එන කන්නය වැරදුනොත් සාගතයක් එනවා..- කෘෂිකර්ම ඇමති වැඩ අරඹමින් කියයි..

May 24, 2022 at 6:17 am | lanka C news
එන කන්නය වැරදුනොත් සාගතයක් එනවා..- කෘෂිකර්ම ඇමති වැඩ අරඹමින් කියයි..

‘ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය අභියෝග රැසකට මුහුණ දී ඇති අවස්ථාවක කෘෂිකර්ම අමාත්‍ය ධුරය නැවත මට ලබාදීම සැබවින්ම ලොකු අභියෝගයක් බව මම දන්නවා. අසාර්ථක වූ පසුගිය මහ කන්නයත්, දැනට තවමත් වගා නොකරන ලද යළ කන්නයත් නිසා ඉදිරියේ දී විශාල ආහාර හිඟයකට අපේ රටේ ජනතාවට මුහුණදීමට සිදුවන බව දැනටමත් රටතුළ මතුව තිබෙන කරුණු කාරණා වලින් පිළිබිඹු වෙනවා’ යැයි කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

23 පස්වරුවේ බත්තරමුල්ල ගොවිජන මන්දිරයේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අමාත්‍ය ධුරයේ වැඩකටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී මාධ්‍යයට අදහස් පළ කළ අමාත්‍යවරයා –

‘කිසිදු සහල් හිඟයක් හෝ ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවට මින් පෙර සිටි කෘෂිකර්ම ඇමතිවරු පුනපුනා ප්‍රකාශ කළත් මම එවකට පරිසර අමාත්‍යවරයා වශයෙන් සිටියදී පවා මේ වසරේ විශාල ආහාර හිඟයක් එන බව රජයට පෙන්වා දුන්නා. මොකද මම දන්නවා රටේ ඈත ගම්දනව්වල සෑම සති අන්තයකම ගතකරන රටවැසියෙක් වශයෙන් ගොවි ජනතාව මුහුණ දී සිටි ගැටළුකාරී ස්වභාවය. රසායනික පොහොර නැතිකම, වල්නාශක සහ කෘමිනාශක නොතිබීම හේතුවෙන් ගොවිතැන් මුළුමනින්ම අඩාල වුණා.

මම අඟුණකොළපැලැස්සේ නිවසට ගිය හැම දිනකම ගොවියෝ ඇවිත් ඔවුන්ගේ දුක්ගැනවිලි මට ඉදිරිපත් කළා. රටේ ඇතිවිය හැකි ආහාර හිඟය මගහරවා ගැනීම සඳහා මම පරිසර ඇමතිවරයා වුණත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත්කළා වහා රටතුළ වගා සංග්‍රාම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට. කාබනික ගොවිතැන වැදගත් සංකල්පයක්. නමුත් කාබනික ගොවිතැන මිනිස්සුන්ට එපා කරවන තැනට කටයුතු කර තිබෙනවා. රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක නොමැතිව වගා කළ නොහැකි බව අප පෙන්වා දෙන විට සමහරු මමත්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ සමහර නිලධාරිනුත් රසායනික පොහොර කර්මාන්තකරුවන්ගේ ඒජන්තයින් ලෙස හංවඩු ගැහුවා.

අතිගරු ජනාධිපතිතුමන් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශ 17 කින් සමන්විත කමිටුවක් පවා පත්කළා. නමුත් එම ආහාර නිෂ්පාදන වැඩපිළිවෙල ලත් තැනම ලොප් කිරීමට සමහරු කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉදිරි කාලය තුළ අපිට අවශ්‍ය සහල් සහ වෙනත් ආහාර අනිවාර්යයයෙන්ම පිටරටින් ආනයනය කරන්නට සිදුවනවා.

මේ වන විට වැව්, අමුණු, ඇළදොළ පමණක් නොවෙයි කුඹුරුවල ලියදි පවා ජලයෙන් පිරී තිබෙනවා. ගොවීන්ට වගා කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදුන්නා නම් ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න ලබාගතහැකි කන්න දෙක ලෙස පසුගිය මහ කන්නයත් මෙම යළ කන්නයත් සැලකිය හැකියි.

මම පළමුවරට කෘෂිකර්ම ඇමතිධුරය භාරගත්තේ 2018 මැයි මාසයේ. දෙවන වරටත් එම ධූරය අවුරුදු 04 කට පසු හරියටම මැයි මාසයේ මට භාරවී තිබෙනවා. මම පළමුවර භාරගන්නා විටත් යළ කන්නයට අවශ්‍ය පොහොර නැතුව ගොවීන් විශාල ගැටළුවකට මුහුණ දී සිටියා. නමුත් මට හැකිවුණා සියළුදෙනාගේ සහයෝගයෙන් එම යළ කන්නය 2018 දී සාර්ථක කරන්න.

මෙවරත් එම කටයුත්ත අද පටන්ම ආරම්භ කිරීමට මම සූදානම්. ගොවියෝ නැවත වරක් කුඹුරට කැඳවන වගාබිම් සරුකළ යුතු, ජනතාව කුසගින්නේ නොතබන වැඩපිළිවෙලක් මම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අතිගරු ජනාධිපතිතුමාත්, ගරු අගමැතිතුමාත් මා කෙරෙහි තැබූ විශ්වාසය සුරකින බව මම ප්‍රකාශ කරනවා.

මාධ්‍ය ඒකකය
කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

25,710 views

9 Comments to “එන කන්නය වැරදුනොත් සාගතයක් එනවා..- කෘෂිකර්ම ඇමති වැඩ අරඹමින් කියයි..”

  1. Lalla says:

    කාබනික මේනියාවට 20 සංශෝධනයට අත උස්සපු කිසිම කෙනකු අහිංසක නෑ. ජනපති තමන්ගේ ප්‍රතිරූපය ගොඩ දාගන්න ලෝකය ඉදිරියේ ලංකාව විහිලුවක් කල කාබනික මේනියාවෙන් ගොඩ එන්න තව අවුරුදු තුනක් වත් යන්න ඕන. පොල් වගාවට පොහොර නැතිව ගෙඩි නෑ.තියෙන ඒවත් කුඩායි. තේ වගාව විනාශ වෙලා.වෙලඳ පොල වෙන රටවල් අල්ලාගෙන….

    • JANATHAWA says:

      It is the utmost responsibility of the new minister of foods and his officials to start immediately an islandwide program to encourage ( and incite ) people to cultivate food crops including yams like manioc , sweet potatoes etc. in their lands, just as people did to a certain extent in 1970 .Otherwise people will not have even Bajiri ( as did during world war 2) to eat in the near future.At the same time , the politicians should set examples to the general public , by abandoning their luxurious life styles and cutting down unnecessary exhibitory expenditure at the functions etc. “ SIYA RATA DE ,SIRI SAPA DE”

  2. Damith says:

    කාබනික නඩලම ප්‍රවර්ධනය කල පාහර පාවාදෙනියා GMOA එකෙන් පන්නා දැමූ වෛද්‍යවරුන්ට අපේ උපහාරය. දැන් නැවතත් ජනතාව ඔබ සමග සිටිනු ඇත.

  3. dev says:

    අඩු තරමේ ගෙවතුවල වගා කරන්න පුලුවන් දේශීය අල වර්ග promate කරපල්ලා .

    ..ගොවිතැන දැන් පොහොර ..බෙහෙත් ඉන්දන වියදම් නිසා දැන් නැති බන්ග වෙලාවෙලා..

  4. කුරේ සහ මරේ says:

    කෘෂිකර්ම උපාධි සහ පශ්චාත් උපාධි සහිත ව්ද්‍යාර්තීන් දහස් ගානක් ඉන්න ලන්කාවෙ කාබනික කෘෂිකර්මය පිලිබඳව උපදෙස් අරගත්තේ සටකපට ශ්‍රමණ වේශධාරියකුගෙන් සහ වෛද්‍ය වරයෙකු වීම නිසා ඔලුව උදුම්මවාගත් උන්මත්තකයෙකුගෙන්. ඊලඟට ඒක සම්මත කරේ පී බී ජයසුන්දර ගේ අඹ වගාව ආදර්ශයට අරගෙන. කොයි එකා කෘෂිකර්ම ඇමති කම් අරගත්ත උනත් මොලේ මඤ්ඤං වෙලා නම් ඉතින් රටටම අබ සරණයි. දැන්වත් විශේෂඥ උපදෙස් පිලිපදින්නට ඉගෙන ගනිල්ලා. මේ කියන්නේ අනුර කුමාර ගොන් වස්සාටත් එක්කයි. ඌ හිතාගෙන ඉන්නේ උගේ රස්තියාදු කාරයෝ සහ නූගත් අනුගාමිකයන් පාවිච්චි කර බලයට ඇවිත් රටටම කෙලවන්නමයි.

  5. චන්ද දායක says:

    ඔබ පතෝල කරලක් බව වගකීමෙන් ප්‍රකාශ කරනවා.

  6. 3% ට බය බයියා. says:

    ඕක කියන්න ද ඇමති මස් කට්ට ගත්තේ ?

  7. parrot says:

    APITA KIYANNE AYI ……UMBA AMATHI NAM PILIYAMA KARAPAN

  8. වැඩ මිස කථාව නොව says:

    අනාවැකි සහ කථා පවත්වන්නෙ නැතිව ඉලක්කයකට වැඩ පැවරීම සහ වැඩ කිරීමයි අවශ්‍යය. ආණ්ඩුවෙ ඉන්න ඇමතිලා, ලේකම්ලා, සහ සියළු නිලධාරි පුරුදුවෙලා තියෙන්නෙ කේක් , කිරිබත් කාලා තේ බීලා පැය ගණන් මීටින් තියන්න තමයි. කාලයත් සමග ඉලක්ක සපුරා ගැනීමට වැඩ කරන හැටි පෞද්ගලික අංශයෙන් ඉගෙත යුතුයි. ලොක්කන්ට වැඩ දන්නෙ නැතුව සොක්කො ගැන කවර කථාද. ජනතාවට තමන්ගෙ ප්‍රශ්න කියලා අඩන එක ඔය කොයි ඇමතියත් නැවැත්විය යුතුයි. මොකද ඒ අය ජනතාවට උත්තර හොයන අය මිස තම බැරියාව ඇඩියාව කීම පලක් නොවේ.

Main News