එන එන ආයෝජකයාට මේ රටේ සම්පත් කොල්ල කන්න දෙන්න මම එකග නෑ..- අර්ජුන

May 26, 2017 at 8:40 am | lanka C news
එන එන ආයෝජකයාට මේ රටේ සම්පත් කොල්ල කන්න දෙන්න මම එකග නෑ..- අර්ජුන

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමට ආයෝජකයින් ගෙන්වා ගැනීම දේශපාලන අනාථයින් පවසන පරිදි රටේ සම්පත් විකිණීමක් නොවන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ රටේ සම්පත් විකිණීමත් ආයෝජකයින් ගෙන්වා ගැනීමත් එකක් නොව දෙකක් වන බවයි. කෙසේනමුත් ආයෝජකයින් ගෙන්වා ගෙන රට සංවර්ධනය කිරීමේදී එහි ප්‍ර‍තිලාභ මහජනතාවට යා යුතු බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කළේය. ඔහු මේ බව කියා සිටියේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාට එක් වෙමිනි.

අර්ජුන රණතුංග මහතා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරයේ අද වැඩ ආරම්භ කළේ දෙමටගොඩ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයේ පිහිටි අමාත්‍ය කාර්යාලයේදීය.

මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාෆා, මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන් ඇතුළු අමුත්තන් රැසක් මේ අවස්ථාවට එක් වූහ. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍ර‍ශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග වැඩිදුරටත් කියා සිටියේ රටේ සම්පත් ආරක්ෂා කර ගැනීම තම මූලික ප්‍ර‍තිපත්තිය වන බවයි.

“අපි අවුරුදු දෙකහමාරකට ඉස්සෙල්ලා අලුත් ආණ්ඩුවක් හැදුවා. ඒ ආණ්ඩුවේදී ජනාධිපතිතුමා අගමැතිතුමත් එක්ක මට භාර දුන්නේ වරාය අමාත්‍යංශය හදන්න. එහිදී 2015 වර්ෂයේදී අපිට පුළුවන් වුණා රුපියල් බිලියන 6ක ලාභයක් ලබන්න. 2016දී එම ලාභය රුපියල් බිලියන 11දක්වා වැඩි වුණා. ඒ වගේම වරායේ හොරකම් අපි නැවැත්තුවා. වෘත්තීය සමිති නායකයින් යැයි පෙනී සිටින ඇතැම් පිරිස් කළ හොරකම් නතර කළා. එය තමයි විශාලතම ජයග්‍ර‍හණය.

අයෝජකයින් සමග එකතුව රටේ සංවර්ධනයක් ඇති කළ යුතුයි යන්නට මම එකග වනවා. නමුත් එන එන ආයෝජකයාට මේ රටේ සම්පත් කොල්ල කන්න දෙන්න මම එකග වන්නේ නැහැ. උදාහරණයකට හම්බන්තොට ගිවිසුම, එහිදී අපිට පුළුවන් වුණා මුල් ගිවිසුම සීයට 75ක් 80ත් අතර ප්‍ර‍මාණයකින් වෙනස් කරන්න. විශේෂයෙන්ම මුලින්ම හම්බන්තොට වරාය දෙන්න තිබුණේ වසර 198කට. එය අපි වසර 99දක්වා අඩු කර ගත්තා. මම නම් හිතන්නේ එය අවුරුදු 35 – 50 අතරේ අඩු විය යුතුයි කියලා. ඒ වගේම අපිට පුළුවන් වුණා ආයෝජකයා ලබා දෙන මුදල වැඩ කර ගන්න. එමෙන්ම තවත් වරාය අධිකාරියක් ඇති නොවිය යුතුයි කියන මතයේ මම ඉන්නවා. අද මහින්ද සමරසිංහ මැතිතුමාට තියෙන්නේ ඉතිරි වැඩ කොටස කරන්න. එතුමා දක්ෂයෙක්.

අපි මේ වගේ තාවකාලික නවාතැන්කරුවෝ විතරයි. ඒක මම තාත්තගෙන් ඉගෙන ගත් දෙයක්. අද මට දීලා තියෙන්නේ මේ රටේ මහජනතාවත් එක්ක ඉන්න අමාත්‍යාංශයක්. මහජනතාවගේ බර වැඩි වෙනවද, අඩු වෙනවද කියලා තීරණය කරන අමාත්‍යාංශයක්. මේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ප්‍ර‍තිලාභ යා යුත්තේ මහජනතාවට. එහෙම නැතිව ව්‍යාපාරිකයින්ට හෝ අනෙක් අයට නෙමෙයි. එන ආයෝජකයාට ප්‍ර‍තිලාභ ලැබුණට කමක් නැහැ. නමුත් ඒ ප්‍ර‍තිලාභවලින් වැඩි කොටසක් මහජනතාවට යා යුතුයි.

අපි මේ රටේ දේවල් විකුණන්න යන්නේ නැහැ. මේ රටේ දේවල් විකුණන්න යනවා කියන්නේ දේශපාලන අනාථයෝ. අපි කිසි දෙයක් විකුණන්නේ නැහැ. ආයෝජකයින්ට බදු දෙනවා. උදාහරණයකට කොළඹ වරායේ පර්යන්ත දෙකක් මහින්ද මහත්තයගේ කාලේ ආයෝජකයින්ට බදු දුන්නා. අවුරුදු 35කින් පසුව නැවතත් අපිට ඒවා අයිති වනවා. ඒ වගේ තමයි ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයත්. විකුණනවා නෙවෙයි. බදු දෙනවා. ඒ ආයොජකයාගෙන් මුදලක් ලබා ගන්න ගමන් මෙහි අයිතිය අපි රැක ගන්නවා. ඒක මට විතරක් කරන්න බැහැ. ඒකට නියෝජ්‍ය ඇමැතිතුමිය, සේවකයෝ ඇතුළුව සියලු දෙනාම එකතු වෙන්න ඕන….” යනුවෙන්ද අමාත්‍ය අර්ජුන රණතුංග පැවසීය.

– තමීර මංජු

11,804 Viewers

5 Comments to “එන එන ආයෝජකයාට මේ රටේ සම්පත් කොල්ල කන්න දෙන්න මම එකග නෑ..- අර්ජුන”

  1. daham says:

    ohege baila wadak naha. eelanga chandeta illala balapan umbata rate thiyena piliganeeme tharama balaa ganna one nam. edaata thereyi.

  2. බන්ඩා says:

    අවුරුදු 198 කට හරි අවුරුදු 99 කට හරි බදු දෙනව කියන්නෙ සින්නක්කර වික්කා හා සමානය් කියල පිළිනොගන්නෙ අමු හරක් විතරය්. අනෙක බදු ඔප්පුවෙ තියන කොන්දේසි අනුව තමය් බද්දෙන් වාසි බදු කරුට ඉඩම් හිමි කරැටද කියල කියන්න පුලුවන්. හොඳම උදාහරණය හොංකොං. චීනය හොංකොං එංගලන්තෙට දීල තිබුනෙ 99 වසරකටය්. නමුත් එංගලන්තෙ හොංකොං පාලනය කලේ තමන්ගෙ යටත් විජිතයක් හැටියටය්. යහපාලන හැත්තට ඔිනෑ මහින්දට බැන බැන රටේ දේපොල විකුනං කන්නය් කියන එක අද පොඩි ලමයිත් දන්නවා.

  3. Niru says:

    He should have got an award like the now disgraced former finance minister. I am wondering why such “kerumas” are sent packing

  4. pp says:

    ane pissa borowata kagahnawa. hamaekatama passe kamthi wenawa.

  5. Champa says:

    ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැන කියපු කතාවට එකඟ නැහැ. ගිය ආණ්ඩුව කළා අපිත් කරනවා කියන එක තර්කයක් නෙමෙයි. ආයෝජකයෝ ඕනේ නම් වෙන කොයි තරම් ක්ෂේත්‍ර තියෙනවද? මිනිස්සු විරුද්ධ වෙන්නේ ත්‍රිකුණාමලය වගේ ලෝකයේ භූගෝලීය සහ යුධ උපක්‍රමික වශයෙන් ඉතාම තීරණාත්මක තැනක පිහිටලා තියෙන තෙල් ටැංකි ඉන්දියාවට දෙන එක. අනිත් පැත්තෙන් කරන මෝඩ වැඩේ IOC එකට මිල පාලනය කරන්න ඉඩ දෙන එක.

    ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීරණයට අක්කර 850ක් පුරා තෙල් ටැංකි 101ක් තියෙනවා. විකුණනවා විතරක් නෙමෙයි බදු දෙනවටවත් මිනිස්සු කැමති නැහැ. මෙහෙම කියන්නේ දේශපාලන අනාථයෝ නෙමෙයි. මිනිස්සු මෙහෙම කියන්නේ අනාථ ආණ්ඩුවට. ලෝකේ කිසිම රටක් තමන්ගේ තෙල් ටැංකි අහල පහල රටවල් වලට බදු දෙන්නේ නැහැ. තමන්ට තියා ගන්නවා මිසක්. තමන්ගේ තෙල් ටැංකි ටිකවත් තමන්ට බලා ගන්න බැරි තරමට ආණ්ඩුව අනාථද? මොලේ තියෙනවා නම් කරන්න ඕනේ ඉන්දියාව පුළුවන් තරම් ලංකරගන්න එක නෙමෙයි, පුළුවන් තරම් ඈත් කරලා තියා ගන්න එක.

    ලෝකේ දේශපාලන සමීකරණය වෙනස් වෙලා. ඒ සමීකරණයට හරියන්න අපේ සූත්‍රය වෙනස් කර ගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ආණ්ඩුවේ ඉන්නේ අන්ධයෝ. දවල් රෑ වෙනස දන්නේ නැහැ. අතේ තියෙන ඉටිපන්දම් පත්තු කරන්න් ඕනේ කියල දන්නෙත් නැහැ, පත්තු කලාට එලිය පේන්නෙත් නැහැ.

Main News