එන ඡන්දෙන් සුපිරි ජයග‍්‍රාහකයා මහින්දයි.. දරුණුම පරාජිතයා මෛත්‍රීයි.. අලූත්ම සමීක්‍ෂණ වාර්තාව මෙන්න..

December 8, 2017 at 10:00 am | lanka C news
එන ඡන්දෙන් සුපිරි ජයග‍්‍රාහකයා මහින්දයි.. දරුණුම පරාජිතයා මෛත්‍රීයි.. අලූත්ම සමීක්‍ෂණ වාර්තාව මෙන්න..

2015 ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා හංසයාගෙන් ජනාධිපතිවරණයට තරග වැද 6 වෙනි විධායක ජනාධිපති ලෙස පත්වනුයේ එවකට පොදු විපක්ෂයේ සියලුම ඡන්ද එකතුව ලක්ෂ 62 ක් ලබාගනිමිනි. මේ සඳහා ප්‍රධාන විපක්ෂ වූ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛව එජාප, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ සංධානය, රවුෆ් හකිම්ගේ මුස්ලිම් කොන්ග්‍රසය, රිෂාඩ්ගේ පක්ෂය ඇතුළු විවිධ කුඩා පක්ෂ රාශියකගේ එකතුවෙනි.

එහෙත් මෙවර පලාත් පාලක මැතිවරණයේදි එදා මෛත්‍රී ජනාධිපති කරන්න එක් වු 62 ලක්ෂය ප්‍රකාශ කොටස් 5 කට වඩා වැඩි ගනනකට කැඩි ගොස් වෙනමම ලබන පලාත් පාලන මැතිවරණයට තරග කරයි. ඒ අනුව එම 62 ලක්ෂයේ 70% පමණ හිමිකම් කියන අගමැති රනිල් මෙවර අලියා ලකුණින් තරග වදි.

ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ සංධානය පමණක් නොව 2015 ජනවාරියට පෙර මහින්ද සමඟ ආණ්ඩුවේ හිද අමාත්‍ය ධූරයන් දරා මෛත්‍රී සමඟ මහින්දට විරුද්ධව ජනාධිපතිවරණය මෙහෙය වු දොස්තර රාජිත සේනාරත්න, චම්පික රණවක,වසන්ත සේනානායක පමණක් නොව නවීන් දිසානායක වැන්නන් අද එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් තරග වදි.

ඒ අනුව මෙවර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තම ඡන්ද ලක්ෂ 62 ක අයිතිය නියම උරුමක්කාර පක්ෂවල භාරදිමෙනි. එහෙත් ශ්‍රිලනිප නායකත්වය සහ පක්ෂ ඔහුට හිමිව ඇති බැවින් මහින්ද එදා ගත්ත 58 ලක්ෂයේ යම් ඡන්ද ප්‍රමාණයක් හිමි විමේ අවස්ථාවක් ඔහුට ඇත.

එබැවින් 2015 ජනවාරියේ දි මෙරටේ 62 ලක්ෂයක ඡන්දය හිමි වු විධායක ජනාධිපති ලබන පෙබරවාරියේ සිට ලක්ෂ 5-8 ක පමණ ඡන්දයක් හිමි පක්ෂයක ජනාධිපතිවරයා බවට පත්වනු ඇත. මේ සම්බන්ධයෙන් රටේ විශාල ජනමතයක් නිර්මාණය වීම කිසිවෙකුටත් වැලැක්වීමට නොහැකිය, මෙය සමාන කල හැක්කේ සරත් ෆොන්සේකාගේ ඡන්ද පදනමටයි. ඒ ඔහු 2010 ජනාධිපතිවරණයේදි හංසයා පක්ෂයෙන් පොදු විපක්ෂය නියෝජනය කරමින් ඡන්දය ලක්ෂ 40 ක් ලබා ගත්හ, එහෙත් 2015 අගෝස්තු මහා මැතිවරණයේ දි තනිවම තරග කොට එම පදනම ඡන්ද 15000 ක් දක්වා ඉතා අඩු මට්ටමකට පහත දමා ගනිමිනි.

එහෙත් මහින්දගේ කුලුදුල් දේශපාලන පක්ෂය වන ශ්‍රීලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මෙරටේ උතුරු නැගෙනහිර මෙන්ම කොළඹ නගර සභවා වැනි බහුතරය සුළු ජාතින් සිටින ප්‍රදේශවල අඩු බලයක් හිමිකර ගත්තත් සමස්ථ රටේ ජනතාව සිංහල විශාල පිරිසක් සිටින බැවින් ආණ්ඩුවට විරෝධී සියලුම ඡන්ද සමඟ බහුතර පලාත් පාලන සංඛ්‍යාවක් කොට්ඨාස ක්‍රමයට ජයග්‍රහණය කරනු ඇත. ඒ එදා බණ්ඩාරනායක මහතා කරනු ලැබු 56 විප්ලවයට බොහෝ සෙයින් සමාන වනු ඇත.

ඒ අනුව ලබන පලාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය අනුව Top Gainer වැඩිම ප්‍රතිලාභියා මහින්ද රාජපක්ෂ වන අතර Bad Looser මෛත්‍රීපාල සිරිසේන වීම අනිවාර්යයෙන්ම වනු ඇත.

එමෙන්ම විජය පුවත්පත් සමාගමට අයත් “අද” පුවත්පත විසින් කරනු ලැබු සමීක්ෂණය අනුව “ශ්‍රීලංනිපයයි ඒකාබද්ධ විපක්ෂයයි එක්විය යුතුද?” යන්න ජනතා පිලිතුර 89% නැත යන්නත් 11% එක්විය යුතුය යන්න ය. ඒ අනුව අනිවාර්යයෙන් එම සීයයට 11% ඡන්දය ශ්‍රිලනිප ප්‍රමුඛව මෛත්‍රීට දුන්නත් එය ඡන්ද ලක්ෂ 6 නොඉක්මවනු ඇත. අදාළ සමීක්ෂණ ප්‍රතිඵලය දැක්වෙන සටහන මෙතනින්

සටහන – අන්තර්ජාලයෙනි

 

302 views

26 Comments to “එන ඡන්දෙන් සුපිරි ජයග‍්‍රාහකයා මහින්දයි.. දරුණුම පරාජිතයා මෛත්‍රීයි.. අලූත්ම සමීක්‍ෂණ වාර්තාව මෙන්න..”

  1. Sunil says:

    අනිවා UNP දිනනවා ඊටපස්සෙ මහින්දයාට තනි රෝදේ බයිසිකල් පදින්න පුළුවන්

  2. Anu says:

    Even in a critical situation Mahinda got 58 laks votes. At the moment Mahinda will get the majority of “Pavena Chanda”. So,Mahinda is having a good chance.

  3. Expat from North America says:

    Great news to Expatriate Sri Lankans who love Sri Lanka. We will come back with investments if this corrupted Yahapalanaya is gone for good.

  4. Wijebahu says:

    We dont want Percy and his hora family taking the power back.

  5. darmapala says:

    Mepaarath MaRa Malaaaaaaaa..Hu

  6. thilan says:

    Unp ekata lankawe thiyenne laksha 28 wada adu chanda padanamak. Mahindalata laksha 58 chanda padanamak thiyanawa. Meka thani pakshaye chanda. Mey chanda laksha 58 dadi mahindawadi slfp chanda. Unp wage pakshayak mahindath ekka chanda illanna onanam pahatha sandahan kondesi 3 sapuranna oney. 1.mahindage chanda adumatharame laksha 11 chandapolata nogihin inna oney.. 2.lankawe inna mahinda virodi laksha 5 ta wada chanda thiyanna okkoma paksha unp ekka ekathuwenna oney. 3.lankawe thiyana pavena chanda okkoma unp ekata wattenna oney. Slfp ekata chanda dinaneka pahasu wadak unp ekata eka ithamathma anaruwadak. Hethuwa unp hapenne thaman wage 200% chanda thiyana slfp ekka .meka hadawathin hithanna epa oluwen hithanna

Main News