එන ඡන්දෙදි කොම්පියුටර් ජිල්මාට් එකකට සුදානමක්..?

January 14, 2020 at 12:40 pm | lanka C news
එන ඡන්දෙදි කොම්පියුටර් ජිල්මාට් එකකට සුදානමක්..?

ඉදිරි මහ මැතිවරණයේ දී රජය විසින් කොම්පියුටර් ජිල්මාට් එකක් කිරීමට සූදානමක් ඇති බවට සැක පහළ වෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සඳහන් කරයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහෝදරයෙකු වූ වසන්ත දේශප්‍රිය මහතා හා මැතිවරණ කොමිසමට මැතිවරණවලදී පරිඝණක මෘදුකාංග සපයන සමාගමක හිමිකරුවකු වුණ සංජීව වීරරත්න මහතා තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරුන් ලෙස පත්කිරීම හේතුවෙන් මෙම සැකය මතුවන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මීට පෙර පැවති මැතිවරණ වලට කොළඹ විශ්වවිද්‍යාලය විසින් පරිගණක මෘදුකාංග සැපයුම සිදුකළද බවත් එහි ගැටළුවක් නොවූ බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

මෙවන් පසුබිමක් තුළ ඉදිරි මහ මැතිවරණයේදී කොම්පියුටර් ජිල්මාට් එකක් සිදුවීමට වැඩි ඉඩක් ඇතැයි ද ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ සිරිකොත එජාප මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

188 views

18 Comments to “එන ඡන්දෙදි කොම්පියුටර් ජිල්මාට් එකකට සුදානමක්..?”

  1. උපාසක says:

    නියත පරාජයෙන් ඇග බේරගන්න දැන්මම මොනව හරි කියලා තියන එක හොදයිනේ ආයිබෝවං

  2. Dr Nalin says:

    මහින්ද දේශප්‍රිය and අසුචි මාරසිංහ are friends. මහින්ද දේශප්‍රිය මහතාගේ සහෝදරයෙකු වූ වසන්ත දේශප්‍රිය මහතා හා මැතිවරණ කොමිසමට මැතිවරණවලදී පරිඝණක මෘදුකාංග සපයන සමාගමක හිමිකරුවකු වුණ සංජීව වීරරත්න මහතා තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරුන් ලෙස පත්කිරීම setup by අසුචි මාරසිංහ for future use.

    He talk like this to cover his setup.

  3. sw says:

    අසූචි මාරසින්හයට මැතිවරණ කොමිසම නඩු දැමියයුතුයි .මුන්ට නවාගන්න බැරිවුණේ මැතිවරණ කොමිසම විතරයි .එත් අර දූල් කියලා එකෙක් දාල නමාගන්න හැදුවා .මූ ඊළග සැරේ ගෙදර .කොයිවෙලාවේ හරි සජියගේ උන් මූට නෙළනවා ගූ යන්න .

  4. ඇත්ත යථාර්ය says:

    නිකම් ‌බොරු නැතිව ඉන්න මහතමයා පරදින එක නියත නිසා ‌‌‌‌බොරු නැතිව ඉන්න.

  5. Rosh says:

    ඔය ආශු කියන පරයා තමයි 2015 ජනාධිපතිවරණයේදී කම්පියුටර් ජිල්මාට් කරපු එකා, මු හිතාගෙන ඇති රටේ මිනිස්සු මේවා දන්නෑ කියලා.

  6. බිල්ල says:

    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණෙන් වෙන වෙනම චන්දෙ ඉල්ලුවම ලැබෙන ප්‍රථිපලය;
    1. පොහොට්ටුව,
    2. සජිත්
    3. TNA ,
    4. මුස්ලිම් පක්‍ෂ
    5. රනිල්ගේ අලියා
    6. JVP
    7. සිරිසේනගේ පුටුව.
    හැබැයි ආප්පයට ඔය චන්ද ප්‍රමාණයත් වැඩියි.

Main News