එදා 20ක් එක්ක එනවා කියා ආවේ 04ක් විතරයි.. ජනාධිපති ගැන දැඩි කලකිරීමෙන් ඉන්නේ..- ඇමති සුජීව ජනපති පට්ටා ගහයි..
November 22, 2017 at 10:00 am | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමකින් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.
ඇතැම් පිරිස්වල උවමනාවට එක්සත් ජාතික පක්ෂයේ තරුණ දේශපාලනය විනාශ කිරීමට ජනාධිපතිවරයා පංගු කාරයෙක් නොවිය යුතු බවද ඒ මහතා කියයි.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
“මම ඇත්තටම ජනාධිපතිතුමන් ගැන ඉන්නේ විශාල කළකිරීමක. අපි එතුමන්ව පත්කළේ ජීවිතය කැප කරලා. එතුමන්ට දීලා තියෙනවා රාජපක්ෂලත් විනාශ කරලා එක්සත් ජාතික පක්ෂයකත් විනාශ කරලා එතුමන් 2020 විශාල බලයක් එයි කියලා එක ආයතනයක්. මම එතුමන්ට කතා කරලා කිවුවා මාසයකට කලින්. මේ කොමිසම දික් කරලා මොකක්ද කළේ. දික් කරගෙන දික් කරගෙන අපිට මඩ ගහනවා.
මිග් ගණුදෙනුවට කෝ ජනාධිපති කොමිසමක්. කෝ නැවු ගනුදෙනු වලට ජනාධිපති කොමිසම් කෝ අඞ්වර්ටයිසින් කොම්පැනිවලට කෝ ජනාධිපති කොමිසම්.
ජනාධිපතිතුමාට මම කියනවා එතුමගේ දරුවො වයසේ තමයි අපිත්. එතමා දරුවෝ ආරක්ෂා කරනවනම් එතුමට ඊ නිව්ස් එකෙන් ගහනවනම් අපිට ගහන එකත් හොද නැහැ යම් මාධ්‍යයක්.
පොදු අපේක්ෂකයා විදියට එතුමා විසි දෙනෙක් අරන් එනවා කියලා 04ක් අරන් එනකොට කට්ටිය කිව්වා දෙන්න එපා කියලා. එතනදි රෝසි සේනානායක මහත්මියත් මමත් කිව්වා එතුමා තීන්දුවක් අරන් ආවා කීයක් එක්ක ආවත් මේ සටන පටන් ගමු කියලා. වරදක් තියෙනවනම් නීතිය ක්‍රියාත්මක කරන්න. එතුමා ජනාධිපතිතුමා එතකොට අපිට ඇගිලි දික්කරන්න බැහැ හොරු අල්ලන්නේ නැහැ කියලා. එතුමන්ට පුළුවන් නම් බැදුම්කර කොමිසම දාලා ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඇයි අනිත් ඒවට බැරි.
මම ජනාධිපතිතුමාට කියන්නේ. ජනාධිපතිතුමා හිතා මතාම 2008 ඉදන් හොයන්නේ නැතුව 2015 ඉදන් පටන් ගත්තා. ගහක පැළ වුණ තැන හොයන්න බැහැ මුල නැතුව. ඉතා ලේසියෙන් කරන්න තිබුණා 2008 ඉදලා මේ බැදුම්කර කොහොමද ඇතිවුනේ කියලා හොයලා බලන්න කියලා. ඇයි මේක කරන්න බැරි අපි මේ ගැන එතුමන්ගෙන් ඉල්ලූව. මෙතන තිබුණේ දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂය එරෙහි කුමන්ත්රණයයි. මම එක්සත් ජාතික පක්ෂයේ ඉන්නකම් ඒ පක්ෂය ආරක්ෂා කරන්න මම බැඳිලා ඉන්නවා.
එමෙන්ම හදුන්නෙත්ති මහත්තයට සදාචාරාත්මකව ඉදගන්න අයිතියක් නැහැ ඔය කෝප් කමිටුවේ. මොකද පළමුවෙන්ම බැදුම්කරයට එරෙහිව කථා කරේ එතුමන්. .මන් යම් දෙයක් සම්බන්ධයෙන් අදහසක් දරනවනම් ඒකේ සභාපති වෙන්න එතුමන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ. අපිට පුළුවන් මතයක් දරලා සාමාජිකයකු ලෙස ඉඳගන්න. අපි අර්ජුන් ඇලෝෂියස්වත් රත්වත්තේවත් කවුරුත් ආරක්ෂා කරන්නේ නැහැ“ යැයි ඒ මහතා පැවසීය.
– Lankadeepa
There are certain physical signs which indicate the person is close to death. ‘Gurgling’, which sounds alarming, is one such sign. Mr. Sujeewa S! This is quite normal and expected by the people in Sri Lanka. Go ahead and keep gurgling and babbling until not only you, but your masters and your two parties (UNP and SLFP (MS sect) disappear from the political landscape in Mother Lanka.
This bugger is 47 years old. Daham Sirisena must be in his late twenties.
Complete nut. And King chetiya is second to his lies.
මුන්ගෙ ආන්ඩුවෙ සොලිසිටර් ජෙනරාල්ම කියනවා නිදහසෙන් පස්සෙ වෙච්ච ලොකුම හොරකම බෑඳුන්කර හොරකම කියලා. මූ කියනවා ඒ හොරකම ගෑන හොයන්ඩ එපා ඒක හෙව්වම මුන්ගෙ හූ ඈම්පියට හොඳ නෑ කියලා. ඉඳපන්කො ආන්ඩුව වෙනස් වෙනකන් තොපි ඔක්කොටම ඉන්ඩ වෙන්නෙ හිරේ.
තඹයා මරු දැකල ඉන්නේ…..
ඔය තරම් බය මොකද තොගෙ මහ එකා තමුසෙව බේරගනීනෙ…..
හොරු සමග හෙලුවෙන්!
සුජියො,ටොමිය වගේ සද්ද නැතුව උන්න නම් ඔච්චර අසූචි ගෑවෙන්නෙ නෑනෙ බං.බලපංකො ටොමිය අසූචි ගිලල ඉන්න ලස්සන?????