‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ අගමැති ප‍්‍රධානත්වයෙන් ඇරඹෙයි.. ජනපතිගේ පින්තූරය කපලා යයි චෝදනා.. ජනපති රට යයි..

August 29, 2018 at 11:20 am | lanka C news
‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ අගමැති ප‍්‍රධානත්වයෙන් ඇරඹෙයි.. ජනපතිගේ පින්තූරය කපලා යයි චෝදනා.. ජනපති රට යයි..

‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ ජාතික ප්‍රදර්ශනය අද දිනයේ මොණරාගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ විය.

ප‍්‍රදර්ශණය අද සිට දින තුනක් 31 දින දක්වා පැවැත්වෙන අතර පෙරවරු 10.00 සිට රාත්‍රී 12.00 තෙක් විවෘතව පවතී.

අද දිනයේ උත්සවය ආරම්භ වූයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

මෙම උත්සවය සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහභාගී නොවීමද විශේෂත්වයකි.

ජනාධිපතිවරයා අද දිනයේ තෙදින නිල සංචාරයක් සදහා නේපාලය බලා පිටත් වෙයි.

නේපාලයේ පැවැත්වෙන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය.

මේ අතර මොණරාගල දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රීලනිප ආසන සංවිධායකයන් පවසන්නේ ප‍්‍රදර්හණයේ ප‍්‍රචාරක පෝස්ටර්වලින් ජනාධිපතිවරයාගේ පින්තූරයද ඉවත් කර ඇති බවත් එජාපයේ පැහැය වන කොල පැහැය පමණක් යොදාගනිමින් ඇති බවත්ය.

38 views

4 Comments to “‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ අගමැති ප‍්‍රධානත්වයෙන් ඇරඹෙයි.. ජනපතිගේ පින්තූරය කපලා යයි චෝදනා.. ජනපති රට යයි..”

  1. kanishka Tissa says:

    A yet another Volkswagen manufacturing factory!

  2. Memopad says:

    This is the penalty volunteerly paying by President Sirisena. He destroyed his party, he destroyed his supporters, he destroyed the country and finally he is not deserved being portrayed in any display.

  3. parakum says:

    Like BANDA destroyed the UNP as well as the country with his KODIVINA party, now the ungrateful Gamarala is in a mission to do the same?

  4. karu says:

    ea dawas wala keyway dayata kirula wage exhibition hoda naha ewa wage dewal api awama karanne na kiyalane! Dan etakota munuth karanne mahinda mahattayata bana bana ewamane! Mun serama minussu rawattuwa pakai!

Main News