදී ආරම්භ වුනේ ගුවන් හමුදාපතිපතිගේ ප්‍රධානත්වයෙනි.
ගුවන් හමුදාවේ විවිධ වූ ක්‍රියාකාරකම් ඇතුලත් සංදර්ශන, සරඹ හා තූර්ය වාදන සංදර්ශන , පැරෂුට් සංදර්ශන ,සුනඛ සන්දර්ශන හා සංගීත සන්දර්ශන ආදිය වන්නි ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව උදා වී ඇත.
ගුවන් ප්‍රදර්ශනය විවෘතත කිරීමේ අවස්ථාවට ගුවාන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුලු ගුවන් හමුදා ආරක්ෂක මණ්ඩලයේ නිලධාරීන් මෙන්ම ගුවන් හමුදාවේ මූලික කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ඩී.ජේ.සී.වීරකොන් ඇතුලු ගුවන් හමුදා නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ