එන ඡන්දෙට මහින්ද ගම්පහින්.. බැසිල් කොළඹින්..?

January 25, 2020 at 1:20 pm | lanka C news
එන ඡන්දෙට මහින්ද ගම්පහින්.. බැසිල් කොළඹින්..?

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

දැනටමත් මේ සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලඥයන්, ආගමික නායකයන් ඇතුලු පිරිස් අගමැතිවරයා සමග සාකච්ඡා කර ඇති බවද වාර්තා වෙයි.

මහින්ද රාජපක්ෂ මහතා 2015 මහමැතිවරණයේදී තරග කරන ලද්දේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කිරීමට සූදානමක් ඇති බවයි.

ඒ සඳහා ඔහු මේ වන විට තම ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇති බවද එම වාර්තාවන්හි සඳහන්ය.

40 views

13 Comments to “එන ඡන්දෙට මහින්ද ගම්පහින්.. බැසිල් කොළඹින්..?”

  1. chamara says:

    Mahinda bayai colombo n illanna, sajith ta peradhunoth nondine

    • Saman says:

      දැන්නම් මහින්දට චන්දෙ දෙන්නේ ගෝට නිසා.

      • කැපුවත් කොල says:

        පාරම්පාරික යූඇන්පී කාරයන්වන අපි මින්පසු දිවි ඇතිතෙක් යූඇන්පීයට ඡන්දය නොදෙන අතර පොහොට්ටුවෙන් තරඟ කරන සියලු දෙනා ඉහලින්ම දිනවීමට සැදී පැහැදී සිටිමු.

    • kawinda says:

      sajithta colambath behe hello.

      • මාතර සුනිල් says:

        සජියා මිනිහාගේ ආසනය වන තිස්සමහාරාමයත් බර ගණනකින් පැරදුනා නේද?

    • ආර්‍යාව says:

      සජිත්ට පැරදුනොත් පැරදෙන්නෙ හොඳම Joker තේරීමේ තරඟයෙන් තමයි.

  2. Saradiel says:

    ජය පතමු

    • Kadiya says:

      ඩීල් චෝදනාව ගලවාගත්තොත් මහින්ද රාජපක්‍ෂ අගමැති තුමා ශ්‍රී ලංකාවේ ඉහලම මනාප ලබාගන්නවා සහතිකයි. සිරිසේන, රනිල්, රාජිත, චම්පික, මලික්, සජිත්, නිමල් සිරිපාල, දුමින්ද දිසානායක, කිරිඇල්ල, රිෂාර්ඩ් කරා කියන හොරකම් සහ දුෂණ එක්කෝ අධිකරණයට ගෙනෙන්න, නැතිනම් ඒ කරපු චෝදනා බොරුයි කියන්න. නැතිව නිහඬව මේ තත්වය කළමණාකරණය කරගත නොහැකියි.

  3. Kalana says:

    Mahindhata dhenne nee, wedak nee, Madrasa, Halal, Wiwaaha, Campus, oya wage dhewal dhola pidheni dheela rata kaala iwarayi.

  4. Sam Fernando says:

    It’s better that MR is contesting from Gampaha.
    His popularity is deteriorating in Kurunegala.

  5. Aurora says:

    හම්බන්තොට වරාය ජාතියට අහිමිකර කොමිස් ලබාගැනීම, මහබැංකු වංචාව, රාජිතගේ, චම්පිකගේ, මලික්ගේ, සජිත්ගේ, නිමල් සිරිපාලගේ, දුමින්ද දිසානායකගේ, කිරිඇල්ලගේ, රිෂාර්ඩ්ගේ හොරකම් සහ දුෂණ ගැන 2019 දක්වා කරපු කථා අමතක කරලද 2020 පාර්ලිමේන්තු චන්දෙට සුදානම් වෙන්නේ. පොහොට්ටුවට චන්දෙ දුන්න බහුතරයක් යහපාලන රජයේ බලතල හෙබවූවන්ගේ ප්‍රසිද්ධ අපචාර ක්‍රියා සහ හොරකම් වංචාවලට එරෙහි නීත්‍යානුකුල පියවර ඊළඟ මැතිවරණෙට පෙර ගනු ඇතැයි අපේක්ෂා කරති. එසේ නොවුවහොත් එහි අනිටු ප්‍රථිපල විඳීමට සිදුවන්නේ මහින්ද රාජපක්‍ෂ අගමැති තුමාටය.

  6. Amda says:

    Gampaha is the best place for Mahinda. Paba won too with large majority in Gampaha. .

  7. Sam says:

    Mahindra kiyapu horu allanakam chandaya KAL dala horu allala edimu

Main News