එන්නත හදපු රටවලටත් කොරෝනා පාලනය කරන්න බැරිවුනා.. නමුත් අපි පාලනය කලා..

April 10, 2021 at 12:40 pm | lanka C news
එන්නත හදපු රටවලටත් කොරෝනා පාලනය කරන්න බැරිවුනා.. නමුත් අපි පාලනය කලා..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මෙම අදහස් පළ කළේය.

අද ලෝකයේම රටවල තියෙන ප්‍රශ්නය බැලුවොත් 90% ම කථා කරන්නේ කොවිඩ් ගැන. මේ වෙනකොට අල්ලපු ඉන්දියාවේ මහා රාශ්ට ප්‍රාන්තය වසා තිබෙනවා. අලුතින් නගර Lock Down කරගෙන යනවා. ලෝකයේ බොහෝ රටවල්වල වැක්සින් හඳුන්වලා දුන්නත් රෝගය පාලනය කරන්න බැරිවෙලා තිබෙනවා. හැබැයි අපේ රටේ කොරෝනා ගැන තිබෙන්නේ මාධ්‍යවල මැද පිටුවේ කොනක විතරයි. අද මාධ්‍යවල Head Line වල තිබෙන්නේ රංජන් රාමණායකගේ මන්ත්‍රිතුමාගේ ප්‍රශ්නයයි. අපි අද කොරෝනා වසංගතය නිවැරදිව පාලනය කරමින්, එන්නතත් හැකි ඉක්මණින් ජනතාව වෙත රැගෙන යාමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒනිසයි අපේ රටේ මාධ්‍යවලින් කොරෝනා ගැන ආණ්ඩුවට චෝදනාවක් නැත්තේ.

රංජන් රාමනායකගේ තත්වය ගත්විට එක සම්පූර්ණයෙන් බොරුවෙන් වහගෙන සිටින්නේ. රංජන් රාමනායක මැතිතුමාට උසාවියෙන් දුන්න නඩු තින්දූවක් තියෙන්නේ. විපක්ෂය කරන්නේ රට නොමග යවන ආකාරයේ වැඩකටයුත්තක් සජිත් ප්‍රේමදාස මහතා සිදු කරන්නේ. රංජන් රාමණායකයේ මන්ත්‍රිධූරය අහෝසි වුණේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එතුමාට දඩුවම නිසා මිස පාර්ලිමේන්තුවට මාස 03 ආවේ නැති නිසා නෙවේ. දැන් මේ සජිත් කරන වැඩ නිසා පාර්ලිමේන්තුවේ පැය 03 ක් 3 ½ කාලයක් නාස්ති කරනවා. මේ ආණ්ඩුව ආවාට පස්සේ තමයි ප්‍රමිතිකාර්යංශය මඟින් තින්දුවක් ගත්තේ මේ පොල්තෙල්වල විෂ කාරක ද්‍රව්‍ය සොයා බලන්න. සොයා බලා කටයුතු කරන ආණ්ඩුව ද වැරදි, අවුරුදු ගාණක් ජනතාවට විෂකාරක කවපු, හිටපු ආණ්ඩුව ද වැරදි? ආණ්ඩුවට විවිධ බේගල් බොරු කතන්දර කියලා ආණ්ඩුවට මඩ ගහන්නේ කොහොමද කියන එකයි විපක්ෂය කරන්නේ. ආණ්ඩුව ජනතාවට විෂ කවන්නේ නැතිව පිරිසිදු ආහාර ද්‍රව්‍ය ලබාදෙන්න කටයුතු කරනවානම් ආණ්ඩු වරදක් කරලා නෑ.

MCC ගිවිසුම, නැගෙනහිර ජැටිය යන මොකක්හරි එකක එල්ලිලා ආණ්ඩුවට මඩ ගහන විපක්ෂයක් අද තිබෙන්නේ. විපක්ෂ නායකතුමා අයථා ලෙස පාර්ලිමේන්තුව පාවිච්චි කිරීම තුළින් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ ප්‍රදේශයේ ප්‍රශ්න ගැන කතා කරන්න බැරි වෙනවා. ඔවුනට එයින් අසාධාරණයක් වෙනවා. මේ විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ සාම්ප්‍රදායන්, විධික්‍රම දන්නේ නෑ. රටක් හැටියට ජනාධිපතිතුමාට ඡන්දය දුන්නු නුදුන්නු ජනතාව බලාපොරොත්තු වුණේ System Change එකක්. විපක්ෂය ඒකට විරුද්ධව වෛරයෙන් කටයුතු කරනවා.

අපේ ආණ්ඩුවේ කිසිම කෙනෙක් කාදිනල්තුමාට චෝදනා කරේ නෑ. හරින් ප්‍රනාන්දු මන්ත්‍රිතුමා කාදිනල්තුමාට සහ මේ රටේ හරියට වැඩක් කරන වැඩ කරන නායකයින්ට අපහස කරනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරයෙක් පසුගියදා කාදිනල්තුමාට අපහස කළා. මේක ඉතාමත් නරක තත්වයක්.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ
මාධ්‍ය ම්‍යස්ථානය

7,827 views

18 Comments to “එන්නත හදපු රටවලටත් කොරෝනා පාලනය කරන්න බැරිවුනා.. නමුත් අපි පාලනය කලා..”

  1. බිල්ල says:

    ඒ ඔය බඩකඩුත්තු එන්නත් නිසා නොවේ. ආණ්ඩුව බටහිර ඖෂධ මාෆියාවට බයෙන් වෙව්ල වෙව්ලා හිටියට මේ රටේ මිනිස්සු ප්‍රතිශ්‍යාව කියන රෝගෙට කරන්න ඕන කොත්තමල්ලි පස්පංගුව බොන එක කියල අත්දැකීමෙන්ම දන්නවා. ප්‍රතිශයාවට අලුත් නමක් දැම්මට කොරෝනා කියල ප්‍රතිශයාව ප්‍රතිශයාවමයි. ආණ්ඩුවත් සෞක්‍ය මොට්ටයනුත් මේ කරන්නේ බටහිර ඖෂධ මාෆියාවේ කොන්ත්‍රාත් එකක් බව රටම දන්නවා. උඹලා ඔය එන්නත් ගහගනිල්ලා, ගහගෙන මැරියල්ලා, රටේ මිනිස්සුන්ට ඉන්න දීපල්ල උන්ට ඕන විධියට නීරොගිව, එන්නත් වලින් තොරව.

    • Nimal says:

      100ට දෙසියක් එකගයි මිත්‍රයා එත්නත්වල අතුරැ විපාක වැඩවෙන්ඩ පටං අරන් සංකුලතා නිසා මැරෙන ගානත් වැඩිවෙලා. අපේ දේසිය දේවල්වලට ගරහපු අපතයන් මුකපුටිටු කරන් ඉන්නේ. එනනත්වලට කඩෙි ගිය උන්ටම ඔීව ගහගෙන බලන්ඩ කියන්ට තමා තියෙන්නේ

    • Jepi buster says:

      මොනවා කලත්, කරන කරන දේට රතු තරුව මඩ බලකායෙන් මඩ ගහනවා.

      දේශීය අවුෂධ වලට තැනක් දෙනකොට පැණි බයියෝ කියල මඩ ගැහුවා.
      එන්නත් ගේනකොට එන්නත් ගහල මරණවා කියල මඩ ගැහුවා.

      90,000ක් මිනී මරා රට ගිනි තැබූ පසුගාමී ජෙප්පන් රටට ශාපයකි.

    • බුද්ධිමත් ජනතාව says:

      අපි එන්නත විදගෙන කොරෝනාවෙන් බේරිලා ජීවත් වෙන්නම්. තෝ තොගේ මහ ලොකු පස් පංගුව පුපේ ගහගෙන මැරිලා පල කාලකණ්ණියා.

      • DHARSHANA ABEYKOON says:

        අපේ මිනිසෙක් මොනවා හොයා ගත්තත් එ්කට එලව එලව පහර දීල නැති කරලම දාන අමන ජාතියක්….ඔය ඔෞෂධය
        ඉංගිුසි බෙහෙතක් වුනානමි අපේ මනිස්සු එ්ක වැලදගන්න ලස්සන හොදට බලාගන්න තිබුනා……..

        • Jepi buster says:

          අනිවා.
          රතු තරුව මඩ බලකාය දාල ඉන්නෙ මඩ ගහන්න.

  2. ක්‍රිමිනල් says:

    මුන්ට පිස්සු කොරෝනා වගේ දරැනු ලෙඩක් ලෝකල් මලජරාව බිලා හොදවෙයිද? එන්නත් වලින්ම තමා ගොඩ යන්නේ

  3. Nayana says:

    කොහොමත් ඉතින් අපේ රටේ ගොඩක් උන්ට හොඳ සුද්ද දෙන දේවල්නෙ, උං මොන ජරාවක් දුන්නත් අපේ රටේ උන්ට ඒව හොඳයි ඒව හදපු එකාලගෙ ජාතකේ හොයන්න යන්නෙ නෑ. ඒත් අපේ ⁣කෙනෙක් මොකක්හරි හොයාගත්තම ඒකට ගරහන්ඩ විතරයි ගොඩක් සිංහලයො දන්නේ

  4. DHARSHANA ABEYKOON says:

    ඇයි බොලව් තම්මිට අමිල සංජීව වෙද මහත්තයා මෙච්චර හඩගා ඔහුගේ ව්ශ්ව කර්ම බෙහෙත් ඖෂධ ගැන කිද්දිත්, ඒ හඩට කන් දෙන්නේ නැතිව තවත් බටහිර වෛද්‍ය විද්‍යාවේ පිහිටම පතන්නේ..🤔

    • Asanka says:

      රටේ අනිත් මිනිස්සුන්ට උඹට වගේ මොලේ කචල් නැති නිසා.

  5. ක්‍රිමිනල් says:

    ලෝකයේ එක රටකටවත් බෑ අපේ හෙල ඔසු වලට අභියෝග කරන්න .අනේ දෙවියනේ දැන්වත් ඇස් ඇරුන එකට බොහොමත්ම පින් දැන් ඕක කඩාකප්පල්කරන්න බටහිර උන්ට කඩේ යන බත්බැලයෝ උගුල් අටවයි ඉඩ දෙන්න එපා හෙල වෙදමහත්වරු පරිස්සමිකරගත යුතුයි ජයවේවා අනේ දැන්වත් ධම්මික වෙද මහත්තයට අවසර දෙන්න.. දළදා සමිදු පිහිටයි මගේ රටට

    • Asanka says:

      අන්න ධම්මිකයා පැණිය හැදිල්ල නවත්තලා දාලා ලෙඩ ඇඳට වැටිලා ඉන්නවා. තොපි තාමත් උගේ පස්සේ යනවා.

      • ක්‍රිමිනල් says:

        ඉස්සර අපේ මිනිස්සු අත් බෙහෙත් ගත්තා ඕනෙ තරම් එක එක ලෙඩ වලට.
        ඔය මොනා ද සායනිකව විද්‍යාත්මකව තහවුරු කරල තියෙන්නේ? 😀😀
        බොරුවට පුක පූට්ටු කරගෙන නහින්නෙ නැතුව කරන ටෙස්ට් එකක් ඉක්මනට හරියට කරල ප්‍රතිඵල කියන්න කියපල්ල. ධම්මිකයා හොරා ද නැද්ද ලබු කැට හොය හොය යන්නෙ නැතුව.

  6. kalana says:

    අනේ මොනවද කලේ? PCR Test කරන එක ඇත අරිය එකද? බොරු පැනියද? මුළු ජනතාවම Vaccine කරලා ඉවර වෙලාද? නරි talks

  7. Justin says:

    Corona in Sri Lanka is not controlled but ignored. As long as no PCR no new cases. Just think with no screening hundreds of new cases and some deaths daily. So what is this monkey talking.

    • Haramanis says:

      Typical boot licker. He licked Maithripalas boots and got a MP post through the National list and a Governorship for his father. Now he is licking the boots of Nandasena and the Rajapakse clan for a ministerial post. Damn shamless idiot.

  8. Dengu Nona says:

    walas thoppiyaage oluwa narak welaa dodawanawa!

  9. Sena says:

    කොහොමටත් පොහොට්ටුවට ලබන සැරේ හොඳ එන්නතක් අපි දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ

Main News