එන්නත්කරණයට හම්බන්තොට වරාය හදන්න වගේ මුදලක් ගියා..

October 22, 2021 at 10:40 am | lanka C news
එන්නත්කරණයට හම්බන්තොට වරාය හදන්න වගේ මුදලක් ගියා..

කොරෝනා මර්ධන එන්නත්කරණය සඳහා රජය විසින් ඩොලර් මිලියන 400ක් වියදම් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

එම දැවැන්ත මුදල් ප්‍රමාණය හම්බන්තොට වරාය ඉදි කිරීමට වැය වූ මුදල් ප්‍රමාණය හා සමාන බව ද ඔහු පැවසීය.

රජයක් ලෙස ලෝකයේ කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දුන් පළමු රටවල් 10 තුළ පස්වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ ඇති බවද ඊට හේතුව මෙම සාර්ථක එන්නත්කරණය බවත් ඒ මහතා සඳහන් කළේය.

කොරෝනා වසංගත තත්ත්වය පැවතියද රජය සංවර්ධන ක්‍රියාවලිය ද ඉදිරියට ගෙන යමින් ඇතැයිද කී ඒ මහතා එන වසර හතර තුළ දැවැන්ත සංවර්ධන ඉලක්ක සාර්ථක කර ගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ල නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

අමාත්‍යවරයා එහිදී පැවසුවේ හම්බන්තොට වරායේ ඉදිකිරීම් ඒ වියදම ඩොලර් මිලියන 400ක් ලෙස වුවද හම්බන්තොට වරායට අදාළ ගිවිසුමේ දැක්වෙන්නේ එම වියදම ඩොලර් බිලියන 1.4 ක් ලෙසයි.

15,539 views

14 Comments to “එන්නත්කරණයට හම්බන්තොට වරාය හදන්න වගේ මුදලක් ගියා..”

  1. rakitha says:

    meyala wage aya voice cut denna giyahama rajayata athi prasadya adu wenawa. Aththa unath minissu ahanna kamathi naha. Minissunge hithe thiyenne kalawal viansha karana kenek kiyala. ai anduwe innawane meeta wada ugath buddimath amathiwaru. Eyala daanne naththe ai mewata. Anduwa gana picture eka meyala nisa weans wenawa

  2. Lotas says:

    I dose price is USD 7 = Rs 1400, For 2 dose =2800..
    Tax Paid by one person per Year is Rs 78000.00…………..A government unable to give vaccine without begging..

  3. real says:

    $5 vaccine eka $15 walata gattama ehema wenawa thama.

  4. කළු තර says:

    හැම මගුලටම මේ යකාවම එලියට දාන්නේ
    ප්‍රස්සන්න රණවීරටත් චාන්ස් එකක් දෙන්නකෝ …

  5. juan says:

    එන්නත් නොකර තව වරායක් හැදුවනන්ම් හරි. ගොඩ දෙනෙක් කැමතියි ඉක්මනට මැරිලා වෙන රටක ඉපදෙන්න

  6. LalithM says:

    හම්බන්තොට වරාය කියන්නේ කොමිස්නේ. ඒ කියන්නේ එන්නත්කරනයත් එහෙමම ද.. ඕන ව්‍යසනයක් පාලකයන්ට සුරබි ධේනුවක් වෙන බව නේද කියන්නේ.

  7. chandu says:

    චීනයට ගියා කියලනෙ ඔය කියන්නෙ

  8. සහන් says:

    ඕකෙන් කියක් නිරූපමා රාජපක්ෂ ගේ ගිණුමට ගියාද?

  9. 3% ට බය බයියා. says:

    රජයේ සේවකයින් ගේ වැටුප් කපලා කොවිඩ් අරමුදලේ තැන්පත් කලේ ඒකට තමයි කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .

  10. Sakshi says:

    Three months after no effect of Chinese vaccination. How much commission they earned. Foolish Sinhala Buddhists.

Main News