එන්නත ගත් තරුණ තරුණියන් පිරිසක් බිම ඇද වැටේ..

September 22, 2021 at 9:20 am | lanka C news
එන්නත ගත් තරුණ තරුණියන් පිරිසක් බිම ඇද වැටේ..

ඊයේ දිනයේ ආණමඩුව කන්නන්ගර ආදර්ශ විදුහලේ පැවති කොරෝනා මර්ධන එන්නත් ලබාදීමේ වැඩසටහනේදී තරුණ තරුණියන් පිරිසක් ක්ලාන්තව ඇද වැටී තිබේ.

ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රවි අබේරත්න මහතා සඳහන් කරන්නේ සෞඛ්‍ය අංශ කඩිනමින් ඔවුනට ප‍්‍රතිකාර ලබා දීමට කටයුතු කළ බවයි.

මෙම එන්නත් කරන වැඩසටහන සූදානම් කර තිබුණේ වයස අවුරුදු 20 සිට 30 දක්වා පිරිසටයි.

එහිදී 2000කට ආසන්න පිරිසකට එන්නත ලබාදීම සිදු වී තිබේ.

එන්නත ලබාගෙන ඉන්පසු විනාඩි 20ක කාලයක එන්නත්කරන මධ්‍යස්ථානයේ රැඳී සිටීමට දැනුවත් තිබූ අතර එසේ රැඳී සිටි තරුණ තරුණියන් කිහිප දෙනකු මෙසේ එක් වරම ක්ලාන්තව ඇද වැටීම සිදුව තිබේ.

එහිදී සෞඛ්‍ය නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ප්‍රථමාධාර ලබා දීමට කටයුතු කර පැයකට පමණ කාලයකින් පසු ඔවුන්ගේ ඥාතීන් සමග නිවෙස් වෙත යාමට ඉඩ ලබා දී ඇත.

120,203 views

24 Comments to “එන්නත ගත් තරුණ තරුණියන් පිරිසක් බිම ඇද වැටේ..”

  1. චන්ඩි කොල්ලා says:

    හොඳට හොයලා බලන්න මුං ජෙප්පෝ නඩයක්ද ටොයියෝ නඩයක්ද කියලා ! මතකනේ අර නුවර හූඑන්පී අම්මන්ඩී එකම දවසේ දෙපාරක් පලමුවැනි වැක්සින් එක දුන්නා කියලා මාර රඟපෑමක් කලා!

  2. Power says:

    ⁣මේ කරන අපරාධ වලට තොපිට සාප වෙනවා. ඔය එන්නත ගත්තා කියලා වෙන හොදක් නෑ කියලා දැන දැනම ඇයි මේ තරුණ පරපුර මේ විදිහට විනාශ කරලා දාන්නෙ. උන්ට අතුරු ආබාධ එනකොට ඕක ඇනගන්න කියලා උපදෙස් දීපූ උන් ඒ ජීවිත වලට වඟ කියනවද. හොඳට මතක තියා ගනිල්ලා. මේ ආණ්ඩුව තියනකම්, ඔය විදිහට මිනිසුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරපල්ලා. හැබැයි මේක ගෙදර ගිය දවසට තොපිට හැංගෙන්ඩ තැන් හොයා ගන්ඩ වෙයි. එදාට අධිකරණ වලටයි, බන්ධනාගාර වලටයි ගොඩක් වැඩ තියෙයි.

    • Quack Doc says:

      More and more side effects are emerging. Most recent is heart troubles in young boys. CDC of US has voted against giving booster jabs except for the elderly, but we are ordering 100 million dollars worth of them on loan!

    • සමන්ත says:

      පොඩි කලේ සරම්ප වලට බෙහෙත් ව්දිනවා නේද? ඒත් සරම්ප හැදෙන්නේ නැද්ද? මෝඩ මිනිසුනේ වසංගතයක් සදහා නිපදවන බෙහෙත් සදහා පර්යේෂණ කරන්නේ මිනිසුන් මතම තමයි. ඒ දවස්වල හිටිය මිනිසුන් දැන් වගේ බුකි ඔස්තාර් වගේ හිතුවා නම් අදත් මැලේරියාව, සරම්ප, වසූරිය, කොළරාව වගේ ලෙඩ වලින් ලක්ෂ ගනනන් මැරෙන්න තිබුනා. බෙහෙත් විද ගන්න අකමැති නම් විදගන්නේ නැතිව ඉදපල්ලා. එක එක මනස්ගාත ඔලු වලට දාන්නේ නැතිව. මානව හිමිකම් හොඳටම තියෙන මහා බ්‍රිතාන්‍යයේ ද කොඩිඩ් එන්නත් අනිවාර්ය කරලා. කාර්ඩ් පත නැතිව ප්‍රසිද්ධ ස්ථාන වලට යන්න බෑ.

  3. 3% ට බය බයියා. says:

    හම්බන්තොට තරුණ තරුණියන් දේශප්‍රේමී වහල්ලු නිසා ෆයිසර් හම්බවුණා .පුත්තලමේ ඉන්නෙ තරුණ තරුණියන් බුද්ධිමත් නිසා වෙනත් එකක් .

  4. MD says:

    දැන් ඉන්නේ දරුවෝ නෙමෙයි මරුවෝ.අකීකරු බක පන්ඩිතයෝ වෙලා.ෆෝන් ඵකෙන් ෆේස්බෝක්කේ ගියහම හිතාගෙන ඉන්නේ සියල්ල දත් කියලයි.ෂුවර් එකටම ඔය ක්ලාන්තය දාපු අය උදේට හරි හමන් ආහාරයක් ගත්ත අය නොවෙන්න පුළුවන්.දෙමව්පියන් කට කැඩෙන කන් කිව්වත් අහන්නේ නැතිව ඔහේ ශෝබන ඩයට් කාර කාරියන් වෙලා.

  5. Banda says:

    Oka podi jabara kalanthayak 🙂

  6. විද්‍යාත්මකවremu says:

    කොත්තු පුත්තු

Main News