එන්නත් ගහලා සංකූලතා.. සමහරු මැරුණා.. පැණි බීලා කවුද මැරුනේ..

May 7, 2021 at 12:00 pm | lanka C news
එන්නත් ගහලා සංකූලතා.. සමහරු මැරුණා.. පැණි බීලා කවුද මැරුනේ..

කොරෝනා වෛරසය සඳහා නිෂ්පාදනය කරන ලද එන්නත් ලබා ගැනීමෙන් විවිධ සංකූලතා මෙන්ම මරණද වාර්තා වන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

දේශීය ඖෂධයක් හෝ පැණියක් භාවිතා කිරීමෙන් සංකූලතා ඇති වූ හෝ මිය ගිය කිසිදු පුද්ගලයෙක් නැති බවද ඔහු සඳහන් කළේය.

එවන් කිසිවෙකු ඇත්නම් ඒ ගැන සාක්‍ෂි ඉදිරිපත් කරන්නැයිද ඔහු පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඉල්ලා සිටියේය.

කොරෝනා මැඬලීම සඳහා දේශීය ඖෂධ ඉදිරිපත් වන සෑම අවස්ථාවකම ඒ සඳහා වන පරීක්ෂණ ක්‍රියාවලියකට ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා පැවසීය.

එය රජයක් ලෙස කළයුතු කාර්යයක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

32,773 views

44 Comments to “එන්නත් ගහලා සංකූලතා.. සමහරු මැරුණා.. පැණි බීලා කවුද මැරුනේ..”

  1. ජයලාල් says:

    මූ ටිකක් හත්පණ එකේ කිරිහාමි වගේ කියල හිතෙන්නෙ මට විතරද?

  2. saman says:

    මලට බබරෙකු සේ

  3. Brian says:

    එහෙනම් මොකද ගොනෝ පෝලිමේ ගිහින් එන්නත් විදගත්තෙ? මේ වෙනකොට ඇමරිකාව එංගලන්තය වගේ රටවල කොරෝනා සෑහෙන දුරකට පාලනය වෙලා තියෙන්නේ එන්නතට පින් සිද්ද වෙන්න . ඉන්දියාවේ ගව මුත්‍රා බොන්නෙ උඹලා වගේ එවුන් තමයි. ගව මුත්‍රා බීලත් කවුරුවත් මැරිලා නැහැ. එහෙම කියලා මොලේ කලදක්වත් තියෙන එකෙක් කොරෝනා වලට ගව මුත්‍රා බොන්න කියන්නෙ නැහැ.

  4. චන්දික says:

    ගවමූත්‍රා බීම සහ ආයුරුවේද ප්‍රථිකර්ම යනු දෙකකකි. බටහිර ජාන කලවන් වුනු අවජාතක කාලකණ්නින්ට දේශීය වෛද්‍ය ක්‍රමය ගැරඩියාට භූමිතෙල් වැනිය. මෙහි ඇතැම් කමෙන්ටු වලින් ඒ්බව පැහැදිලිවේ.

    • Brian says:

      වසූරිය, පෝලියෝ, පිටගැස්ම සහ මෙකී නොකී විශාල රෝග සංඛ්‍යාවකින් ඔබ සහ ඔබේ පවුලේ අය ගැලවී සිටින්නේ එන්නත් කරණයට පින්සිදු වන්නටය. කොරෝනා වලට ඔය කියන ආයුර්වේදයේ විසදුමක් තිබේ නම් ආයුර්වේදය උපන් රටවන ඉන්දියාවේ දිනපතා මෙතරම් මරණ ස්ංඛ්‍යාවක් වන්නේ ඇයි?

  5. Dengu Nona says:

    Harima tharkayak ! yako, moo maha puduma harakek ne!! injection kawadaawath gahanna epa. pani ma beepalla!!

  6. Dengu Nona says:

    Bhadrakaalige hujja beewath marenne natha !!

  7. සිරිලකදේ සිරිසැපදේ.. says:

    සිරිලකදේ සිරිසැපදේ..

    දේ‍ශියත්වය අගයමින්, දේශිය වෙදකමේ තිබෙන්නාවු අද්විතීය ගුණයන් හඳුනාගනිමින් සහ අපේකමට මුල්තැනදෙමින් බුද්ධිමත්ව කටයුතුකරන සිසිර ජයකොඩි මහතාට හෘදයාංගම ස්තූතිය..!
    ඵන්නත් ප්‍රවර්ධනය කරන බහුතරය ඵන්නත් ලබාගැනිමෙන් වැලකීසිටීමේ රහස, හේතුකාරණාගැනද සමාඡයට හෙලි නොකරන්නේ ඔවුන්තුළ ඇති ඡන්මගත කුහකකම නිසාවෙනි…!

    • Brian says:

      සිසිර ජයකොඩි එන්නත් ලබා ගෙන ඇත. එන්නත් ප්‍රවර්ධනය කරමින් එන්නත් ලබා නොගන්නා පිරිසක් ගැන ඔබ පවසා ඇත . එන්නත් වැඩියෙන් ම ප්‍රවර්ධනය කරන්නේ වෛද්‍යවරුන් ය. වෛද්‍යවරුන් සෑමදෙනෙක්ම පාහේ මේ වනවිට එන්නත් ලබා ගෙන ඇත . එන්නත් ප්‍රවර්ධනය කරමින් එන්නත් ලබා නොගන්නා පිරිසක් ගැන ඔබ දන්නේ නම් කරුණාකර පිලිගත හැකි සාක්ෂි ඉදිරිපත් කරන්න . එසේ නොමැති නම් නිකරුණේ චෝදනා කිරීමෙන් වලකින්න.

    • Nihal says:

      කව්ද කමෙන්ට් එක හදල දුන්නෙ. ඇමති තුමා නෙමෙයි නෙ……..

  8. duka says:

    දම්මමික මහත්තයගෙයි ඇමැති තුමාගෙයි දෙන්නගෙම පහුගිය කාලේ ආදායම සරු වෙලාවගේ. ඒක වෙන්න ඇති සායනික වාර්තාව එන්න මෙච්චර කල් ගියේ

  9. චන්ඩි කොල්ලා says:

    මම නම් කියන්නේ මේ සායනික වාර්තාව හරියට කියෙව්වොත් මේ පැනිය බීලා හොඳ වුනු ප්‍රමානය සංඛ්‍යාත්මකව වැඩියි.එම වාර්තාවම කියනවා 37 දෙනෙකුට බටහිර ප්‍රතිකාර කලා.31 දෙනෙකුට පැනිය දුන්නා කියලා.ඊට පස්සෙ කියනවා දෙවර්ගයෙන්ම 5 දෙනා බැගින් සනීප වුනා කියලා. එතකොට 5/37 ද ලොකු 5/31 ද වැඩි? අනිත් ආයුර්වේද බෙහෙතක හොඳ නරක හොයන්න තනිකරම බටහිර වෛද්‍යවරු විතරක් පත්කරපුවාම සාධාරණයක් ඉෂ්ට වෙයිද?

  10. Sanjaya says:

    ඇමතිතුමෝ කැලණියේ චන්දදයකයෙක් විදිහට පුදුම ලැජ්ජාවක් ඔබ ගැන හිතෙන්නේ. ඔබගේ LOGIC අන්තිම ගොන් (මොහු තර්ක ශාස්ත්‍රය උගන්නවන ටියුෂන් ගුරෙකි ) . අයුර්වෙදේ උපත තියන ඉන්දියාවට වෙලා තියන දේ පේනවද? ඉස්කෝලෙක විද්‍යාව කියන පොඩ්ඩක් හරි ඉගෙනගත්තනම් තේරෙන්න ඔනේ වෛරස් වලට බෙහෙතක් නොමැති බව . එකම ක්‍රමය අපගේ සිරුර තුලම වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය නිපදව ගත යුතු බව . එන්නත දෙන්නේ එම ක්‍රියාවලිය කිරීමට බව. ඇමතිවරයෙක් විදියට ගෙවන මහජන මුදල් අපරාධයකි. අඩුගානේ වැරැද්ද පිලිගන්නවත් හැකියාව තියෙන්න ඕනේ . ලැජ්ජයි ඔයි .

Main News