එදා ෂොපින් එකේ රෙදි අරන් පැන ආ බදියුදීන්ට අද මෙතරම් ධනය කොහෙන්ද..- පැමිණිලි කෙරේ…

March 23, 2019 at 12:00 pm | lanka C news
එදා ෂොපින් එකේ රෙදි අරන් පැන ආ බදියුදීන්ට අද මෙතරම් ධනය කොහෙන්ද..- පැමිණිලි කෙරේ…

අමාත්‍ය රිශාඩ් බදියුදීන්ගේ වත්කම්, ආදායම්ල හා බැර කම් පිළිබඳව පරීක්‍ෂණයක් කරන්නැයි අල්ලස් හා දුෂණ විමර්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

මහජන අයිතීන් සුරැකීමේ පදනම විසින් කරන ලද පැමිණිල්ල මෙසේ වෙයි.

අමාත්‍ය රිශාඩ් බදියුදීන්ගේ වත්කම්, ආදායම්, හා බැර කම් පිළිබඳව

වගඋත්තරකරුවන් :-

අමාත්‍ය රිශාඩ් බදියුදීන් – කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳව අමාත්‍යාංශය, ගාලුපාර, කොළඹ

විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් අමාත්‍ය රිශාඩ් බදියුදීන්ට සමාජයේ විශාල චෝදනා රැසක් එල්ලවේ. ඒ ඔහුගේ යටතේ සිදුවූ උතුරු වසන්තය නම් වැඩසටහන තුළින් 2011 හා 2012 යන වසරේ දී සිදුවූ නැවත පදිංචි කිරීම් මත උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් ය.

මෙම කාරණාවෙ දී ඔහුට යම් ආදායමක් ලැබී ඇත්ද යන්නත්, ඔහු සතු වත්කම් ඔහු සොයා ගත්තේ කෙසේද යන්නත් සමාජයේ දැඩි ප්‍රශ්ණයක් බවට පත්ව ඇත.

2019 මාර්තු මස 21 වනදා Neth FM බැලුම්ගල වැඩ සටහනේ දී “ඔබ තුමා ‍යුද්ධය කාලයේ දී ශොපින් බෑග් එකක රෙදි දාගෙන ආපු කෙනෙක් නේ, එතනින් බේරිලා ආපු කෙනෙක් නේ” කියා නිවේදකයා ප්‍රකාශ කරනා විට අමාත්‍ය රිශාඩ් දුරකථනය විසන්ධි කරයි.

මේ හේතුවෙන් ඔහුගේ වත්කම් හා ආදායම් පරික්ෂා කර යුතු බවට සමාජයේ විශාල මතයක් නිර්මාණය වී ඇත. මේ අනුව ඔහුගේ වත්කම්, ආදායම්, බැර කම් පරීක්ෂාවකට ලක් කරන ලෙස අපි ඔබ කොමිෂන් සභාවෙන් මින් ඉල්ලා සිටිමු.

– මහජන අයිතීන් සුරැකීමේ පදනම

26,059 Viewers

7 Comments to “එදා ෂොපින් එකේ රෙදි අරන් පැන ආ බදියුදීන්ට අද මෙතරම් ධනය කොහෙන්ද..- පැමිණිලි කෙරේ…”

  1. sakalabujan says:

    ඊලග ජනාධිපතිවරණයට
    ප්‍රධාන පක්ෂ දෙකෙන්(, පෙරමුණු දෙකෙන්)එකකටවත් රිෂාඩි නොගන්න තැනට රට පත්කර ගත්තොත්
    අපට පුළුවන් ඔහුගෙන් විල්පත්තුව රැකගන්න.

    එහෙම නැතුව තව අවුරැදු 50ක් අපි සමාජජාලා මගින් පෙත්සම් ලීවත් කැ ගැහුවත් වෙන සෙතක් නෑ.

    මම මගේ ජන්දයවත් ඊලග පාර රිෂාඩ් බදුර්දීන් එක්ක හිට ගත්තොත් ගෝඨාභයට වුනත් දෙන්නේ නෑ.

    පුළුවන් නම් අපි රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ කොළණි කරණය තනි කරන්න බලපෑම් කරමු.

    කරන්න තියෙන්නේ ඒක විතරයි.

    අපි වැරැද්ද පටන් ගත්තේ කවුද?
    ඇයි අද වැරැද්ද හදන්න බැරි ?
    කියලා කෙස් පැලෙන තර්ක කරනවාට වඩා

    හොයා ගත යුත්තේ මේක නතර කරන්න සෘජු හයියක් තියෙන තැනට පත්වීමයි.

    • Saman says:

      ෂොපින් එකේ රෙදි අරන් ආපු අය තමා අද යුඑන්පී පොහොට්ටු ශ්‍රීලනිප හෙල කරුම ජානිපෙ කෝටිපතියෝ වෙලා ඉන්නෙ.

  2. sakalabujan says:

    Mun gahala tiyenne supiri gehili…

    Den hema Ministry ekakama Mulim Lokko dala inne…Hoyanna be malata…

    Wilapattuwa nam iwarai itin

    විගණකාධිපතිවරයා විසින් විල්පත්තු වන සංහාරය පිළිබදව නිකුත් කළ වාර්තාව මගින් අනාවරණය කෙරුණේ, ඉදිකල නව ජනාවාසවල පදිංචිකර ඇත්තේ යුද්ධයෙන් අවතැන්වූ පිරිස් නොව වෙනත් ප්‍ර දේශවලින් ගෙන්වූ මුස්ලිම් ජාතිකයන් බවයි. පාකිස්ථානයේ හා විවිධ රටවලින් මෙරටට අනවසරයෙන් සංක්‍රමණය වූ මුස්ලිම් ජාතිකයන් ද මෙම ජනපදවල පදිංචි කර ඇති බවටද මිට පෙර චෝදනා එල්ලවිණි.

  3. crazy says:

    People; lets create a strong facebook group to stop de-forestation in Sri Lanka. Let’s make it very influential and decisive voter group which main political parties cannot ignore listening to.

  4. john the baptice says:

    කැලේ කපනවා විතරක්ද ඒ ලී කොටං වල සල්ලිත් ඇමති ගන්නවා කියලයි ආරංචි

  5. Jayasinha says:

    මේ ආණ්ඩුව ආවදා ඉඳල විල්පත්තුවෙ එක බිම් අඟලක්වත් දීල නැහැ කියල ලොක්කෙක් කිව්වනෙ.
    ඇත්තටම අපට පිස්සුද​?
    නැත්නම් ඒක කියපු කෙනාට පිස්සුද​?

  6. Dayani says:

    When MP Ranjan Ramanayake visited Wilpattu, a large area has been cleared and the people living there said that they are given 80 perches land and Rs. 750,000 to build houses.!!
    When MP Ranjan asked who gave them approval they said it was Rishad Badurdeen.!!!
    The photos are not real and an irrecoverble damage to Wilpattu has been done already.!!

Main News