එන ඡන්දෙන් දිනලා මං අගමැති වෙනවා.. මේ එන්නේ සජිත් පේ‍්‍රමදාසගේ කාලයයි.. අලුත් ගැම්මකින් ඉදිරියට යනවා..

January 1, 2020 at 3:00 pm | lanka C news
එන ඡන්දෙන් දිනලා මං අගමැති වෙනවා.. මේ එන්නේ සජිත් පේ‍්‍රමදාසගේ කාලයයි.. අලුත් ගැම්මකින් ඉදිරියට යනවා..

ඉදිරි මහ මැතිවරණයේදී පුළුල් සන්ධානයකට නායකත්වය දෙමින් තරඟ කර ජයග්‍රහණය කිරීමට තමන් සූදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

දැන් ඇවිත් තිබෙන්නේ සජිත් ප්‍රේමදාසගේ කාලය බවද පැවසූ ඔහු අලුත් ගැම්මක් තුළින් ඉදිරියට යන්නට සැදී පැහැදී සිටින බව ද සඳහන් කළේය.

විපක්ෂයක් වූ පමණින් සියල්ලට විරුද්ධ නොවන බවත් හොඳ දේවල් වලට පක්ෂ වන බවත් ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමිනි

153 views

24 Comments to “එන ඡන්දෙන් දිනලා මං අගමැති වෙනවා.. මේ එන්නේ සජිත් පේ‍්‍රමදාසගේ කාලයයි.. අලුත් ගැම්මකින් ඉදිරියට යනවා..”

  1. Gadu Guda says:

    What a joker !

  2. Saradiel says:

    අලිවලිගේ එල්ලී දෙව්ලොව යන්නට උත්සාහ ගත එදා ගමරාල බිම වැටී චප්ප චුරුප්පන් වුනේය. මේ කතාව සජිත්ට ගැලපෙනවා

  3. බිල්ල says:

    මේ සැරේ සජිත්ට ගංජා සුරුට්ටුවක් වැඩිවෙලා වගෙයි, නැතිනම් මේ ජාතියේ කථා කියයිද?

  4. දැයට හිතැති says:

    පාර්ලිමන්ට් ජෝක්ස් සීසන් 2 දැන් පෙන්වනවා හි…. හි…. හි… හි…

  5. Sarath Bulathsinghala says:

    ගිර⁣වෙක් වගේ පරණ කැඩිච්ච තැටියම නැවත නැවත කීමට සෑදී පැහැදී ඉන්නවා.

    මේ අඳ බාලයා මොන කරුමෙට හරි ජනාධිපති වුනානම් ඉඳලා ඉවරයි!

    නිසාචර බස්සා ලකුණෙන් ඉදිරියේදී තරඟ කරනු ඇත!

Main News