එන්නෙ නෑමයි කියූ ශ‍්‍රිලනිප ලොක්කෙක් පොහොට්ටුවය එක්වෙන්න කැමති වෙයි.. කප්පමට ජාතික ලයිස්තු මන්ත‍්‍රී කමක් ඉල්ලයි..

August 24, 2019 at 10:33 pm | lanka C news
එන්නෙ නෑමයි කියූ ශ‍්‍රිලනිප ලොක්කෙක් පොහොට්ටුවය එක්වෙන්න කැමති වෙයි.. කප්පමට ජාතික ලයිස්තු මන්ත‍්‍රී කමක් ඉල්ලයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකු ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණටත් එහි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට කැමැත්ත පළ කර තිබේ.

ඔහු මෙතෙක් කාලයක් පසු වූයේ එක්සත් ජාතික පක්ෂය සමග එකතු විය යුතුය යන ස්ථාවරයේය.

නමුත් මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්වය මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහයෝගය දීමට මෙම ප‍්‍රබලයා තීරණ කර ඇත.

අද පස්වරුවේ මෙම මන්ත‍්‍රීවරයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රබලයෙකු හමුවී තම අදහස දන්වා ඇත.

තම දිස්ත්‍රික්කයෙන් ජයගෙන පාර්ලිමේන්තුවට පැමිණීම අවිනිශ්චිත නිසා කිරීමේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරයක් ලබා දිය හැකිදැයි ඔහු විමසා ඇත.

නමුත් පොහොට්ටු ප‍්‍රබලයාගේ ප‍්‍රතිචාරය වී ඇත්තේ ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් දැනට පොරොන්දු විය නොහැකි බවත් දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට අපේක්ෂකත්වය ලබා දීම ස්ථිරවම කළ හැකි බවත්ය.

185 views

27 Comments to “එන්නෙ නෑමයි කියූ ශ‍්‍රිලනිප ලොක්කෙක් පොහොට්ටුවය එක්වෙන්න කැමති වෙයි.. කප්පමට ජාතික ලයිස්තු මන්ත‍්‍රී කමක් ඉල්ලයි..”

  1. Vesamuni says:

    yana ena man naethi ekekuta mona kappanda? oyatika therenne naethi pohottunayakayo innawada?

  2. Herath Banda Karaliyada says:

    All SLFPs must be go before elections not by back door of list members of Parliaments.
    People of majority wanted selected their MPs by voting of ballots .That is real terms of Democracy norms of Republic….Sri lanka

  3. rathna says:

    Basiluth EPA

  4. Duminda says:

    ඌටත් ෂුවර් නම් පරදින එක මොන මගුලකටද ඒවගේ උන්ට ජාතික ලැයිස්තු දූර දෙන්නේ. කුද ගහගනින් කියල ඉන්න තියෙන්නේ

  5. HENA says:

    DAYA SIR … JAYASEKARAM… DA..//?? MEWA THAMA DEAL

  6. api පොදුජන පෙරමුණ says:

    ඊළඟ මැතිවරණයේදී පොදුජන පෙරමුණේ අපි චන්දෙ දෙන්නේ ඒ ඒ දිස්ත්‍රික්ක නියෝජනය කරන තරුණ අපේක්ෂකයින්ට හා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම ජෙෂ්ටයින්ට පමණි . 2015 සිට මහින්ද සුළඟත් සමඟ මේ දක්වා අකණ්ඩව කැපවීම් කල අයට මුල් මනාපය හිමිවේ .අනිත් සියලුදෙනා මෙවර ගෙදර යවනු ඇත .

Main News