‘එන්සි’ මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි…

August 9, 2022 at 8:02 am | lanka C news
‘එන්සි’ මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි…

විදේශිය රටකින් නිති විරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද ගංජා මිශ්‍ර එන්සි නැමති මත්ද්‍රව්‍ය කිලෝ 6 ග්‍රෑම් 800 ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

ජාවාරම්කරුවන් සිව්දෙනා බගවන්තලාව ප්‍රදේශයේ වතු ආශ්‍රිත ප්‍රදේශවල පදිංචි වතු කම්කරුවන් ඇතුළු තරුණයන්ට ඉතා සුක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටින බවට ලද තොරතුරක් මත සැකකරුවන් සිව්දෙනාගේ නිවාස සහ බගවන්තලාව නගරයේ පිහිටි වෙලදසැල් පරික්ෂා කිරිමේදි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනිමට හැකි වු බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

මත්ද්‍රව්‍ය තොගය අලෙවි කිරිම සදහා ඇසුරුම් කර තිබු බවත්,අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත්, පොලිස් භාරයට ගත් මත් ද්‍රව්‍ය තොගයේ වටිනාකම තවමත් තක්සේරු කර නොමැති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.

– රංජිත් රාජපක්ෂ

3,704 views

One Comment to “‘එන්සි’ මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි…”

  1. Cosmic ray says:

    බරපතල විදේශ විනිමය හිඟයක් පවතිද්ද්ත් රට තුලට මත් ද්‍රව්‍ය ගෙන ඒම පිලිබඳ වරින් වර වාර්තා වේ. ඉන් පැහැදිලි වන්නේ අත්‍යවශ්‍ය ආහාර, බෙහෙත්, ඉන්ධන හා අමුද්‍රව්‍ය ගෙන ඒමට යෙදිය යුතු ඩොලර් හොර පාරෙන් මත්ද්‍රව්‍ය ගෙන්වීම සඳහා යොදවන බවය. බැංකු හා පිළිගත් මුල්‍ය ආයතන හරහා ලංකාවට මුදල් එවන ලෙස, විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් අයාචනා කිරීම වෙනුවට, ලංකාවට එවන හා ලංකාවෙන් විදේශ වලට යවන සියලුම ප්‍රේෂණ පිළිගත් බැංකු හා මුල්‍ය ආයතන හරහා පමණක් සිදු කිරීම අනිවාර්ය කිරමේ පනතක් සම්මත කල නොහැකිද? එසේ කිරීමෙන් හි N G O හා I N G O වල ක්‍රියාකාරීත්වයද නියාමනය කිරීමද පහසු වනු ඇත.

Main News