එන ඡන්දෙන් එජාපය ආසන 75ක් ගත්තොත් මගේ වම් කණ කපා දානවා..- මුතුහෙට්ටි ඔට්ටුවක් අල්ලයි..
February 11, 2020 at 1:20 pm | lanka C news
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ආසන 75ක් ලබාගතහොත් තමන් තමන්ගේ වම් කන කපා දමන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂය පවතින අර්බුදය මත ආසන 75 කිසිසේත්ම ලබාගත නොහැකි බවද ඔහු සඳහන් කළේය.
උපරිම වශයෙන් එජාපය මෙම මැතිවරණයෙන් ලබාගන්නේ ආසන 60ක් පමණ බව තම තක්සේරුව යැයිද ඔහු පැවසීය.
ඔහු මෙම අදහස් පළකරන ලද්දේ ගාල්ලේ තම නිවසේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අද සජිත් ප්‍රේමදාස මහතාට නව සන්ධානයේ නායකත්වය ලබා දුන්නද ඔහුට එක්සත් ජාතික පක්ෂය තුළ කිසිදු බලයක් ලබාදී නැති බවද එනිසා ඔහුට විරුද්ධ කණ්ඩායම සිටින්නේ පක්ෂය තුළම බවද ඔහු කියා සිටියේය.
ඔයත් ඉතින් ගෙදර .. සිරිසේනගේ රූකඩයක් තම ඉතින් මේ…
ඊලග චන්දයේදි ජනතාව තොගේ කන පලනව සිකුරුයි.
කණ නෙමේ උඹේ බෙල්ල කපාගන්නව කරනවනම් කොච්චර අකැමැත්තෙන් උණත් UNP එකට 75 කට වැඩියෙන් අරන් දෙනවා.
මූ හිතාගෙන ඉන්නෙ ලබන පාර පාර්ලිමන්ට් එන්න වගේ. පව්
සුළු ජාතීන්ට වඩා විරුද්ද පක්ෂයේ නායක කම ගන්න පුලුවන් වේවි