‘එන්ටප‍්‍රයිස් ශ‍්‍රී ලංකා’ වෙලද කුටියක් හදන්න ලක්‍ෂ 50යි.. කෝටි 150ක කුටි හදලා..

August 31, 2018 at 3:24 am | lanka C news
‘එන්ටප‍්‍රයිස් ශ‍්‍රී ලංකා’ වෙලද කුටියක් හදන්න ලක්‍ෂ 50යි.. කෝටි 150ක කුටි හදලා..

ආණ්ඩුව විසින් මොණරාගලදී පවත්වන ‘එන්ටප‍්‍රයිස් ශ‍්‍රී ලංකා’ ප‍්‍රදර්ශණය මහා මුදල් නාස්තියක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

එම ප‍්‍රදර්ශණයේ ආණ්ඩුව විසින් වෙලද කුටියක් ඉදිකිරීම සදහා රුපියල් ලක්‍ෂ 50ක් වැය කර ඇති බවත් එවන් වෙලද කුටි 300ක් ඉදි කර ඇති බවත් මන්ත‍්‍රීවරයා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

මෙම ප‍්‍රදර්ශණයෙන් එන්ටප‍්‍රයිස් එකක් ලැබී ඇත්තේ මංගල සමරවීරට, ඔහුගේ ප‍්‍රධාන නිලධාරී හල්ඔළුවට, වියන්ගොඩගේ බෑනාට යයි එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

86 views
Main News