එන්නත් කාඩ්පත නැතිව පොදු ස්ථාන තහනම්.. නමුත් සියළු එන්නත් මාස හයෙන් බල බිදෙයි..

November 8, 2021 at 3:50 pm | lanka C news
එන්නත් කාඩ්පත නැතිව පොදු ස්ථාන තහනම්.. නමුත් සියළු එන්නත් මාස හයෙන් බල බිදෙයි..

කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් අයට පොදු ස්ථාන වලට ඇතුළුවීම තහනම් කිරීම සඳහා වූ කෙටුම්පතට නීතිමය අනුමැතිය හිමි වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ නීතිපතිවරයා විසින් අදාළ කෙටුම්පතට නීතිමය අනුමත ලබාදී ඇති බවයි.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මෙය නීත්‍යානුකූල කරන බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් කොරෝනා සඳහා භාවිතා කරන ලද සියලු එන්නත්වල බලය මාස හයක පමණ කාලයක් ඇතුලත විශාල වශයෙන් පහළ බැස ඇති බව ඇමරිකානු වාර්තාවක් උපුටමින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ද මෑතක දී පෙන්වා දුන්නේය.

30,872 views

22 Comments to “එන්නත් කාඩ්පත නැතිව පොදු ස්ථාන තහනම්.. නමුත් සියළු එන්නත් මාස හයෙන් බල බිදෙයි..”

  1. අපි ගාෙන්නු නොවේ.....! says:

    මූලික අයිතිවාසිකම් කඩ කරන නීති වලට අනුමැතිය ලැබුනෙ කොහොමද? තමන් කැමැති ප්‍රතිකාරයක් ගන්න මිනිසුන්ට අයිතිය තියෙනවා….දාගෙන තියන ලෙඩ වලට අමතරව තවත් ලෙඩක් දාගන්න අාන්ඩුව හදන්නෙ….කාටද එන්නත ගෙන් එකෙන් කොමිස් හම්බු වෙන්නෙ…

  2. නීතිපතිට එරෙහිව පැමිණිලි says:

    ආයුර්වේදය නොසලකමින් කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීමට පවතින නීතිය අනුව කළ හැකි බවට උපදෙස් ලබා දුන්  නීතිපති සංජය රාජරත්නම්ට එරෙහිව මිනීමැරීමට අනුබල දීම සහ ව්‍යවස්ථාපිත යුතුකම පැහැර හැරීම සම්බන්ධයෙන් පොලිස්පතිට පැමිණිලි.

    http://neethiyalk.blogspot.com/2021/11/blog-post.html?m=1

    • මෙන්න වැඩ says:

      මෙහෙම පැමිණිලි කරන්න කොන්දක් තිබීම ගැන සතුටයි. කෝ මේ එන්නතට විරුද්දව කෑ ගහපු සෙට් එක.

    • dev says:

      පල මෝඩ ජෙප්පා

      • මැට්ටා says:

        ජෙප්පො එන්නතට කෑදරයිනෙ මැට්ටෝ

  3. Ravana parapura says:

    හෙළ ඔසුවෙන් කොරෝනා සුව උණු අයට මෙය බලපානවාද?

  4. දේශීය වෙදකම says:

    ආයුර්වේද වෛද්‍යවරුන් බටහිරට යටත් කිරීමට කෙහෙළිය රඹුක්වැල්ලට, සංජය රාජරත්නම්ට ඉඩ නොදෙමු…

  5. Kalu Albot says:

    Ennathehi balaya maasa hayen ivara nam .. Cad patha awalangu wanu etha. Me Neethipathiyaa thawath Meeharakek wageyi!

  6. aho says:

    එන්නත් කල අයගෙන් තමා එන්නත් විරෝධි වයිරස් ප්‍රභේද හට ගන්නේ… එන්නත් කල අයටත් වෛරස් ආසාදනය වෙනවා, අසාද්‍යත් වෙනවා, ඒ වගේම වාහකයෙක් වෙනවා, මැරෙනවා, මාස 6න් 6ට මේවා විද්දොත් මොකක් වෙයිද? අරක්කු බාර් වහන්න ටිකක් හෝ කොරොනා අඩු කල හැකියි. අරක්කු බොන උන් සල්ලි වලට අරක්කු බීලා නොමිලේ කොරෝනා අරන් ගෙදර යනවා මෙහෙට වඩා එන්නත් කල රට වල ද එන්නත් හදපු රට වල ද කොරොනා හැදිලා මැරෙනවා. එන්නත් මුලාවකි, ව්‍යාපාරයකි

Main News