එන්නත් සියල්ල පරදයි.. අලුත්ම කොරෝනා ප‍්‍රභේදයක් හමුවේ.. අලුත් එන්නතක් හොයන්න වෙයි..

August 30, 2021 at 2:10 pm | lanka C news
එන්නත් සියල්ල පරදයි.. අලුත්ම කොරෝනා ප‍්‍රභේදයක් හමුවේ.. අලුත් එන්නතක් හොයන්න වෙයි..

කොවිඩ් එන්නතෙන් ලබාදෙන ප්‍රතිදේහ ශක්තිය අභිබවා යා හැකි බවට සැලකෙන නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැනීමට හැකිවී ඇති බව එරට බෝවන රෝග පිලිබඳව විමර්ෂණය කරන ජාතික පර්යේෂණ ආයතනය සඳහන් කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම නව කොවිඩ් ප්‍රභේදය C.1.2 යනුවෙන් හඳුන්වනු ලබන අතර මෙය මෙම වසරේ මැයි මාසයේ සිට එරට තුන්වන කොවිඩ් රැල්ලේදී හඳුනාගත් ප්‍රභේදයක් බව වාර්තා වේ.

C.1.2 ප්‍රභේදය ඉකුත් ජනවාරි මාසයේදී හඳුනා ගනු ලැබූ C.1 ප්‍රභේදයේ විකෘතිතාවයකින් පැමිණෙන බව විද්‍යාඥයින් සඳහන් කරයි.

මෙම වෛරසය වුහාන් වලින් හමුවූ පළමු කොවිඩ් ප්‍රභේදයට වඩා බොහෝ සෙයින් විකෘතිතාවයෙන් යුක්ත වන අතර මෙය ඇල්ෆා, බීටා සහ ගැමා වෛරස් ප්‍රභේදයන්ට සාපේක්ෂව කෙටි කාලයක් තුලදී වේගවත් විකෘතිභාවයක් පෙන්නුම් කරනු ලබන බවට විද්‍යාඥයින් තහවුරු කර තිබේ.

C.1.2 කොවිඩ් ප්‍රභේදයේ N440K සහ ‍Y449H යන විකෘතිතාවයන් පෙන්නුම් කරනු ලබන බව විද්‍යාඥයින් සඳහන් කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මේ නිසා කොවිඩ් -19 වෛරසයට එරෙහිව ලබාදෙන එන්නතින් මිනිස් සිරුරේ නිපැදවෙන ප්‍රතිදේහ ශක්තිය අභිබවා යෑමට මෙම වෛරසයට හැකියාව ලැබෙනු ඇති බව විද්‍යාඥයින් විශ්වාසය පළකර තිබේ.

නව C.1.2 ප්‍රභේදය කොවිඩ් ප්‍රභේශයට වඩා භයානක වනු ඇත්දැයි හඳුනා ගැනීමට තවදුරටත් පර්යේෂණ සිදු කිරීමට අවශ්‍ය බව විද්‍යාඥයින් සඳහන් කර තිබෙන බව වාර්තා වේ.

වෛරසය පලමුවරට දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනීමෙන් අනතුරුව එංගලන්තය, චීනය, කොංගෝ රාජ්‍යයෙන්, මොරිෂස්, නවසීලන්තය, පෘතුගාලය සහ ස්විට්සර්ලන්තය යන රටවලින්ද වාර්තා වී ඇති බව පර්යේෂකයින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

– aruna

175,075 views

38 Comments to “එන්නත් සියල්ල පරදයි.. අලුත්ම කොරෝනා ප‍්‍රභේදයක් හමුවේ.. අලුත් එන්නතක් හොයන්න වෙයි..”

  1. George says:

    Will we be going ahead with the scheduled crecket matches with South America.

  2. D. Bandara says:

    දැන් ඉතින් හැමෝම ඉඟුරු කොත්තමල්ලි ටිකක් බිල නිදාගන්න.

  3. කාලිඅම්මා says:

    වෙලාවට මේ වැක්සින් එකට මගේ නම ගෑවුනේ නැත්තේ. නැත්තන් ඒකටත් කාලි ජැබ් (Kali jab) කියල කියයි.

    • පැණි සුමනේ says:

      මනස්ගාත නැතුව විද ගන්න කියුවට දැන් ඉතින් මටත් වෙන්නේ සපොසිටෝරි එකක් ගන්න.

  4. චන්දිම මාවලිගේ says:

    මම ඇරෙන්න ප්‍රබේද හොයාගන්න ජගතෙක් ඉන්නවද?

  5. රාජ්‍ය අනුග්‍රහය සහිතවයි says:

    අප්‍රිකාවේ කළු ජාතිකයන් හාවිතා කර ඒඩ්ස් නීර්ණය කර ගන්නා ලද සේ විවිධ වයිරස් ළංකාවට පැමිණෙන්නේ රාජ්‍ය අනුග්‍රහය සහිතවයි

  6. රාජ්‍ය අනුග්‍රහය සහිතවයි.. says:

    අප්‍රිකාවේ කළු ජාතිකයන් හාවිතා කර ඒඩ්ස් නීර්මාණය කර ගන්නා ලද්දා සේ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිරයන් විවිධ වයිරස් ළංකාවට ක්‍රිකට් ක්‍රීඩාව උපයෝගී කර ගනිමින්, රටට තුළට ඇතුළු කරනු ළබන්නද රාජ්‍ය අනුග්‍රහය සහිතවයි

  7. ක්‍රිකට් කණ්ඩායම says:

    දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සමඟ පැමිණි පිරිසේ කොපමණ අලුත් ප්‍රභේදය සහිත පුද්ගලයන් ඇති ද ? අපිට නොමිලේම අලුත් ප්‍රභේදය ලබාගැනීමට අවස්තාව උදාකර දුන් ඔබසැමට අපගේ මෙව්වා එක.

Main News