එන ඡන්දෙන් පැරදිලා ගෙදර යන්න වෙයි… ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට යන්නවත් බැරිවෙයි..- මැදගොඩ හිමි..

January 11, 2021 at 3:27 am | lanka C news
එන ඡන්දෙන් පැරදිලා ගෙදර යන්න වෙයි… ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට යන්නවත් බැරිවෙයි..- මැදගොඩ හිමි..

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ආයෝජනයේ නාමයෙන් හෝ ඉන්දියාවට නොදිය යුතු බව පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියෝ පවසති.

අද අයෝජනය යයි කියාගෙන එන්නේ විකිණීමට කියන තවත් නමකින් බවද උන් වහන්සේ පැවසූහ.

එකී ආයෝජනයට යෝජිත ඉන්දීය අදානි සමාගම ඉන්දියාවේ මුම්බායි වරායද වැට්ටවූ සමාගමක් යයිද එහිමියෝ කියා සිටිති.

අද ඩොලර් කාක්කන් පිරිසක් ජනාධිපති වටලාගෙන සිටින බවත් ජනාධිපතිගේ ගෞරවය නැති කරන බවත් උන් වහන්මේ පැවසූහ.

මෙම ඩොලර් කාක්කන් නිසා එන ඡුන්දෙන් පැරදිලා ගෙදර යන්න පමණක් නොව ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට ගොස් ඡුන්දයක් ඉල්ලන්න බැරි වනු ඇතැයිද උන් වහන්සේ කීහ.

මාධ්‍ය හමුවක් අමතමින් එහිමියෝ මෙම අදහස් පල කලහ.

53,556 views

28 Comments to “එන ඡන්දෙන් පැරදිලා ගෙදර යන්න වෙයි… ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට යන්නවත් බැරිවෙයි..- මැදගොඩ හිමි..”

  1. Maha sinhale says:

    රට විකුණන් කන වසලයන් රටින් පන්නමු.

  2. Sirisena Yatawara says:

    I wanted ours Buddhist Monks followed by Middle Path was thought by Lord Buddha 2600 years ago. Well Island politics in incoming century is very complex matters in locally and globally .We as nation has to go long way of Development of Economic and Democracy of Politics our Island.There are many unfinished tasks ahead of US. …invisible task ahead before our people of Island.

  3. Sirisena Yatawara says:

    In fact last 72 years after independence-1948 many political parties, classes and National forces has some few GOOD points ,bad delivered are many in deeds .We have address our civilization been turn into New Nation has to long-term vision by New Politics Force and its class having tremendous task ahead ……..@

  4. Jagath says:

    දැන්ද ඕවා පෙන්නේ හාන්ඳු රුවනේ??

  5. saman says:

    හැමදාම මුන් කලේ ඒක, වාසි ගන්න ආණ්ඩු හදන්න උදවු කරනවා වාසි ගන්නව, මිනිසුන්ට එපා වෙල බව තේරුනාම බොරුවට බනිනවා.

Main News