එන්නත්කරණය තවත් වේගවත් කරමින් යුද්ධ හමුදාව ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලක් අරඹයි..

August 12, 2021 at 6:50 pm | lanka C news
එන්නත්කරණය තවත් වේගවත් කරමින් යුද්ධ හමුදාව ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලක් අරඹයි..

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මගපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද ජාතික එන්නත්කරණ වැඩසටහන බස්නාහිර පළාත තුළ තවමත් එන්නත් ලබාගෙන නොමැති වයෝවෘධ පුරවැසියන් හා විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලක් අද (12) දින ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී යුද්ධ හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.

ඒ අනුව දෙමටගොඩ ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථයක්, කොළඹ 15 – මෝදර ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 03 ක්, ගංගාරාම මාවත – මට්ටක්කුලිය ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථයක්, කොළඹ 14 – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 03 ක්, කොළඹ 15 – බ්ලුමැන්ඩල් ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 02 ක් වශයෙන් අද දිනය පුරා රථ 10 ක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලය මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා දායකත්වය ලබාදේ.

– army midea

16,100 views

11 Comments to “එන්නත්කරණය තවත් වේගවත් කරමින් යුද්ධ හමුදාව ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලක් අරඹයි..”

  1. nilu perera says:

    Excellent!

  2. jayananda says:

    ranil monawa kiwath army eke service eka superb me anduwa yanthamata hari rekila thiyanne army eka nisa ranil eka hodata dannawa eki army ekata ghanne …………….SUTHARA PUNCHA

  3. Roshi says:

    Good move…👍🏽👍🏽👍🏽👍🏽

  4. Upul says:

    ශ්‍රීලංකා යුධ හමුදාවට ජය වේවා!

  5. ජෙප්පා says:

    මෙවැනි හමුදාවක් රටටම වාසනාවක්. පසුගිය යහපාහර ආන්ඩුවෙ සෞඛ්‍ය ඇමතියාට ලන්කාවෙ රෝහලකින් ප්‍රතිකාර ගන්න තරම් තත්ත්වයක් නැහැ කියලා සිංගප්පූරු රෝහලකින් බෙහෙත් ගත්තා. මුන්ට රට හදන්න කවරදාවත් ඕනෑ කමක් තිබුණේ නැහැ.

  6. Dr. Rathnayake says:

    එන්නත්කරණය වේගවත් කිරීමත් ආසාධිතයන් වැඩිවීමත් මරණ වැඩීවීමත් එකවර සිදු වීම ඔබ නිරීක්ෂණය නොකරන්නේ ඇයි? මේ හැම මරණයක්ම 30 ට වැඩි එන්නත්කරණය කළ පිරිස අතරින්මයි. 30 ට අඩු මරණ 0 යි. එන්නතේ අවුලක් තියෙනවාද කියලා හොයලා බලන්න කරුණාකරලා.

    • janaka says:

      ඇත්තටම ඔව් .ඉතා වැදගත් සාධක නොසලකා හැර හෝ නොතේරුම්ගෙන හෝ හදුනානොගෙන කටයුතු කරමින් සිටිනව.

    • Ranjan says:

      අම්මෝ තමුසෙලා වගේ බකපන්ඩිතයො නිසා තමයි මේ රටේ එන්නත් කිරීමත් පරක්කු වුනේ.හැම එකක්ම දේශපාලන ඇසෙන් බැලුවහම ඔහොම පේනවා තමයි.නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නෙ නැතිව හැම එකේම වැරදි හොයනවා.

    • කුඹුක්කණ් says:

      එන්නත් කිරීමත් සමග ඩෙල්ටා ආසාදනය වේගවත් වෙනවා, මරන වැඩි වෙනවා.
      විද්‍යාව හරි නම් එය විය යුතුයි.

      එක් ප්‍රභේදයකට සමාජයම හුරු කිරීමෙන් ,වෙනත් ප්‍රභේදයක් පැතිරීම වැඩියි
      වැක්සීන් පිලිබද ලොක්කෙක් වෙන Geert Vanden Bossche විද්යාඥයා එක්ක තියෙන සාකච්ඡාව බලන්න.

      ලංකාවෙ ඉන්න අනුකාරක බටහිර බිස්නස් වල රූකඩ ලෙස හැසිරෙන විද්‍යාඥයන් නොවේ, සැබෑ විද්යාඥයන්ගේ මතය වෙනම ගවේෂණය කල යුතුයි.

  7. KG says:

    One is reaching his political goal slowely and slowly…😉

Main News