එන අවුරුද්දේ මීටත් වඩා ලොකුවට නත්තල කරනවා.. ලංකාවේ තරම් නත්තලක් ඇමරිකාවේවත් නෑ..

December 26, 2016 at 8:40 am | lanka C news
එන අවුරුද්දේ මීටත් වඩා ලොකුවට නත්තල කරනවා.. ලංකාවේ තරම් නත්තලක් ඇමරිකාවේවත් නෑ..

කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට පැවැත්වෙන නත්තල් කලාපයේ නත්තල් ගස විවෘත කිරීෙමි උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

ව්‍යාපාරික ප්‍රජාව සහ රාජ්‍ය ආයතන ඒකාබද්ධව මෙම නත්තල් කලාපය සංවිධානය කර තිබුනි. නත්තල් ගස විවෘත කිරීමෙන් පසු නත්තල් කළාපයේ නිරික්ෂණය කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා එක්විය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “මම ඇමරිකාවෙි ටෙක්සාස් ,ලොස් ඇන්ජලීස් සහ වෝෂිංටන් යන නගරවල පසුගියදා සංචාරය කළා. නමුත් ලංකාවෙ තරම් නත්තල් සැරසිලි එම නගරවල දක්නට ලැබුනේ නැහැ. අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ව්‍යාපාරික ප්‍රජාව එකතුව කොළඹ නගරයේ මෙලෙස පවත්වන නත්තල් කළාපය ඉතා විශිෂ්ටයි. යහපාලන රජය තුලින් 2017 වසරේ දී මිට වඩා හොද නත්තල් කලාපයක් ඇති කිරීමට කටයුතු කරනවා. විදේශිය රටවල ජනතාවට තරම් ශ්‍රී ලාංකිකයින්ට විනෝදවීෙමි අවස්ථා ඉතාම අවමයි. මෙම නත්තල් කළාපය සංචාරක ව්‍යාපාරයට ද රුකුලක් වනවා.” යැයි ද පැවැසීය.

– නිපුන් ඒකනායක

9 views
Main News