එදිරිසිංහ පොල්තෙල් බවුසර උසාවියේ තියන්නැයි නියෝගය කඩා රේගුවට අරන් ගිහින්.. විනිසුරු පොලිසියට බැණ වදී..
April 1, 2021 at 11:20 am | lanka C news
පිළිකාකාරක අඩංගු බවට සැක පොල්තෙල් බවුසර් දෙක මාරවිල මහේස්ත්රාත් අධිකරණයේ නියෝග නොතකමින් රේගුවට භාර දීම පිළිබඳ මාරවිල මහේස්ත්රාත් රඛිත අබේසිංහ මහතා දංකොටුව පොලිසියට ඊයේ (31) දැඩි ලෙස අවවාද කළේය.
ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර අධිකරණයට වහාම කරුණු වාර්තා කරන ලෙසද මහේස්ත්රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කළේය.
පසුගිය 29 වැනි දින රාත්රියේ දංකොටුව පොලිසිය මඟින් පොල්තෙල් සහිත මේ බවුසර් දෙක අත්අඩංගුවට ගෙන තිබුණු අතර මේ සම්බන්ධයෙන් 30 වැනිදා මාරවිල මහේස්ත්රාත්වරයාට කරුණු ඉදිරිපත් කළ අතර මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත්තේ බවුසර් අධිකරණ භාරයේ රඳවා තබා රස පරීක්ෂක වාර්තාවක් කැඳවන ලෙසයි. පොලිසිය එම නියෝග නොතකමින් පොලිස් ආරක්ෂාව මැද මේ බවුසර් දෙක රේගුවට බාර දීමට පියවර ගෙන තිබිණි.
ඊයේ (31) පස්වරුවේ මේ නඩුව මාරවිල අධිකරණයේ නැවත කැඳවූ අවස්ථාවේ මාරවිල මහේස්ත්රාත්වරයා මෙසේ පොලිසියට අවවාද කළේය.
මේ බවුසර් දෙකේ රස පරීක්ෂණ වාර්තා ගැනීමට කටයුතු කළේද යන්න මෙහිදී මහේස්ත්රාත්වරයා පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසා සිටි අතර “නැත ස්වාමිනි. පොලිස් නීති කොට්ඨාසයේ උපදෙස් පරිදි බවුසර් දෙක පොලිස් ආරක්ෂාව සහිතව ශ්රී ලංකා රේගුවට භාර දුන්නා“ යැයි ස්ථානාධිපතිවරයා පිළිතුරු දුන්නේය. “පොලිසිය කරන්නේ අධිකරණයේ නියෝග ක්රියාත්මක කිරීමද නැත්නම් පොලිස් නීති කොට්ඨාසයේ නියෝග ක්රියාත්මක කිරීමද“ යන්න මෙහිදී මහේස්ත්රාත්වරයා පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසූ අවස්ථාවේ හෙතෙම නිහඬව සිටියේය.
මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ගත්තේ දැයි මහේස්ත්රාත්වරයා අසා සිටි විට නැත ස්වාමීනි. යනුවෙන් පිළිතුරු දුන් ස්ථානාධිපතිවරයා, “රේගුවට ආරක්ෂා කර ගන්න බැරි වුණ දේ ආයේ රේගුවට දීලා වැඩක් තියනවද. මේක තීරණයක් ගන්න තිබුණේ රස පරීක්ෂක වාර්තාවක් කැඳවලා. මේ සම්බන්ධයෙන් ප්රකාශයක් දිය යුතුයි “මහේස්ත්රාත්වරයා කියා සිටි අතර ඒ අනුව ස්ථානාධිපතිවරයා ප්රකාශයක් දුන්නේය.
– පුත්තලම දිසා සමූහ ප්රසාද් පූර්ණමාල්
ha haa komiss lokko
den ithin hoda wathura thiyeyi bausar wala
chi lanka sytem
දැන් ඉතින් ඔය පොල්තෙල් මාරුකරලත් ඇති මට හිතෙන විදියට. අල්ලපු කුඩු මාරුකරනවනම් පොල්තෙල් මොන කජ්ජක්ද? ඇත්තට තිබුන ඒව අහු උනොත් රේගු නිලධාරීනුත් අමාරුවෙ නිසා දැන්නම් ඕය 2ට පිරිසිදු පොල්තෙල් පුරවල ඇති. උසාවි අන නොතකා ක්රියා කලාම අවවාදයක් විතරයි. මේව බලන් ඉදල අපි මොනාහරි උසාවියට විරුද්ධව කිව්වොත් ආයි අවුරුදු ගානකට ඇපත් නැතිව හිරේ තමා ඉන්න වෙන්නෙ. අවුරුදු ගානක් මේව අපිට කැව්වද කියල හොයා බලන්න කිසිම නීතියක් නැද්ද? රේගුවත් මෙහෙමනම්, පොලීසියත් මෙහෙමනම්, වග කිවයුතු ආයතනත් වැඩේ දැනගෙන ඉදලත් නැත්නම්, කාට කියන්නද මේ අවනඩුව?
Scolding to helpless O.I.C. will not do any purpose, instead action should be instituted against the incharge of Police Legal Division who gave wrong orders against the judiciary. Whole dramas of this Coconut Oil due to release these 13 controversial containers from the Port (Customs custody) to consignees premisesses.
Aparade polciyata baninna. epa. Usavi
niyogaa ballata dala ARAYA polciyata niyoga denna ethi
This is called the “System Change”.
මෙතැනින්ම පැහැදිළි නැද්ද වේලා තිබෙන දේය.මුන්මේ දෙකේම තේල්ටික මාරුකර රේගුවට දීලා ඇති.දැන් සොයන්න ඕනේ ඒ නියෝගය දීපු අපාතයාව.
රේගු ප්රධානියාගේ අවංක බාවය ගැන සැකයක් ඇතිවෙනවා