එන ඡන්දෙන් පැරදිලා ගෙදර යන්න වෙයි… ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට යන්නවත් බැරිවෙයි..- මැදගොඩ හිමි..

January 11, 2021 at 3:27 am | lanka C news
එන ඡන්දෙන් පැරදිලා ගෙදර යන්න වෙයි… ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට යන්නවත් බැරිවෙයි..- මැදගොඩ හිමි..

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ආයෝජනයේ නාමයෙන් හෝ ඉන්දියාවට නොදිය යුතු බව පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියෝ පවසති.

අද අයෝජනය යයි කියාගෙන එන්නේ විකිණීමට කියන තවත් නමකින් බවද උන් වහන්සේ පැවසූහ.

එකී ආයෝජනයට යෝජිත ඉන්දීය අදානි සමාගම ඉන්දියාවේ මුම්බායි වරායද වැට්ටවූ සමාගමක් යයිද එහිමියෝ කියා සිටිති.

අද ඩොලර් කාක්කන් පිරිසක් ජනාධිපති වටලාගෙන සිටින බවත් ජනාධිපතිගේ ගෞරවය නැති කරන බවත් උන් වහන්මේ පැවසූහ.

මෙම ඩොලර් කාක්කන් නිසා එන ඡුන්දෙන් පැරදිලා ගෙදර යන්න පමණක් නොව ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට ගොස් ඡුන්දයක් ඉල්ලන්න බැරි වනු ඇතැයිද උන් වහන්සේ කීහ.

මාධ්‍ය හමුවක් අමතමින් එහිමියෝ මෙම අදහස් පල කලහ.

53,592 views

28 Comments to “එන ඡන්දෙන් පැරදිලා ගෙදර යන්න වෙයි… ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට යන්නවත් බැරිවෙයි..- මැදගොඩ හිමි..”

  1. Be united says:

    රට අරාජික කරන බලවෙග හොදින් එකමුතු වී ඇත. ඒ වෙනුවෙන් මුදල් ගංගාවක් හරවා ඇත. සිහලුනි අප දුරදිග නොබැලුවොත් ඔබෙ දරුවන්ට තවෙකුගෙ කක්කුස්සි සෙදීමට සිදුවිය හැකිය. අප තොරා ගත යූත්තෙ වඩාත් හොදම විකල්පය මට.

  2. KING says:

    ඔබ වහන්සේ නිවරදියි
    විදිලි බල මණ්ඩලය මංකොල්ලා කන
    ltl එකේ හොර නඩය ගැන කිසිම සද්දයක් නැ

  3. TOP says:

    බැසිල්ගේ හීන තම ක්‍රියාත්මක වෙන්නේ.
    මහින්ද කියන පුද්ගලයාට 225ම ලැබුනත් මදි.
    225ම ලැබුනොත් තව 225ක් හදල එකෙන් එක එකා ගන්නවා ඉල්ලන දේවල් දීලා

  4. Alapaluwa says:

    මටත් V8 එකක් ඕන.
    😂😂😂

  5. Dp says:

    Either there is no admin on this site..or he is never awake..comments with obscene and vulgar language should not be published or most will lose interest in this site.

  6. Open mind says:

    සිවුරු පසෙකලා කළ හරියට ප්‍රතිලාභ මදියි ද මංදා.

  7. Polar Bear says:

    අවසරයි අපේ හාමුදුරුවනේ, දැන් මේකේ ඉන්න බයියෝ ඔබවහන්සේගේ පලු අරීවී. මේ ලියන මම එකට හොද උදාහරණයක්, 2001 UNP කාලේ රනිල් කියන තකතීරුවා ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට දෙන කොට අපි රනිල්ගේ අම්ම මතක්කරල බැන්න, ඒ තකතීරුවම හම්බන්තොට චීනෙට දෙනකොටත් අපි උන්ට හෙන ඉල්ලුව. ඒ කලේ අපි මරගත්තේ ටොයිටෝ එක්ක මේ රට වෙනුවෙන්. අද අපිට මරාගන්න වෙලා තියෙන්නේ බයිටෝ එක්ක කොළඹ වරාය මතු පරපුරට රැක දෙන්න. රටට හෙන ගැහුවත් තමන්ගේ පක්ෂේ පාට වලට මුල්තැන දෙන්න එවුන් දේශද්‍රෝහියෝ උන් බයියෝ උනත් ටොයියෝ උනත් ජෙප්පෝ උනත් අපිට ලොකු නෑ

  8. B4 UNP now Gota says:

    දිලි call එකක් දීලා කියයි ආතල් එකක්‌ ගමු කියලා.

  9. දුටුගැමුණු says:

    මහණවුනා නම් භික්ෂූන් වහන්සේ නමක් ලෙස බනක්, භාවනාවක් කරගෙන නිවන් දකින්න වීරිය කරන්නේ නැතිව දේශපාලකයන් ට කඩේ ගොස් ඇත්ද කෙලෝගත්තා !

  10. බොච්චන් says:

    අනේ හාමුදුරුවනේ,
    රට ඇතුලේ කපටිි ව්‍යාපාරිකයෝත් අපේ නායකයෝ අන්දන ඒකේ ලෝක බැංකු, මුල්‍ය අරමුදලේ හෝ චීන්නුන්ට ඔ්වවා සුලු වැඩ.
    දැන් ඉන්දියන් අයත් අන්දනවා. බහුතරය නූගත් අයනේ. පලමුව ඉස්කෝලේ යවන්න ඔ්නේ රට කරවන්න කලින්.

Main News